function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🥐 මාළු බනිස් 🥐 බේකරියේ සුපර් ස්ටාර්.... අවශ්‍ය ද්‍රව්‍ය: 🐟 පාන් පිටි 275g (නීඩ් කිරීමට වෙනම 25-30g පමණ ) 🐟 යීස්ට් තේ හැඳි එකයි කාලක් 🐟 සීනි මේස හැඳි එකක් 🐟 කිරි පිටි මේස හැඳි 2ක් 🐟 ලුණු තේ හැඳි භාගයක් 🐟 බටර් හෝ මාගරින් මේස හැඳි 2ක් 🐟 මද උණුසුම් වතුර කෝප්ප භාගයක් 🐟 බිත්තරයක් (අවශ්‍යම නැහැ) සාදන ක්‍රමය: මුලින්ම කුඩා බෝල් එකකට මද උණුසුම් වතුර කෝප්ප භාගය දමා එයට යීස්ට් සහ සීනි එකතු කර හැන්දකින් මිශ්‍ර කරන්න. මෙය ආවරණය කර විනාඩි 10ක් පමණ පසෙකින් තබන්න. මෙමගින් අප ගන්නා යීස්ට් ක්‍රියාකාරී(active) ද යන්න දැන ගත හැකිය. 🔸 යීස්ට් මිශ්‍රණය පෙන දමා හොඳින් පිපී උඩට ඇවිත් තිබේ නම් එය ක්‍රියාකාරී වේ. 🔸 නැත්නම් එම යීස්ට් භාවිතා කළද බනිස් පිපෙන්නෙ නැත. එවිට වෙනත් යීස්ට් වර්ගයක් භාවිතා කළ යුතු වේ. දැන් ලොකු බෝල් එකක් ගෙන එයට පාන්පිටි (275g), බටර්, ලුණු, කිරි පිටි සහ ගසා ගත් බිත්තරය දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම පිටි මිශ්‍රණයට ක්‍රියාකාරී වී ඇති යීස්ට් දමා අනා ගන්න. වතුර ප්‍රමාණය මදි නම් තව මද රස්නෙ වතුර මේස හැඳි 2-3 ක් ඉතා පරිස්සමෙන් එකතු කරන්න. දැන් හොඳින් ඉඩකඩ ඇති පැතලි මතුපිටක බටර් ටිකක් තවරා, උඩින් පාන්පිටි ටිකක් ඉස, ඒ මත සාදා ගත් පිටි මෝලිය තබා සෙමින් සහ මෘදුව ඉදිරියට සහ පසුපසට අතින් තද කරමින් විනාඩි 10-12ත් අතර කාලයක් නීඩ්(knead) කරගන්න. පිටි මිශ්‍රණය අතේ ඇලෙනවා නම් ඉතිරි කරගත් පිටි ටික(25g) ඉස ගන්න. දැන් කලින් පිටි ඇනීමට භාවිතා කළ බෝල් එකේ තෙල් ස්වල්පයක් ආලේප කර අනාගත් පිටි මෝලිය එහි තබා තෙත රෙදි කැබැල්ලකින් (කිචන් ටවල් එකකින්) ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ තබන්න. --------------------------------------------------- 🔸 මේ වේලාවේදී පිරවුම සාදා ගන්න. --------------------------------------------------- පැයකට පමණ පසු පිටි මෝලිය දෙගුණයක් වී තිබෙනවා ඔබට පෙනේවි. දැන් මේ පිපුණු පිටි මෝලිය ගෙන අතින් ටිකක් තද කර වායු බුබුළු ඉවත් කර, සමාන කොටස් 8කට වෙන් කර කුඩා බෝල සාදා ගන්න. සාදාගත් බෝල නැවතත් විනාඩි 20ක් තෙත රෙද්දෙන් ආවරණය කර තබන්න. දැන් එක කුඩා බෝලය බැගින් ගෙන රෝලින් පින් එකක් ආධාරයෙන් රවුමට )සාමාන්‍යයෙන් පීරිසියක් තරමට) තුනී කරගන්න. සාදා ගත් පිරවුමෙන් මේස හැඳි 2ක් පමණ ගෙන එහි මැදට තබන්න. රවුමේ තුන් පැත්තෙන් මැදට නවා මාලු බනිස් හැඩයට සාදා බටර් ආලේප කළ බේකින් ට්‍ර්‍රේ එකක එකිනෙකට නොගෑවෙන්න හොඳ පැත්ත සිටින්න තබා, උඩින් නැවතත් තෙත රෙදි කැබැල්ලකින් ආවරණය කර, පෙර සේම උණුසුම් තැනක පැය භාගයක් පිපෙන්නට තබන්න. බනිස් ටික පිපෙන අවසන් විනාඩි 10දි පමණ අවන් එක සෙල්සියස් අංශක 180ට රත් කරගන්න. පැය භාගයකට පසුව බනිස් මතුපිට බිත්තර සාරු ආලේප කර පෙර උශ්නත්වයේම විනාඩි 15-20ක් බේක් කර ගන්න. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය සහ ගතවන කාලය වෙනස් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. බනිස් මතුපිට දුඹුරු පාට වනතුරු බේක් කර අවන් එකෙන් පිටතට ගන්න. අවසානයේ සාදා ගත් බනිස් මතුපිට දිය කර ගත් බටර් හෝ මාගරින් ටිකක් ආලේප කර තවත් විනාඩි 10ක් පමණ ආවරණය කර තබා කෑමට ගන්න. 🔸 පිටි කිරි නැත්නම් ඒ වෙනුවට මද උණුසුම් කිරි කෝප්ප භාගයක් ගන්න. රස මතක තියෙන තැන...

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු