උණ හැදෙන්න වගේ ඇගට අ මා රු වක් දැනෙනවද, දත් මුල් වලින් ලේ ගලනවද, මුත්‍රා අමාරුවද, අක්මා වේ ද නා වක් වගේ දැනෙනවද, අර්ශස් තියෙනවද, එහෙනම් මිදුලේ තියෙන ජම්බු ගහේ ජම්බු ගෙඩි බිමට වැටිලා අහක යන්න දෙන්න එපා. ජම්බු කියන්නේ අපි නොදන්න ලෙඩ රාශියකට වටිනා ඖෂධීය ගුණයෙන් අනූන පළතුරක්. ඔබ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්නම් ජම්බු කන්න බය නැතුව.. හැම වෛද්‍යවරයකුම ගර්භණී ඔබට ජම්බු ගුණදායක බැව් සහතික කරාවි...
ඇස් වල පෙනීමත් වර්ධනය කරගන්න පුළුවන් ජම්බු කෑවම. ඒ විතරක් ද දියවැඩියා රෝගින්ට අගනා ඖෂධයක් තමා මේ රතු ජම්බු. හෘදයට ඉතා හිතකර පළතුරක්. පිලිකා රෝගීන්ටත් ඉතාමත් හොදයි.
අධික තරබාරුද?
කන්න ජම්බු. මා න සි ක ආතතිය නැතිකරගන්නත් පුළුවන්. අස්ථි දිරායාම වලක්වන්න වගේම මතක ශක්තිය වර්ධනය කරගන්නත් මේ බිම වැටිලා අහක යන ජම්බු කෑමෙන් පුළුවන්.ගුණ අගුණ සසදලා බැලුවොත් මිදි වලට වඩා ජම්බු ගුණදායකයි.. (කනවනම් ඇතිතරම් කන්න ජම්බු 🍒රස වගේම ගුණයි🍒 )
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment