function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
සතිය දවස් පහේම කාර්යබහුල වන අපිට පොඩි හරි නිවාඩුවක් හම්බවෙන්නේ සති අන්තයේ. සතිය දවස්වලට කොළ කැඳ ටිකක් හදාගන්න නම් වෙලාවක් හම්බවෙන්නේ නැහැ. මොකද උදේට ටිකක් කාර්යබහුලයි නේ...😊 බොහෝ සෙනසුරාදා දවස්වලට කොළ කැඳ ටිකක් හදාගන්න එක දැන් මට පුරුද්දක් වෙලා. කොළ වර්ග ගොඩක් නම් මට හොයාගන්න නැහැ. බොහෝ දුරට මම එකතු කරගන්නේ ගොටුකොල , මුකුණු වැන්න, කරපිංචා වගේ හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් කොළ වර්ග. මගේ අම්මා නම් කොළ කැඳ හදනකොට ගොටුකොල, මුකුණුමුකුනු, කරපිංචා, හාතාවාරිය ,වැල් පෙනෙල වගේ කොළ වර්ග ගොඩක් එකතු කරනවා.එහෙම හදන කැඳ ඒක හරිම රසවත්. ☺️☺️☺️☺️ ................මම මගේ ළඟ තියෙන පොඩි කොළ ප්‍රමාණය එකතු කරලා කැඳ එකක් හදාගන්නවා. . ඉස්සර අපේ දහම් පාසලේ හැම ඉරිදාවකම අපට කොළ කැඳ එකක් දෙනවා. මම කොළ කැඳ හදන හැම දවසකම මට ඒ දේවල් මතක් වෙනවා. ඒ දවස් දවස් වල නම් අපි ටිකක් හොරයි කොළ කැඳ බොන්න යන්න. පන්තිභාර ගුරුතුමිය අපට ටිකක් තරවටු කරහම තමයි මමයි මගේ යාළුව කට්ටියයිි යන්නේ. ඒ මතක හරි සුන්දරයි. 😊😊😊 සෝදා පිරිසිදු කරගත් කොල වර්ග කිහිපයට පොල් ටිකකුත් එකතු කරලයි මම බ්ලෙන්ඩර් කරගන්නේ. මම කොළ කැඳ හදන්නෙත් Ricecooker එකේ තමා ඒක මට ටිකක් ලේසියි 😄😄😄 ගම්මිරිස් , සුදුලුණු, උයපු බත් කොළ කැඳ මිශ්‍රණයට එකතු කරලා උතුරනකම් හැදි ගලා ගන්නයි තියෙන්නේ. 😊 කොළ කඳ විදුරුවක් එක්ක හකුරු කෑල්ලකුත් තිබුණහම තමා තවත් රසවත්...... ඔයාලත් කොළ කැඳ හදනකොට එකතු කරන කොළ වර්ග පහළින් කමෙන්ට් කරන්න යන්නකෝ......... ආදරෙන් Simply Pisthachio

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු