function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🦈 වෙනසක් කරන්න මෙහම ෆිශ් කරී හදන්න.... 🦈 #ෆිශ් කරි 🦈අවශ්‍ය ද්‍රව්‍ය කැමති මාළු වර්ගයකින් ග්‍රෑම් 500ක් රතුළූණු ගෙඩි 10 සුදුළූණු බික් 3 ඉඟුරු කෑල්ලක් අමුමිරිස් කරල් 2 කරපිංචා ටිකක් කහකුඩු තේ හැඳි 1 මිරිස්කුඩු මේස හැඳි 1 කොත්තමල්ලි කුඩු මේස හැඳි 1 කපාගත් තක්කාලි ගෙඩි 1 දියකිරි කෝප්ප 2 ගොරකා ටිකක් දියකරගත් වතුර කෝප්ප 1/2 මිටිකිරි කෝප්ප ¾ 🦈තෙම්පරාදුව සඳහා උලුහාල් තේ හැඳි 1 සූදුරු තේ හැඳි 1/2 අබ තේ හැඳි 1 කපාගත් රතුළූණු ගෙඩි 1 කරපිංචා කිහිපයක් 🦈රතුළූණු, සුදුළූණු හා ඉඟුරු හො​ඳට ග්‍රයින්ඩ් කරගන්න. පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක එකතු කරන්න. අමුමිරිස් හා කරපිංචා ටිකත් එකතු කරගෙන මේ ටික හො​ඳට තෙම්පරාදු කරලා කහකුඩු හා මිරිස්කුඩු ටික එකතු කරන් කොත්තමල්ලි කුඩු ටිකත් දාගන්න. දැන් තක්කාලි ටික එකතු කරගෙන තක්කාලි ටික හොඳට චොප් වෙනකල් හැඳිගාන්න. ඉන් පස්සේ දියකිරි කෝප්ප 2 එකතු කරගන්න. ඊලඟට ගොරකා දියකරගත් වතුර කෑලිත් සමඟ​ම දාගෙන රස අනුව ලුණු දාගන්න. හොද්ද උතුරනකල් වහලා තියලා ටිකකින් මාළු ටික එකතු කරගන්න. මාළු හො​ඳට තැම්බෙනකල් විනාඩි 15ක් පමණ මදගින්නේ පිසගන්න. මේකට ගම්මිරිස්කුඩු එකතු කරගෙන, මිටිකිරි ටිකත් එකතු කරලා නටවලා ලිපෙන් බාගන්න. වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා, අබ, උලුහාල්, සූදුරු දාලා බැදෙනකොට කපාගත් රතුළූණු ගෙඩියක් හා කරපිංචා දාලා හො​ඳට තෙම්පරාදු කරගෙ​න ෆිශ් කරි එකට එකතු කරගන්න.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු