නැති ලෙඩට බේත් නොකාපු ජාතියකට සුද්දා කල වින්නැහියක්...
අද බෙහෙත් කියන්නේ අපේ උන්දැලට ඇබ්බැහියක්.....
පුරාන හෙළයෝ බේත් කියලා වෙනම දෙයක් තම ජීවිත කාලය පුරාවටම ගත්තානං ඒ අල්ප වශයෙන් සැදෑ සමය පසු කරන්නෙකුට සෑදෙන අවේනික ලෙඩකටමය.
එතෙක් ඔවුනගේ බෙහෙත තමන් දෛනිකව ගත්තාවූ මේ , වන පලා- ගඩා ගෙඩි හෙලාවුලු පලතුරුමය
🔴 #දියවැඩියාවට
•••••••••••••••••••••••••••
අමු ඇඹරැල්ලා ගෙඩියක් ලෙල්ලත් සමඟ කපාගන්න. ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් එක්ක දිනකට එකක් පමණක් කන්න. නැත්නම් කාමරංකා ගෙඩියක් කපාගෙන ලුණු ස්වල්පයක් සමඟ කන්න.
🔴 ඇඟේ උෂ්ණයට
•••••••••••••••••••••••••••••
පිපිඤ්ඤා ගෙඩියක් එහි මදයත් සමඟ කපාගන්න. ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් ඉස දිනපතාම දවල් කාලයේ කන්න. පොත්ත පමණක් අරින්න. මදය එලෙසම ගන්න. මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක් දිනපතාම කන්න.
🔴 ගැස්ට්‍රයිටිස් වලට
•••••••••••••••••••••••••••••••
හොඳින් ඉදුණු මධ්‍යම ප්‍රමාණයේ වැලි ආත්තා ගෙඩියක් කපාගෙන කන්න. විශේෂයෙන් ලෙල්ල ආශ්‍රිතව ඇති කොටස හොඳින් සූරාගෙන කන්න.
🔴 දෑස් බොඳවීමට
••••••••••••••••••••••••••••
කුඩා කැරට් ගෙඩියක් හොඳින් සෝදන්න. සිවිය ඉවත් කරන්න එපා. ගෙඩිය පිටින්ම කන්න. දිනපතාම මෙය කරන්න.
🔴 මලබද්ධයට
••••••••••••••••••••••••
හොඳින් ඉදුණු බෙලි ගෙඩියකට සීනි ටිකක් දමාගෙන අමුවෙන් කන්න. අමු බෙලි ගන්න එපා. හොඳින් ඉදුණු ගෙඩියක්ම තෝරාගන්න.
🔴 බඩ පිපුමට
•••••••••••••••••••••••
කුඩා ඉඟුරු කැබැල්ලක් හොඳින් සුද්දකර සෝදාගන්න. පසුව එය කුඩා කැබලි වලට කපාගන්න. වරකට එක් කැබැල්ලක් මුවට දමාගෙන හපන්න. එහි සාරය බොන්න.
🔴 ඇඟ කැසීමට / පලු මතුවීමට
••••••••••••••••••••••••••••••••••••••••••••••
බත් කනවිට ළපටි පොල් ගෙඩියකින් ගාගත් පොල් ටිකක් බත් සමඟ කන්න. නැත්නම් සමපෝෂ වැනි දෙයක් අලුතින් ගාගත් පොල් සමඟ මිශ්‍රකර කන්න.
🔴 අධි රුධිර පීඩනයට
•••••••••••••••••••••••••••••••••
අමු බීට් ගෙඩියක් ගන්න. එය කැබලි වලට කපාගන්න. වරකට එක් බීට් පෙත්ත බැගින් අමුවෙන් කන්න.
🔴 ඇඟ පණ නැතිකමට
••••••••••••••••••••••••••••••••••
ඉදුණු අලිගැටපේර ගෙඩියක් පලාගන්න. එය හැන්දකින් ඩෙසට් එකක් සේ කන්න. දිනපතාම උදේ වරුවේ හෝ දවල් කෑමෙන් පසුව මෙය ආහාරයට ගන්න.
🔴 මලපහ පිටකිරීමේ දුබලතාවයට
••••••••••••••••••••••••••••••••••••••••
හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක් ගන්න. හොඳින් සෝදන්න. පෙති කපාගන්න. බත් සමඟ මේ අලුත් තක්කාලි පෙති කන්න. අවශ්‍ය නම් ලුණු ටිකක් ඉසින්න.
🔴 වයස්ගත ඇඟපත අමාරුවට
••••••••••••••••••••••••••••••••••••••••••
අලුත කපාගත් බී ළූණු ගෙඩියක් බත් සමඟ අමුවෙන් කන්න. වෙන කිසිම දෙයක් දමන්න එපා. බත් සමඟ අනාගෙන කන්න.
🔴 කාන්තාවන්ගේ මාසික වේදනාවට
•••••••••••••••••••••••••••••••••••••••••
අලුත කපාගත් අන්නාසි පෙති කිහිපයක් අමුවෙන් කන්න. මාසික ඔසප් වීම නිසා ඇතිවෙන යටිබඩ වේදනාවට ඉතාම හොඳයි.
🔴 අධික ලෙස මහන්සියි වීම නිසා ඇතිවන ඇඟපත අමාරුවට
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මහන්සිවෙන ක්‍රියාකාරකමකට පසුව ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න. හැකිනම් ඉන්පසුව උණුසුම් කිරි වීදුරුවක් බොන්න.
🔴 මලානික බවට
•••••••••••••••••••••••••••
ඇඟපත මලානික වී අධික අධික ලෙස අලසවෙන මොහොතක හොඳින් ඉදුණු රටඉඳි ගෙඩි හතර පහක් අමුවෙන්ම කන්න. හැකිනම් ඉන්පසු සීනි මුසුනොකළ තේ එකක් බොන්න.අනෙක් අයටත් දැනගන්න, යවමු..
🔴 උපුටා ගැනීමකි 🔥🔥✅✅
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment