😊 Different Chicken Recipes Here
😊Andhra Chicken Curry
Ingredients
💗Chicken 500g
1 tablespoon chili powder
3 chopped onions
1/2 teaspoon crushed ginger
1/2 teaspoon crushed white onion
Pepper powder to taste
1/2 teaspoon mustard seeds
1/4 teaspoon turmeric powder
2 teaspoons coriander powder
1/4 teaspoon turmeric powder
3 crushed cardamom pods, 1 clove, a small piece of cinnamon and 1/2 teaspoon fenugreek seeds
1/2 cup grated coconut
Salt
❤️Heat 2 tablespoons of oil in a pan and add the mustard seeds and turmeric. Add the onion and garlic to it, add salt and saute well.
Once sauteed well, add turmeric, coriander and chilli. Add the chicken and mix well.
Add a cup of boiling water and add the crushed spices. Add the curry leaves, cover with a lid and cook on low heat for 20 minutes.
Add the grated coconut and cook for another 15 minutes. Sprinkle pepper on top and remove from the heat. Let it simmer for about half an hour and serve.
😊 වෙනස්ම චිකන් රෙසිපි එකාකමෙහෙ
😊ආන්ද්‍රා චිකන් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
💗චිකන් 500g
මිරිස් කුඩු මේස හැඳි 1
චොප් කරගත් ළූණු ගෙඩි 3
තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
තලාගත් සුදූ ළූණු ගෙඩි 1/2
ගම්මිරිස් කුඩු රස අනුව
අබ තේ හැඳි 1/2
උළුහාල් තේ හැඳි 1/4
කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
කහ තේ හැඳි 1/4
තලාගත් කරදමුංගු 3, කරාබු නැට්ටක්, කුරුඳු පොඩි කෑල්ලක් සහ මහදුරු තේ හැඳි 1/2
කරපිංචා
ක්‍රීම් එකක් ලෙස අඹරාගත් පොල් කප් 1/2
ලුණු
❤️වලඳක තෙල් මේස හැඳි 2ක් රත් වෙන්න හැර ඒකට අබ, උළුහාල් එක් කර බැදගන්න. ඒකටම ළූණු සහ සුදු ළූණු එක් කරගෙන ලුණුත් එක් කර හොඳින් තෙම්පරාදු කරගන්න.
හොඳින් තෙම්පරාදු වූ පසු කහ, කොත්තමල්ලි සහ මිරිස් එක් කරගන්න. එයට චිකන් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
එයට උතුරන වතුර කප් එකක් එක් කර තලාගත් කුළුබඩු ටික එකතු කරන්න. කරපිංචා එක් කර පියනකින් වසා විනාඩි 20ක් මද ගින්නේ පිසගන්න.
අඹරාගත් පොල් එක් කර තවත් විනාඩි 15ක් පමණ පිසගන්න. ගම්මිරිස් උඩින් ඉස ලිපෙන් ඉවත් කරගන්න. පැය භාගයක් පමණ නිවෙන්නට හැර පිළිගන්වන්න.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment