function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
ඕනිම දෙයක් එක්ක කන්න පුළුවන් ඉක්මනින් හදා ගන්නත් පුළුවන් රසම රස සීනි සම්බෝලයක් හදමුද එහෙනම්.🙃 මම කියනවට මේක එකම එක සැරයක් හදලා බලන්න. හැමදාම කන්න හිතෙයි. සීනි සම්බෝල ⚡🍂🇱🇰 අවශ්‍ය ද්‍රව්‍ය : ✅ තීරු කපා ගත්ත ලොකු ලූනු ගෙඩි 4 ක් ✅ සීනි මේස හැඳි 3 ක් ✅ කෑලි මිරිස් මේස හැඳි 3 ක් ✅ සියඹලා මේස හැඳි 1 ක් ✅ උම්බලකඩ මේස හැඳි 2 ක් ✅ තෙල් මේස හැඳි 3 ක් ✅ කුඩාවට කපා ගත්ත රම්පෙ මේස හැඳි බාගයක් ✅ කුඩාවට කපා ගත්ත කරපිංචා කොළ මේස හැඳි බාගයක් ✅ කුඩු කර ගත්ත කරදමුංගු ( එනසාල් ) 2 ක් ✅ කුඩු කර ගත්ත කරාඹු නැටි 2 ක් ✅ කුරුඳු කුඩු මේස හැඳි බාගයක් ✅ රස අනුව ලුණු සාදන ක්‍රමය : ✅ මුලින්ම පෑන් එකක් ( මේකට අඩිය අල්ලනේ නැති හට්ටියක් හරි තාච්චියක් හරි ගන්නත් පුළුවන් ) ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා රත් වීගෙන එද්දී කුඩාවට කපා ගත්ත රම්පෙ , කරපිංචා ටික දාලා තෙලේ හොඳට බැද ගන්න. ( පුළුවන් තරම් රම්පෙ , කරපිංචා කුඩාවට කපා ගන්න. ) ✅ ඊට පස්සේ ඒකටම උම්බලකඩ ටික එකතු කරලා කලවම් කරලා කෑලි මිරිස් , සීනි , කරදමුංගු , කරාඹුනැටි , කුරුඳු කුඩු දාලා හොඳට කලවම් කරන්න. ( කරදමුංගු , කරාඹුණැටි , කුරුඳු එකතු කරද්දී කෑලි විදිහට එකතු කරන්න එපා. කුඩු කරලම එකතු කරන්න. එතකොට සීනි සම්බෝලය ගොඩාක් රසයි. ) ✅ ඊට පස්සේ මේකට ලූනු ටික එකතු කරලා කලවම් කරලා ලූනු වල වතුර පෑදෙනකන් පියන වහලා මද ගින්දරේ ටිකක් වෙලා තියා ගන්න. ✅ ඊට පස්සේ පියන ඇරලා ආයේ සැරයක් කලවම් කරලා මද ගින්දරේ වතුර ටික හිඳිලා තෙල් පෑදෙනකන් පියන ඇරලා උයා ගන්න. ✅ තෙල් පෑදෙන්න සීනි සම්බෝලය හදා ගෙන අන්තිමට සියඹලා ටික එක්ක රස අනුව ලුණු එකතු කරන්න. ✅ ඉති මේ විදිහට හැදුවොත් ඔයාට පුළුවන් රසට, ලස්සන දුඹුරු පාටට මේ සීනි සම්බෝලය හදා ගන්න. දවසක මේ රෙසිපි එකට සීනි සම්බෝලය හදලා බලන්න රෙසිපි එක save කරලම තියා ගන්න. ✅ ඔයාලත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰 ✍️ ෂහිනි සිල්වා SHAHI'S_kitchen 2025.04.28
මේ වගේ තවත් මම හදන රස කෑම වට්ටෝරු ගැන දැන ගන්න කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.🥰❤️ 📌 මෙම පෝස්ට් එකෙහි සියලුම හිමිකම් මා සතුය.මෙය share කිරීමට පමණක් කාරුණික වන්න. මෙහි ඇති ඡායා රූප , ආහාර වට්ටෝරු හා තොරතුරු අනවසරයකින් උපුටාගැනීම , විකෘති කර පල කිරීම , දිය සලකුණු ඉවත් කිරීම හා වෙනස් කිරීම , වෙනත් පුද්ලයන්ගේ නම් හා දිය සලකුණු සමග පල කිරීම සපුරා තහනම්.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු