සිංහල ආහාර වේල රසකළ මල් ව්‍යාංජන...
අපේ ගැමි සාම්ප්‍රදායික ආහාර වේල් සඳහා සෑදුනු විවිධ ව්‍යාංජනයන් අතරෙ ඇතැම් මල් වර්ග ද යොදා ගෙන සැකසූ ව්‍යාංජන වර්ග පැවතුනි. නමුත් අද කෑම වේලෙන් ඒවා බොහෝ දුරට ඉවත්ව ගොස් ඇත. පිටිසර ගැමියෝ අදටත් මෙම පුෂ්ප වර්ග තම ආහාර වේලට සම්බන්ධ කර ගනිති.
🔶. මුරුංගා මල් :-
මෙම මලට "මිරිකුළු මල්" යනුවෙන් ද භාවිතා වේ. මෙම මල් ආහාරයට ගැනීමෙන් කුළු රසයක් දැනේ. වා සෙම් නැති කෙරේ. ස්නායු ඉදිමෙයි. ශරීරය උණුසුම් වේ. ගුල්ම රෝග නැති කෙරේ.
🔷. කතුරුමුරුංගා මල් :-
මෙයට "කතුරු මල්" යනුවෙන් ද පැවසේ. පීනස් සහ සෙම්, පිත් නසයි. වාතය සමනය වේ. ආහාර රුචිය ඇති කෙරේ.
🔶. කෙසෙල් මුහ :-
"වතු මල්" යනුවෙන්ද හැඳින්වේ. වාපිත් නසයි. රත් පිත් සහ ක්ෂය රෝග නසයි. ඉක්මනින් නොදිරවන ස්වභාවයක් ද ඇත. මිහිරි රසයක් පවතී.
🔷. ඇට කෙසෙල් මුහ :-
"වන මතු මල්" යනුවෙන්ද හැඳින්වේ. ප්‍රමේහයට හිත වෙයි. සෙම් රෝග නසන අතර දාහය නැති කරයි. වහා නොදිරවන ස්වභාවයක් ඇත. ශීතය, ශක්තිය වඩවයි. පිපාසය නැති කෙරේ. සියළුම වර්ගවල කෙහෙල් මුහ කෑම සඳහා නොගනී. කෝලිකුට්ටු, ඇඹුල් කෙහෙල් මුහ කෑමට ගනී.
🔶. දිය හබරල මල් :-
"ජබර මල්" යනුවෙන් ද හැඳින්වේ. මුත්‍ර දාහය නසන නමුත් වහා නොදිරවන ගතියක් පවතී. වා, පිත් නසන අතර කෑම රුචි ඇති කරයි.
🔷. කෙකටිය මල් :-
මිහිරි රසැති ව්‍යංජනයකි. වා, පිත් නසන අතර ඇට මිදුළු වඩයි. මුත්‍රා පිරිසිදු කෙරේ. ශුක්‍ර වඩයි. ශීත ආහාරයක් වශයෙන් ද සැලකේ.
🔶. තම්පලා මල් :-
තම්පලා විශේෂ කිහිපයක් ඇත. සියළුම මල් කෑමට රුචි වේ. වහා දිරවන ස්වභාවයක් ඇත. අර්ශස් නසන කෑමකි. සෙම් පිත් නසන අතර තර ගතියක් ඇති කරයි.
🔷. වද මල් :-
වදමල් හෝ කැකුළු ශීතලය. ප්‍රමේහ හා රත් පිත් නසන ස්වභාවයක් ඇත. හිසකේ වැඩෙන නිසා කුඩා දරුවන්ට සුදුසු බව වෛද්‍යවරු පවසති. දාහය නැති කරන ගතියක් ඇත. රත්, පිත් ගාය නැති කරන ඖෂධයක් වේ.
🔶. සියඹලා මල් :-
"සීනිබලා මල්" යනුවෙන් ද හැඳින්වේ. සෙම නසන අතර ආහාර රුචි ගතියක් ඇතිවේ. ගතට සැහැල්ලු ගතියක් දැනේ.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.









Comments
Post a Comment