හුරුල්ලො මාළු මැල්ලුම ..
අවශ්‍ය දේවල් ..
🔸 හුරුල්ලන් මාළු 200 g
🔸 අලුත ගා ගත් පොල් කෝප්ප 1/2 ( පොල්වල සුදු පාට ටික
ගාලා ගන්න)
🔸 පොඩියට කොටු කපා ගත්ත පොඩි බී ළූණු ගෙඩියක්
🔸 චොප් කර ගත්ත අමු මිරිස් කරල් 3 - 4
🔸 චොප් කර ගත්ත සුදු ළූණු බික් 2
🔸 රම්පෙ කෑලි දෙකක් එක්ක කරපිංචා ටිකක්
🔸 ගම්මිරිස් කුඩු තේ හැන්ඳක්
🔸 කහ කුඩු තේ හැඳි 1/2
🔸 අමු තුනපහ කුඩු තේ හැඳි 1/2
🔸 පොල් විනාකිරි හෝ දෙහි ඉස්ම ටිකක්
🔸 පොල් තෙල් මේස හැඳි 2 - 3
🔸 රස අනුව ලුණු
හදන විදිය ..
🔸 මාළු ටික සුද්ද කරලා , කටු තියෙන උඩ කොටස හරහට ටිකක් වැඩිපුර කපලා දාන්න. ඊට පස්සෙ දෙකට හෝ තුනකට කෑලි කපන්න. දැන් මාළු කෑලි ටික බාජනයකට දාලා ඒකට , ලුණු කුඩු ,ගම්මිරිස් කුඩුවලින් තේ හැඳි බාගයක් , කහ කුඩුවලින් ටිකක් එක්ක විනාකිරි හරි දෙහි ඉස්ම හරි ටිකක් දාලා හොඳට අත ගාලා විනාඩි පහළොවක් විතර සීසන් කර ගන්න. ( මේකට දෙහි දානවට වඩා ගොඩාක් රසයී, විනාකිරි දැම්මාම. තියෙනවා නම් පොල් විනාකිරි පොඩ්ඩක්ම දාන්න)
🔸 ඊලඟට පෑන් එකක් ( මේකට පැතලි හොඳට ඉඩකඩ තියෙන පෑන් එකක් ගන්න.) අඩු ගින්දරේ ලිපේ තියලා , තෙල් ටික දාලා හොඳට රත් කරන්න. තෙල් රත් වෙද්දී සීසන් කර ගත්ත මාළු කෑලි ටික තෙල් උඩ අතුරන්න. දැන් සැරෙන් සැරේට දෙපැත්ත පෙරලලා මාළු ටික හොඳට බැද ගන්න..
🔸ඒ අතරෙ මාළු කෑලි ටික සීසන් කර ගත්ත බාජනයෙ ඉතුරු වෙලා තියෙන ගම්මිරිස් විනාකිරි මිශ්‍රණයටම ගා ගත්ත පොල් ටිකයි , ඉතුරු කහ කුඩු ටිකයි , ගම්මිරිස් කුඩු ටිකයි , අමු තුනපහ කුඩු ටිකයි , ලුණු කුඩු චූට්ටකුයි ( ලුණු දාද්දී පරෙස්සමින් . මොකද මාළුවලත් ලුණු තියෙනවා ) දාලා හොඳට අත තද කරලා අනාගෙන තියා ගන්න.
🔸 දැන් හොඳට බැදුණු මාළු කෑලි ටික පෑන් එකෙන් අයින් කරලා පිඟානකට දා ගන්න.ඊට පස්සෙ පෑන් එකේ ඉතුරු වෙලා තියෙන තෙල් ටිකට මුලින්ම රම්පෙයි කරපිංචා ටිකයි දාන්න.. ඊට පස්සෙ සුදු ළූණු , අමු මිරිස් එක්ක කපා ගත්ත බී ළූණු ටික දාලා විනාඩි දෙක තුනක් හොඳට තෙම්පරාදු කරන්න.
🔸 ඊලඟට මේ තෙම්පරාදුවට අනා ගත්ත පොල් ටික දාන්න. දැන් ඒ ටිකත් විනාඩි තුන හතරක් හොඳට මලව ගන්න.. දැන් මේකට බැද ගත්ත මාළු ටික දාලා හොඳට කලවම් කරලා තවත් විනාඩි කීපයක් ලිපේ තියලා , අන්තිමට දෙහි ඉස්ම පොඩ්ඩකුත් දාලා කලවම් කරලා ලිපෙන් බාන්න..
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment