🌿 අප්‍රසිද්ධ පළතුරක වත ගොත දැන ගනිමු. 🍈
මොන්ස්ටෙරා ඩෙලිසියෝසා පළතුර
────────────────────────
⚫ බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති මෙම පලතුර ස්විස් චීස් ශාකය 🧀🍃 හා පලතුරු සලාද ශාකය 🥗🌿 ලෙසද හැඳින්වේ.
⚫මෙම පලතුර මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ 🌎 නිවර්තන කලාප වලට ආවේණිකය.
⚫ ෂඩාස්‍රාකාර කොරපොතු වලින් වැසි තිබෙන අතර 🌧️ පෙනුමෙන් කොළ පාට ඉරිගු කරල් වලට සමානය.🌽
⚫ මෙය ඉදුණු පසු කරලේ මුල සිට ඉහළට කොරපොතු වැටීම සිදුවේ. 🍃👇 මෙම කොරපොතු වැටුණු පසු යටින් ඇති ක්‍රීම් වැනි මාංශල කොටස 🍨 ආහාරයට ගත හැකිය.
⚫ මෙම පලතුර පහළ සිට ඉහළට ඉදීම සදහා දින කිහිපයක් 🗓️ ගතවේ.
⚫ මොන්ස්ටෙරා ඩෙලිසියෝසා පලතුරේ රසය ගත් කල අන්නාසි 🍍 , කෙසෙල් 🍌 ,අඹ 🥭 වැනි රසයන්ගේ මිශ්‍රනයක් ලෙස සැලකිය හැකිය.
සමහරක් අය ආසියානු පෙයාර්ස් 🍐 හා ස්ටෝබෙරි 🍓 රසයද ඇති බව පවසයි.
කෙසේ වුවත් ප්‍රසන්න රසයක් 😋 ඇති පළතුරක් ලෙස හැදින්විය හැකිය.
⚠️ සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ මෙම පලතුර හොදින් ඉදුණු පසුව ආහාරයට ගත යුතු අතර ❌ නොයිදුණු පලතුරු ආහාරයට ගත නොගත යුතුය.
📍නොයිදුණු මොන්ස්ටෙරා ඩෙලිසියෝසා වල කැල්සියම් ඔක්සලේට් ස්පටික අඩංගු වන අතර ❗ නොයිදුණු පලතුරු ආහාරයට ගැනීමෙන් උගුරේ පිච්චෙන සුළු ස්වභාවයක් ඇති කරන අතර 🤒 උගුර වේලෙන සුළු බවක් හා කැසීමක් 😖 ඇති කරයි.
📍මුල් වරට ආහාරයට ගන්නා අයෙක් නම් මුලින්ම සුළු ප්‍රමාණයක් ආහාරයට ගෙන බැලීම වඩාත් සුදුසුයි. ✅
✨මෙම පලතුර ගෘහස්ථව වගා කල හැකි වුවද 🏡 සාමාන්‍ය ගෘහස්ත තත්වයන් යටතේ අස්වැන්න ලබා ගැනීම අපහසුය.
✨මෙහි ගෙඩි හට ගැනීමට නම් අවශ්‍ය ප්‍රමාණයට ඉඩක්(වැඩි ඉඩක් අවශ්‍ය වේ.) 🪴 හා ස්ථාවර සැලකිල්ලක් අවශ්‍ය වේ. 🧑🌾
ලංකාව වැනි නිවර්තන දේශ ගුණයක් තුළ ☀️🌴 එළිමහන් වගාව තුළින් මෙම පලතුර ව්‍යාප්ත කළ හැකිය.
🌱මොන්ස්ටෙරා ඩෙලිසියෝසා සතු සෞඛ්‍ය ප්‍රතිලාභ💪🍃
✔️ විටමින් සී වලින් පරිපූර්ණය 🍊
✔️ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි 🛡️
✔️ ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි 🦠🛡️
✔️ ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන නිසා ✨ නිරෝගී දිදුලන සමක් හිමි කර ගත හැකි අතර වයසට යාමේ ලක්ෂණ ප්‍රමාද කරයි 🧴👵
✔️ තුවාල සුව කිරීමට හා පටක අලුත් වැඩියාවට උපකාරී වේ 🩹
✔️ ආසදනවලින් ආරක්ෂා කරන අතර සමේ දැවිල්ල අඩු කරයි 🔥
✔️ ආහාර ජීර්ණය පහසු කරයි 🍽️
✔️ මළබද්ධය වළක්වයි 🚽
✔️ බඩවැල් වල ක්ෂුද්‍ර ජීවී සමතුලිත තාවය පවත්වා ගැනීමට උපකාරී වේ 🦠
✔️ රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි 🍬📉
✔️ සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩන මට්ටමක් පවත්වා ගැනීමට සහාය වේ ❤️🩹
✔️ බර කලමනාකරනය සදහා උදව් වේ ⚖️
✔️ ඉක්මන් ස්වභාවික ශක්ති ප්‍රභවයකි ⚡ (ශරීරයට ඉක්මනින් ශක්තිය ලබා ගැනීම සඳහා කෘතිම ශක්ති ජනක ආහාර පාන ලබා ගන්නා අයට ඉතා හොඳ ස්භාවික විකල්පයකි 🥤➡️🍃)
✔️ රුධිරයේ හදිසි සීනි වැඩි වීම් වළක්වයි 🚫🍭
✔️ කැල්සියම්, පොස්පරස්, මැග්නිසියම් 🧪 යන පෝෂක කොටස් වලින් සමන්විතය.
✔️ හෘද රෝග ❤️ හා පිළිකා 🎗️ වැනි නිදන් ගත රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ.
✔️ මේදය අඩු නිසා හදවතට හිතකරයි 💓
මෙම පලතුර වගා කර ගත හැකි නම් 🌱 අලංකාරය 🌺 සහා පෝෂනය 🍽️ යන අංශ දෙකම ලබා දෙන ආකර්ෂණීය ශාකයක් ලෙස මොන්ස්ටෙරා ඩෙලිසියෝසා ශාකය හැදින්විය හැකිය.
📌 ඔබගේ දැනුවත් වීම සදහා හැඩකාර ගෙවත්ත වෙනුවෙන් ලිපිය සැකසුම ✍️ ඇඩ්මින් ප්‍රියන්තිකා දිල්රුක්ෂි.
🔒කොපි කිරීමේදී කතු අයිතිය සුරකින්න.
📸 පින්තූර අන්තර් ජාලයෙන්.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.







Comments
Post a Comment