function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
දේශීය අහාර කල්තබා ගැනීම අපේ මුතුන් මිත්තන් මස්මාළු වර්ග කල්තබා ගත්තේ හරිම අපූරු විදිහකට. එක ක්‍රමයක් කියලා ඔවුනට තිබුනෙ නැහැ. තම ප්‍රදේශයට ආවේණික වූ දේශගුණික රටාවට, තම අවට තියෙන අනෙකුත් සම්පත් වලට අනුරූපීව ඔවුන් ආහාර කල්තබාගත්තේ ඔවුනොවුන්ටම අනන්‍ය වූ වෙනස්ම ක්‍රමයකටයි. මස්මාළු වර්ග අපේ පැරැන්නන් දඩයමක් සාර්ථක වූ දිනයකදී හෝ වැසි කාලයේදී ඇලෙන් දොලෙන් වැවෙන් අල්ලාගත් මසුන් එදිනෙදා පරිභෝජනයෙන් පසුව ඉතිරි වූ කොටස කල්තබා ගැනීමට විවිධ ක්‍රම රාශියක් අනුගමනය කරනු ලැබුවා. මී පැණි වල දැමීම - පිරිසිදු මැටි භාජනයකට මස් සියල්ලම දමා ඉන්පසු මස් සියල්ලම වැසී යන පරිදි මී පැණි වත්කර බඳුනේ කට හුඹස් මැට්ටෙන් වසා සීල් කරනු ලැබූ අතර, මෙසේ කිරීමෙන් අපේ පැරැන්නන්ට මස් වර්ග බොහෝ කලක් නරක් නොවී තබා ගැනීමට හැකියාව ලැබුනා. මාළු ලිප් බොක්කේ වැළලීම - දර ලිපක් සොයා ගැනීමට දුෂ්කර වූ වත්මන් සමාජයට මෙය අමුතුම ක්‍රියාවලියක් වුවත් අපේ පැරැන්නන් බල මාළු පැටව්,කුම්බලාවා, අලගොඩුවා වැනි මාළු වර්ග කල්තබා ගැනීමට ලිප් බොක්ක භාවිතා කලා. හොඳින් සුද්ද කර ලුණු වතුරෙන් සෝදා ගත් මසුන් මත ගලේ අඹරාගත් ලුණු කැට සහ කහ මිශ්‍රණය හොඳින් ගල්වා එම මාළු පිරිසිදු කරගත් කෙසෙල් දල්ලක ඔතා අඟල් 06, 07 ක් පමණ හාරන ලද ලිප් බොක්කක වල දමනු ලැබුවා. ඉන්පසු වෙනදාට වඩා වැඩි පුර කාලයක් ලිප දල්වා ඔවුන් සාමාන්‍ය පරිදි එදිනෙදා තම කටයුතු සිදුකර ගත් අතර, සති දෙකකට පමණ පසු මෙම මාලුවා ලිප් බොක්කෙන් ගොඩ ගන්නා විට එය එතරම් තද නැති මෘදු උම්බලකඩයක් බවට පත්වී තිබුනා. ඉන්පසු මෙය සාමාන්‍ය කරවල කල්තබා ගන්නා ආකාරයටම කල්තබා ගත් අතර පැරැන්නන් විස්තර කරන ආකාරයට මෙය ඉතා රසවත් ආහාරයක් වුනා. දඩමස් දුම්ගසා වේලීම - දඩමස් සිහින්ව කපා තීරු කරගෙන දුම් මැස්සක අතුරා එයට යටින් ගින්දර දමමින් දුම් ගස්සවා මස් වර්ග ඔවුන් විසින් වේලා ගනු ලැබුවා. දඩමස් පන් මල්ලේ දමා දුම් මැස්සේ එල්ලීම - ගෝන, මුව, ඌරු ආදී නොයෙක් දඩමස් වර්ග වලට කහ, ලුණු දමා අතගා ගෝනියක හෝ පන් මල්ලක බහා වැල් පටකින් දුම්මැස්සේ එල්ලා තැබීමෙන් (දුමේ ඉහළ තැබීමකින් තොරව) ඉතා හොඳින් පිරිසුදුව වියළා ගෙන බොහෝ කලක් ඔවුන් දඩමස් ළඟ තබාගත්තා. වරකා හොඳින් පැසී ඉදුණු වරකා ගෙඩි ඒ අයුරින් ම කල්තබා ගැනීම හෙළ ෙවිලියට හැකියාව තිබිණි. හොඳින් පැසී ගසේ ඉදුණු වරකා ගෙඩියක්‌ කඹයක්‌ ආධාරයෙන් බිමට බා ගැනීම පළමුව සිදු කෙරෙයි. හුඹස්‌ මැටි ප්‍රමාණවත් ලෙස ගෙන ගොරකා ගම්මිරිස්‌ තැම්බූ ජලයෙන් පදමට හුඹස්‌ මැටි අනාගනී. මෙසේ පදමට අනාගත් හුඹස්‌ මැටි වරකා ගෙඩියේ පිටත මෙන්ම නැට්‌ටේ ද තවරනු ලබයි. මෙසේ මැටි තවරාගත් වරකා ගෙඩිය ශක්‌තිමත් ලණුවක්‌ ආධාරයෙන් නැට්‌ටෙන් දුම් රස්‌නය තරමක්‌ වැදෙන ලෙස කුස්‌සියේ දුමේ එල්ලා තැබීමෙන් මාස 3ක්‌ පමණ ගත වූ පසුත් අලුත් වරකා ගෙඩියක්‌ මෙන් රසයේ හා ගුණයේ වෙනසක්‌ නො වී ආහාරයට ගැනීමට පුළුවන. වරකා මදුළු වශයෙන් ද කල් තබා ගැනීමේ ක්‍රමවේද ගෙවිලිය මැනවින් දැන සිටියා ය. වරකා මදුළු වශයෙන් කල් තබා ගැනීමේ දී පළමුව වරකා මදුළු මී පැණිවල දමා බෝතල්වල අසුරා ඇත. මී පැණි නොමැතිනම් සීනි උණු කර සාදාගත් පැණිවල දැමීමෙන් වරකා බොහෝ කල් තබා ගෙන ඇත. වැලි කොස්‌ ඇට හා අටු කොස්‌ ඇට පැසුණු කොස්‌ ගෙඩියක ඇට ඉවත් කර තෙතමනය නො රැඳෙන සේ වියළා ගනී. විශාල මැටි භාජනයක්‌ ගෙන එයට වියළි වැලි තට්‌ටුවක්‌ දමා ඉන්පසු පැසුණු පොත්ත සමග තුවාල නො වූ කොස්‌ ඇට දමා නැවතත් ඊට උඩින් වැලි තට්‌ටුවක්‌ දැමීම සිදු කරයි. හොඳින් තද කර කොස්‌ ඇට නො පෙනෙන සේ තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී සැලකිය යුතු කරුණක්‌ වන්නේ කොස්‌ ඇට සැඟවීම සඳහා භාවිත කරන වැලි සහ මැටි භාජනය වියළි ස්‌වභාවයෙන් තිබිය යුතු වීමයි. එසේ නො වුව හොත් කොස්‌ ඇට පැළ වීම සිදු වෙයි. බොහෝ ගෙවල්වල මුළුතැන්ගෙයි ගොම මැටි පිහින ලද පොළොවේ බිත්ති දෙකක්‌ අතර මුල්ලකට වැලි කොස්‌ ඇට දැමීම සිදු කරයි. අටු කොස්‌ කොස්‌ මදුළු කල් තබා ගැනීමේ දී අටුකොස්‌ මදුළු ලෙස කල් තබා ගැනීම සිදු කෙරිණි. පැසුණු කොස්‌ මදුළු ගෙන එහි ඇට ඉවත් කර ගනී. ඉන්පසුව සිහින්ව ඉරා ගත් මදුළු උණු ජලයේ දමා බාගෙට තම්බා වතුර පෙරා ඉවතට ගත් කොස්‌ මදුළු තද අව්වේ දින තුනක්‌ වියළා ගනියි. මෙසේ හොඳින් වියළාගත් කොස්‌ මදුළු පිරිසිදු වියළි භාජනයකට දමා වාතය ඇතුළු නො වන ලෙස හෙවනේ හුළං නො වදින ලෙස අසුරා තබාගනී. හතු කල්තබා ගැනීම අපේ මහ පොළවෙ පිදුරු හතු, ඌරු හතු, ඉබිටොක්කා හතු, හීන්වැලි හතු, වැලි හතු, රිට්ටා හතු, අදින හතු, ඉඳලෝලු හතු, කොටන් හතු අදී වශයෙන් බොහෝ හතු වර්ගයන් හටගත් අතර, අපේ පැරැන්නන් මෙම හතු වර්ග කල්තබා ගැනීමට එය පළමුව ලුණු වතුරේ තම්බාගෙන දිය මිරිකා හැර තද අව්වේ වේලා ගත්තා. ඉන්පසු තමන්ට අවශ්‍ය වූ විටෙක ඇල් වතුරේ දමා යලිත් හතු පිපී ප්‍රකෘතිමත් වූ විට තම ව්‍යාංජනයන්ට එක්කර ගත්තා. මී පැණි කල්තබා ගැනීම මී පැණි වලට ගම්මිරිස් ඇට කිහිපයක් එක්කිරීමෙන් මී පැණි ඕනෑම කාලයක් නරක් නොවී කල්තබාගැනීමට ඔවුන්ට හැකි වුනා. ලුණු දෙහි දෙහි වාරයට ගස් යට එක්‍ රැස් වී කුණු වී යන දෙහි කල්තබා ගැනීම සඳහා ඔවුන් දෙහි ගෙඩිය හතරට පලා ලුණු දමා තද අව්වේ දින 07 ක් පමණ වියළා දෙහි යුෂ සහ ලුණු වතුර මිශ්‍ර කර අව්වේ කකාරවා ගෙන වියළි දෙහි වලට මිශ්‍ර කර බෝතල් වල අසුරාගත්තා. මෙලෙස ඔවුන්ට ආහාර රුචිය වඩවන, උදරාබාධ වලට ගුණදායක වන ආහාරයක් වන ලුණු දෙහි සකසා ගැනීමට හැකි වුනා. ගොරකා කල්තබාගත් ආකාරය ඉදුණු ගොරකා වල මදුලු සහ ලෙලි වෙන්කරගත් අපේ පැරැන්නන් පළමුව ගොරකා ලෙලි අව්වට දමා වේලා ගත් අතර ගොරකා මදය වෙනම බඳුනකට එකතු කරගන්නා ලදී. එම මදුලු සහිත බඳුනෙන් සතියක් පමණ ගිය විට විනාකිරි වැනි ද්‍රාවණයක් සෑදෙන අතර ඔවුන් එම ද්‍රාවණය මුලින්ම එක් රැස්කර තබාගත්තා. ඉන්පසු නැවුම් ගොරකා මද නැවත සපයාගෙන ඒවා හොඳින් අතින් පොඩිකර නැවත පෙරදී වේලාගන්නා ලද ගොරක ලෙලි හා මිශ්‍ර කරනු ලැබුවා. දැන් මෙය මුට්ටියකට දමා හොඳින් වසා තබා දින දෙකකට පසු නැවත එලියට ගෙන අව්වේ වේලා ගත්තා. මෙලෙස වට කිහිපයක් සිදුකර මුලින් සාදාගත් විනාකිරි වැනි ගොරකා මදුලු දියරයේ දමා කලවම් කරගත් අතර එවිට හොඳ මෙලෙක් ගතියකින් යුත් ගොරකා ඔවුනට ලබාගත හැකි වුනා. දැන් මෙයට දුම් වදින්නට සලස්වා හෝ එසේ නොමැතිව අවශ්‍ය කාලයක් ගොරකා කල්තබා ගැනීමට ඔවුනට හැකියාව ලැබුනා. රටදෙල් කල්තබා ගැනීම අවුරුද්දේ එක් කාල සීමාවක පමණක් හැදෙන රට දෙල් වාරයේදී අපේ පැරැන්නන් එම දෙල් ගෙඩි සිහින්ව ලියා තද අව්වේ වේලාගත්තා. ඉන්පසු මෙම වේලා ගත් රට දෙල් කැබලි බැද එයට පැණි දමා රසවත් අතුරුපස ද, පොල් දමා වියළෙන්නට මලවා මැල්ලුමක් ලෙසින්ද තම ආහාර වලට එකතු කරගත්තා. ---------------------------------------- උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු