function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
🌳💚🌳 මඩු ගස හා පිටි🌳💚 💚🌳වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ පල හට ගැනීම් ආරම්භ වීමත් සමග ඒ ආශ්‍රිත ආහාර සැකසීම ආරම්භ වී ඇති බව අපේ පැරණි ආච්චිලා සියලා කියා සිටියහ. 🌳💚වාර්ෂිකව අස්වැන්න ලැබෙන මඩු ශාකය පොහොර හෝ ජලය යෙදීමක් සිදු නොකරන අතර, මඩු ගෙඩි වලින් සකසා ගන්නා ආහාර වර්ග රැසක් අපි පුරාන අය සතුව පවතියි. මඩු පිට්ටු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබයි. මේ දිනවල මඩු ශාකයේ ගෙඩි කඩා ආහාරයට ගැනීමට පෙර අව්වේ වියළන මඩු ගෙඩි නිවෙස් වල දැකිය හැකි . අපේ ගෙව්ල් වලත් ඒ කාලයේ මඩු ගෙඩි වලින් පිට්ටු හා තලප, ආකාරයෙන් සාදා ආහාරයට දී ඇත. 💚🌳බත් වෙනුවට සකසා ගන්නා මඩු පිට්ටු බර අහරක් බවත් හෙනේ කුඹුරේ වැඩ කටයුතු වලදී කුසගින්න නිවා ගැනීමට හා පෝෂ්‍ය ගුණය බහුලව පවතින හෙයින් පෝෂ්‍ය දායි ආහර වේලක් ලෙස මඩු පිට්ටු පුරාණ ගැමියන් හා අපේ පවුල් අතර ජනප්‍රියව පවතියි.. 💚🌳පුරාණ ගම්වල එක නිවසක එක ගසක් හෝ දැකිය හැකියි. මගේ නිවසේ ගස් 5 ක් පමණ ඇත. අපිට මඩු ගෙඩි ප්‍රයොජනයට ගැනිමට අවශ්‍ය නම් මඩු දළු නොකැඩිය යුතුයි. එයට හේතුව, සියා, කියා නොදුන්නත්, තාත්තා කිවෙ දළු කැඩුවොත් ඊළග මුරේ දළු ඇවිත් කොළ මෝරන තුරු මඩු ගෙඩි නොසෑදෙන බවයි. එදා තාත්තා කිව දේ හරි යැයි වැටහුනේ, දළු කඩාගත් ගසේ ගෙඩි නොසෑදිමයි. ඒ කාළයේ මගුල් ගෙයක්, උත්සවයක් සැරසීමට මේ මඩු අතු ප්‍රයොජනවත් විය. ✍️අනෝමි ඉඹුලාන. පලමු වෙඩිමුරය අපේ ගෙවත්තෙන් ජායාරූප අන්තර්ජායෙන් . Copied ❤️

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු