චිකන් ඩෙවල් එකක් තමා මේ 🥰
මම මේක හැදුවෙ ලේසියෙන් තියෙන දේවල් වලින්. වීඩියෝ එක පේජ් එකේ තියනවා කැමති කෙනෙක්ට බලන්න පුලුවන් 🥰
අවශ්‍ය ද්‍රව්‍ය
🌷අවශ්‍ය ප්‍රමාණයට චිකන්
🌷ඉඟුරු
🌷සුදුළූණු
🌷සෝයා සෝස්
🌷තක්කාලි සෝස්
🌷ඔයිස්ටර් සෝස් (අත්‍යාවශ්‍ය නෑ)
🌷ලොකු ළූණු
🌷අමු මිරිස්
🌷මාලු මිරිස්
🌷ලුණු
🌷සීනි
🌷කෑලි මිරිස්
🌷කුඩු මිරිස්
🌷ගම්මිරිස්
🌷කහ
හදන විදිය කියන්නම්කෝ
🌷කපාගනිපු චිකන් එකට ලුණු, ගම්මිරිස්, මිරිස්කුඩු දාලා බැදගන්න.
🌷ඊට පස්සෙ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට තලා ගනිපු ඉඟුරු සුදුළූණු එකතු කරන්න.
🌷ඒ ටික බැදෙනකොට කෑලි මිරිස් ටිකක්, අමු මිරිස් එකතු කරගන්න.
🌷ටිකකින් සෝයා සෝස්, තක්කාලි සෝස්, තියනවානම් ඔයිස්ටර් සෝස්, සීනි, ලුණු එකතු කරලා වතුර පොඩ්ඩකුත් ඒකටම එකතු කරන්න.
🌷දැන් ඒ සෝස් එකට බැදගනිපු චිකන් එකතු කරලා හොඳට කවලම් කරලා රවුමට කපාගනිපු ළූණු, මාලු මිරිස් එකතු කරලා පොඩි වෙලාවක් ලිපේ තියලා ලිපෙන් අයින් කරන්න.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.


Comments
Post a Comment