function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
මගෙ පොලොස් එකේ රෙසිපි ඉල්ලපු අයට මේක..👍🤛 මුලින්ම පොලොස් ගෙඩිය සාමාන්‍ය කෑලිවලට කපාගෙන දියකිරි එකට දාගන්න.ඒකටම කහකුඩු ටිකකුත් දාන්න.ඊටපස්සෙ මැටි ඇතලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් උනහම තලාගත්තු ඉගුරු සුදුලූනු(ටිකක් වැඩිපුර)දාගන්න.ඊටපස්සෙ කපාගත්තු ලොකුලූනු ගෙඩියක්,කරපිංචා ඉති දෙකක කොල,රම්පෙ,තක්කාලි ගෙඩියක්,උලුහාල් ඇට ටිකක්,අබ ඇට ටිකක් දාලා රන්වන් පාට වෙනකන් බැදගන්න.සාමාන්‍ය ගානකට බැදීගෙන එද්දි බැදපු මිරිස් කුඩු බැදපු තුනපහ එකතු කරගෙන වැඩිවෙලා තියානොගෙන දියකිරි ටිකත් එක්කම පොලොස් ටික දාගන්න තෙලට.ඊටපස්සෙ කරපිංචා කොල ටිකක් දාගන්න,ගොරකා කෑලි 3ක් විතර,ලුනු ඔයාගෙ රස අනුව දාන්න.විනාඩි 5ක් විතර ඇරලා උයාගන්න.ඊටපස්සෙ විනාඩි 40ක් විතර වහලා උයාගන්න.ආයෙ ඇරලා හොදට තැම්බිලද කියලා බලලා මිටිකිරි දාගන්න.කිරිටික ගානකට හිදෙනකන් ලිපේ තියාගෙන ලිප ඕෆ් කරන්න.ඒත් ලිපෙන් බාන්න එපා ලිප උඩම තියාගන්න. ඔන්න ඔහොමයි මම හැදුවෙ..මන් හදපු විදිහෙ වැරදි අඩුපාඩු තීනවනම් යටින් අදහස් දාන්න.නොදන්න දෙයක් තිබ්බොත් මටත් ඒක හදාගතැහැකි...👍❤️

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු