එක එක්කෙනා ට එක එක හීන තියෙනවා මට තිබ්බ හීනෙ තමයි අපි ඉන්න ගෙදර වත්තෙ පළතුරු වත්තක් වගේ තියා ගන්ඩ ඉතින් අපි අළුත් ගෙදර ට ඇවිත් පෙබරවාරි welata අවුරුදු දෙකක් වෙනවා දැන් මගේ හීනෙ ගොඩක් ගස් වල පලතුරු. තනියම කන්නෙ නෑ ගෙදර එන අයට අහල පහල අයට දීලා කන්නෙ ඒක itath වඩා සතුටු දෙයක්.
මගේ වත්තෙ තියෙනවා.
රට අඔ
විලාඩ්
අල්පොන්සු
මී අඔ
පේර ගස් 5 ක්
ගස් ලබු ගස් 10 ක්
කොකෝවා
වෙරළු
බෙහෙත් නෙල්ලි
ජම්බු
ලොවි
ආත්ත
කටුකුරුදු
අලිගැටපේර
දොඩම්
දෙහි
සැතපිල්ලා
ලොකු වත්තක් නෙමේ eth මේ දේවල් වලට ලොකු ඉඩක් යන්නෙත් නෑ ඉතින් ඔයාලත් මෙහෙම හිටවන්ඩ.
තව කොස් ගහක් තියෙනවා. මුරුංගා ගස් දෙකක්. හැමෝටම සුබ දවසක්.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.


Comments
Post a Comment