🎀🌿 ඇයි මේ කහ , ඉඟුරු කන්නයකටම හිටවන්න කියන්නේ ?🎀
🌿 කහ/ ඉඟුරු වලින් හොද අස්වැන්නක් ගන්න නම් නියමිත කාලයට වගා කල යුතු වෙනවා. මෙම බෝග දෙකම සිටවිය යුත්තේ මාර්තු - අප්‍රේල් මාසවල. වර්ෂාවත් සමගම මේවා පැළ වෙන්න පටන් ගන්නවා.
එතකොට මෙම බෝග වලට වර්ධනය වෙන්න ප්‍රමානවත් කාලයක් තියෙනවා. ඒක නිසා හොද අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.
🌿 මේක විද්‍යාත්මකව පැහැදිලි කරනවා නම්, ශාකයට අවශ්‍ය අනෙකුත් සාධක ප්‍රමාණවත්ව තිබේ නම් දවසේ ආලෝකය ලැබෙන කාල සීමාව වැඩිවන විට වායව කොටස් (පොලවෙන් ඉහළ ඇති කොටස්) හොදින් වර්ධනය වන අතර එම කාල සීමාව අඩු වන විට පොලව තුල ඇති රෛසෝම(කහ, ඉඟුරු අල) ප්‍රමානයෙන් විශාල වීම සිදු වේ.
සාමාන්‍යයෙන් මාර්තු මාසයේ සිට දිවා කාලය පැය 12 ට වඩා වැඩි වීම ආරම්භ වන අතර එය ඔක්තෝබර් මැද දක්වා පවතී. දිවා කාලය ජූනි හා ජූලි මාසවල වැඩිපුරම පවතී.
එබැවින් මාර්තු - අප්‍රේල් මාසවල වගා කල විට ඔක්තෝබර් මැද විතර වන තුරු රාත්‍රී කාලයට වඩා දිවා කාලය වැඩි බැවින් වායව කොටස් මාස 6-7 ක් හොඳින් වර්ධනය වන බැවින් කහ සහ ඉඟුරු වල පොළොවෙන් ඉහල ඇති කොටස් (ව්‍යාජ කඳ සහ පත්‍ර) උපරිම ලෙස වර්ධනය වේ.
එබැවින්,
🌿 කදේ උස වැඩි වේ.
🌿 කදේ මහත වැඩි වේ.
🌿 කඳන් ප්‍රමාණය /ගණන වැඩි වේ.
🌿 රෛසෝම ගණන වැඩි වේ.
එබැවින් හොඳ අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය කරුණු සියල්ල සිදු වේ.
🌿 ඔක්තෝබර් මස මැදින් පසුව දිනයේ ආලෝකය ලැබෙන කාලය පැය 12 ට වඩා අඩු වන විට මල් හටගැනීම ආරම්භ වන අතර වර්ධක වර්ධනය අඩු වේ. මෙම කාලයේදී රෛසෝම විශාලත්වය වැඩි වන අතර තන්තු තැන්පත් වීම ද වැඩි වේ. රෛසෝම මේරීම ද සිදු වේ.
තවද කහ සහ ඉඟුරු ස්වභාවිකවම මාර්තු සහ අප්‍රේල් මාස වල වැස්සත් සමඟ පැළ වීම ආරම්භ වේ. (උඩුදුම්බර, මිණිපේ වැනි අවාරේ වගා කරන ප්‍රදේශවල මේ වෙනස් වේ.) එබැවින් මැයි මාසයෙන් පසුව සිටවන බීජ, නියමිත ගුණාත්මය යුත් බීජ නොවිය හැකි අතර පැළවුන බීජ අල හෝ පැළ වු කොටස කඩා ඉවත් කළ බීජ විය හැකි ය. තවද එම බීජ සිටවීමෙන් පසුව පැළවීම සඳහා ද සති 2-3ක කාලයක් ගත වේ.
එබැවින් ප්‍රමාදවී වගා කිරීමෙන්,
🌿 කඳේ උස අඩු වේ.
🌿 කඳේ මහත අඩු වේ.
🌿 කඳන් ප්‍රමාණය /ගණන අඩු වේ.
🌿 රෛසෝම ගණන අඩු වේ.
🌿 මල් හට නොගනී හෝ අඩුවෙන් හටගනී.
එබැවින් ප්‍රමාදවී වගා කිරීමෙන්, මාස 6-7ක හොඳින් වර්ධනය විය හැකි කාලය අඩු වන බැවින් ප්‍රමාදවන කාලයට සාපේක්ෂව ලබාගත හැකි අස්වැන්න ප්‍රමාණය බොහෝ ලෙස අඩුවිය හැකි අතර රෛසෝම වල ප්‍රමාණයද කුඩා වේ.
🌿 නියමිත කන්නයකට වගා කිරීමේ වැදගත්කම ඔබට දැන් වැටහෙනවා ඇති ...
අන්තර්ජාලයේ තොරතුරු සහිතයි ...
🙏ස්තුතිය - එච්. ඒ. එල්. සමිත්‍රී (සන්නිවේදන අංශය)
ව්‍යාප්ති නිලධාරී,
අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව🙏
🎀🌿 Why is it said to plant turmeric and ginger for a whole season?🎀
🌿 To get a good harvest from turmeric/ginger, it must be cultivated at the right time. Both these crops should be planted in the months of March - April. They start sprouting with the rains.
Then these crops have enough time to grow. Therefore, a good harvest can be obtained.
🌿 If we explain this scientifically, if the other factors required by the plant are sufficient, when the duration of the day increases, the aerial parts (the parts above the ground) grow well, and when that duration decreases, the rhizome (turmeric, ginger tubers) in the ground increases in size.
Generally, from March, the daylight hours start to exceed 12 hours and it continues until mid-October. The daylight hours are the longest in the months of June and July.
Therefore, when cultivated in the months of March - April, the day length is longer than the night length until mid-October, so the aerial parts grow well for 6-7 months, so the above-ground parts (pseudo-stems and leaves) of turmeric and ginger develop to the maximum.
Therefore,
🌿 The height of the stem increases.
🌿 The thickness of the stem increases.
🌿 The number of stems increases.
🌿 The number of rhizomes increases.
Therefore, all the necessary things to obtain a good harvest occur.
🌿 After mid-October, when the daylight hours are less than 12 hours, flowering begins and growth slows down. During this time, the rhizome size increases and fiber deposition also increases. Rhizome maturation also occurs.
Turmeric and ginger naturally start sprouting with the rains in the months of March and April. (This is different in areas where crops are grown in the open air like Ududumbara and Minipe.) Therefore, seeds planted after May may not be of the required quality and the sprouted seeds may be tubers or seeds that have been removed. Also, it takes 2-3 weeks for the seeds to germinate after planting.
Therefore, by planting late,
🌿 The height of the stem decreases.
🌿 The thickness of the stem decreases.
🌿 The number of stems/number decreases.
🌿 The number of rhizomes decreases.
🌿 Flowers do not appear or appear less.
Therefore, by planting late, the period of good growth of 6-7 months is reduced, so the yield can be greatly reduced compared to the delayed period and the size of the rhizomes is also small.
🌿 Now you must understand the importance of planting at the right time ...
With information on the internet ...
🙏Thank you - H. A. L. Samithri (Communications Division)
Extension Officer,
Export Department of Agriculture🙏
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.


Comments
Post a Comment