𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ Korean foods recipes
රසවත්ම කොරියන් කෑම ගෙදරදීම හදාගන්න රෙසිපි ටිකක්
මහ රෑට කොරියන් ෆුඩ් වීඩියෝ බලන කෑම පෙරේතයන්ටමයි එහෙනම් මේ රෙසිපි ඔන්න.
1. කොරියන් රාබු අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු රාබු අල 3
ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 1/2
සීනි කෝප්ප 1/4
වෙනම සීනි මේස හැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
අබ තේ හැඳි 1/2
බේ ලීව්ස් 1
කෑලි මිරිස් ටිකක්
මුලින්ම රාබු වල පොතු ඉවත් කර පොඩි කෑලි කපා ගන්න. ඊළඟට මෙය පිරිසිදු, වියළි බෝතලයකට දාගන්න.
දැන් මැටි භාජනයක් අරගෙන විනාකිරි හා අනෙක් ද්‍රව්‍ය සියල්ලම දාලා ලිප තබා මිශ්‍රණය උතුරන විට ලිපෙන් ඉවත් කර ගන්න.
දැන් විනාකිරි මිශ්‍රණය රාබු දැමු බෝතලයට උණුවෙන්ම වත්කර ගන්න. ඉන්පසුව හොඳින් නිවෙන්නට තියලා තද වෙන්න වහලා ෆ්‍රිජ් එකේ දවසක් වගේ තියලා කෑමට ගන්න.
2. ෆිෂ් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
තලපත් හෝ කෙලවල්ලන් මාළු 500g
ඉස්සො ග්‍රෑම් 200
සුදුළූණු බික් 4
අමුමිරිස් කරල් 4
ඉඟුරු ටිකක්
චොප්කරගත් ළූණු ගෙඩි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
කෑලි මිරිස් තේ හැඳි 1
දෙහි යුෂ ටිකක්
කෝර්න්ෆ්ලා මේස හැඳි 1
බිත්තරයක්
තෙල් ටිකක්
මාළු සහ ඉස්සන් ටික හොඳින් සෝදා ගෙන පොඩියට කපාගන්න. කපා ගත්තු මාළු සහ ඉස්සන් බ්ලෙන්ඩ් කරගන්න.
ඒකට පොඩියට කපාගත් කරපිංචා, සුදුළූණු, අමුමිරිස්, ඉඟුරු හා ළූණු ටික ගන්න. ඒකටම ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස්, දෙහි යුෂ, කොර්න්ෆ්ලා ටිකක් හා බිත්තරය දාලා නැවත පේස්ට් එකක් වගේ එනකන් බ්ලෙන්ඩ් කරගන්න.
ඊළඟට ඒක පැතලි හැන්දක තුනී කරලා තව පැතලි හැන්දක් ආධාරයෙන් රෝල් කරමින් තෙලට දා ගන්න. මෙය බැද ගැනීමේදී මද ගින්නෙන් පිසගන්න. ඇලෙනසුළු ගතියක් තියෙනව නම් හැන්දට තෙල් ටිකක් ගාගන්න.
3. කොරියන් ෆ්‍රයිඩ් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන්
පිටි කෝප්ප 1/2
ලුණු කුඩු ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
බිත්තර 1
සෝස් එක සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය
සුදුළූණු බික් 3
ඉඟුරු ටිකක්
සෝයා සෝස් මේස හැඳි 2
කෙචප් මේස හැඳි 5
මී පැණි මේස හැඳි 2
Gochujang මේස හැඳි 1 (මේ වෙනුවට සිරාචා සෝස් හෝ චිලි සෝස් ගන්නත් පුළුවන්)
තෙල්
බෝල් එකක් අරගෙන ඒකට කපා ගත්ත චිකන් ටික එක් කරන්න. මේකට පිටි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, බිත්තර දාලා හොඳින් කලවම් කරන්න.
ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වුණාම චිකන් දාලා රන්වන් පැහැවන තුරු බැදගන්න. බැදගත් චිකන් නැවත වතාවක් බැදගන්න. (ක්‍රිස්පි ගතියට ගන්න ඕනා)
සුදුළූණු හා ඉඟුරු පොඩියට කපාගන්න. ඊළඟට වෙනම බෝල් එකක් ගෙන ඒකට කපාගත් ඉඟුරු, සුදුළූණු, සෝයා සෝස්, කෙචප්, මී පැණි, gochujang දාලා හොඳින් කලවම් කරන්න.
ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා සාදා ගත් සෝස් මික්ස් එක දාන්න. ඒකටම කලින් ෆ්‍රයි කර ගත් චිකන් ටික දාලා නැවත හොඳින් මික්ස් කර ගන්න. විනාඩි 5 කට විතර පස්සේ එය ලිපෙන් බාගන්න. කැමති නම් උඩින් තල ඇට ටිකක් ඉසගන්න.
4. Korean volcano steamed eggs
අවශ්‍ය ද්‍රව්‍ය
චොප්කරගත් ළූණු කොළ ටිකක්
බිත්තර 4
ලුණු පින්ච් එකක්
වතුර මේස හැඳි 6
තෙල් ටිකක්
බෝල් එකක් ගෙන ඒකට බිත්තර, ලුණු කුඩු, වතුර දාලා හොඳින් කලවම් කරන්න.
පෑන් එකක් අරගෙන අඩු ගින්නෙන් ලිපේ තියලා තෙල් දාලා, බිත්තර මික්ස් එක ඒකට දාන්න. හෙමින් කලවම් කරන්න. ඊළඟට මේකට කපා ගත් ළූණු කොළ එක් කරන්න. ඊළඟට එය පියනෙන් වහලා අඩුම ගින්නෙන් විනාඩි 3 ක් විතර පිසගන්න.
5. කොරියන් ස්ට්‍රෝබෙරි ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
ස්ට්‍රෝබෙරි ගෙඩි 12
කිරි කෝප්ප 2
සීනි තේ හැඳි 2
ස්ට්‍රෝබෙරි වලින් ගෙඩි 8ක් විතර චොප් කරගන්න. මේකට සීනි ටික දාලා කලවම් කරගන්න. ඒක වීදුරු බෝතලේකට දාලා පොඩියට කපා ගත් ස්ට්‍රෝබෙරි ටිකකුත් වෙනම උඩින් දාගන්න.
දැන් මේකට කිරි ටික දාගන්න. බෝතලේ වහලා හොඳට හොලවන්න. දැන් කූල් කරලා බොන්න ගන්න.
සැකසුම කෑමලෝකෙ ✍️
උපුටා ගැනිමකි ස්තුතියි මුල් අයිතිකරුට 🙏🙏
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.






Comments
Post a Comment