ටිකක් වෙනස් විදියක අච්චාරුවක රස බලමුද..
විවිධ වර්ගයේ අච්චාරු ගැන අහලා තිබුණට මුරුංගාවලින් හදන අච්චාරු ගැනනම් අහලා නැතුව ඇති. ඒ නිසාම ඔබේ බත් පතට වෙනසක් එක්කර ගන්න මේ මුරුංගා අච්චාරුව හදලා බලමු.
මේ සඳහා සාමාන්‍ය තරමට කෑලි කපාගත් මුරුංගා කෝප්ප 2ක්, අබ තෙල් කෝප්ප 1/2ක්, අබ තේ හැඳි 1ක්, කඩල පරිප්පු තේ හැඳි 1ක්, කරපිංචා ඉත්තක්, වියළි මිරිස් කරල් 3ක්, කහ කුඩු තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු මේස හැඳි 1ක්, සියඹලා යුෂ කෝප්ප 1/4ක්,
ලුණු සහ තෙල් ස්වල්පයක් අවශ්‍ය වේ.
පේස්ට් එක සඳහා උළුහාල් තේ හැඳි 2ක්, අබ මේස හැඳි 1ක් සහ සූදුරු තේ හැඳි 1ක් අවශ්‍ය වේ.
පේස්ට් එකට අවශ්‍ය උළුහාල්, අබ හා සූදුරු ඔක්කොම එකට ග්‍රයින්ඩ් කරගන්න.
පෑන් එකට තෙල් ටිකක් දාලා මුරුංගා ටික බැදෙන්න අරින්න. මුරුංගා ටික අයින් කරලා මේකට අබ, වියළි මිරිස්, කඩල පරිප්පු හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
ඊළඟට මිරිස් කුඩු, කහ කුඩු හා සියඹලා යුෂ දාගන්න. මේකට ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එකත් දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.
බැදගත් මුරුංගා ටික දාලා කලවම් කරලා මඳ ගින්නෙ විනාඩි 3ක් වගේ පිසගන්න. මේක නිවෙන්න තියලා ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න. දවස් දෙකකට පස්සෙ කෑමට ගන්න.
ප්‍රවීණ සූපවේදී
සුජිත් ආරියරත්න
විදුමිණී දිසාකරුණා
උපුටාගැනීමකි
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment