function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
ඊයේ මට ගම් කුකුළු මස් ටිකක් කන්න දොළදුක් ආවා. බොරැල්ල-දෙමටගොඩ දිහාවේ ගම් කුකුළු මස් විකුණන කඩ කීපයක් තිබ්බත් ඒවයේ ගොඩාක් වෙලාවට ගම් කුකුළු මස් කියලා දෙන්නේ කරි චිකන්. එව්වා කනවට වඩා හොඳයි වේලිච්චි පොල් පිත්තක් කටේ දාන් හපනවා. ගම් කුකුළු මසුත් හයියයි තමයි.. ඒත් කරි චිකන් තරම් හයිය නැහැ. ඔරිජිනල් ගම් කුකුළෙක් ගන්නවා නම් එක්කෝ කොල්ලුපිටියේ පබ්ලික් මාර්කට් එකට යන්න ඕනේ... නැත්තන් මාළිගාවත්තේ මාර්කට් එකට යන්න ඕනේ. ඉතිං ඊයේ මම තකහනියක් කොල්ලුපිටියට ගියා. එක මුස්ලිම් කඩේක ගම් කුකුල්ලු 10-15 ක් වගේ කූඩුවල දාලා තිබ්බා. මම දැනගත්තා බඩු හෑව් කියලා. මම කඩේට ගිහින් වැඩේ කතා කළා. මම: මල්ලි ගම් කුකුළු මස් කිලෝ එකක් වගේ ගන්න පුළුවන්ද? කඩේ මල්ලි: මහත්තයා අපි ගම් කුකුල්ලු පිහාටු බරට තමා දෙන්නේ.. මම: ඒ කියන්නේ? ක.ම.: අර කූඩුවෙන් මහත්තයට ඕන කුකුළා පෙන්නන්ඩ... ඌව පිහාටු එක්ක තමයි කිරන්නේ.. ඒ බරට තමා ගාන හැදෙන්නේ... මම: එතකොට මම දැන් පණපිටින් කුකුළව ගෙදර ගෙනියන්ඩ ඕනේද? ක.ම.: නේ... නේ... අපි කපලා ශුද්ධ කරලා තමා දෙනවා.. මාත්තයට පිහාටුවලටත් එක්ක තමා ගෙවන්ඩ වෙනවා. මම: එහෙම නෙමෙයි.. මරපු උන් නැද්ද? ක.ම.: යේම දෙන්නේ නැහැ. කස්ටර්මර්ස් ආවාම තමා කිරලා දෙන්නේ.. මාත්තයා එතැනින් කැමැති එකෙක් තෝරලා දෙන්ඩ. මළ හත්තිලවුවයි කියහන්කෝ. මම සංවේදී දර්ශන දැක්කම හොටු පෙරන් අඬන මිනිහෙක් නෙමෙයි. ඒත් ඉතිං කලින් මරලා තියෙන සතෙක් ගෙදර ගෙනිහින් උයන් කන එක එක දෙයක්.... මමම සතෙක් තෝරලා, ඌව පණ පිටින් තරාදියට දාලා කිරලා, ඊට පස්සේ මගේ ඉස්සරහාම මන් වෙනුවෙන්ම සතාව මරලා... බ්ලා බ්ලා... ඒක වෙනමම ටාස්ක් එකක්නේ බන්.. සිරාවට මට ඉතිං ටිකක් අවුල් වගේ... “මහත්තයා ලොකු එකෙක් දාන්ඩද?” කඩේ මල්ලි අහනවා. “නෑ.. පොඩ්ඩක් ඉන්ඩ... මහ පහළට ගිහින් එන්නම්” කියපු මම පහළට බැස්සා.. පහළට බැහැලා බයික් එක නවත්තලා තිබ්බ තැනට ගිහින් බයික් එකේ ඉඳගෙන සිගරැට් එකක් එහෙම පත්තු කරගෙන දැන් මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කරනවා. ඒ අස්සේ මාර්කට් එකේ සිකුරිටි අංකල් ඈත ඉඳන් කෑ ගහගෙන දුවගෙන එනවා. “මේ... මේ... මහත්තයා මහත්තයා ඔතැන සිගරැට් බොන්ඩ තහනම්.... පොලිසියෙන් ආවොත් දඩ ගහනවා” යකෝ මාර්කට් එකේ ගඳ ගහන පත සයිස් කුණු ගොඩක් ගාවට වෙලා මිනිහෙක්ට නිදහසේ සිගරැට් එකක් බොන්ඩ බැරි රටක්ද මේක.. “මේ පොඩ්ඩක් කෑ නොගහා ඉන්ඩ අංකල්.. මම මේ ජීවිතයත් මරණයත් අතර දෙයක් ගැන කල්පනා කරන්නේ.. දඩ ගැහුවොත් මම දඩේ ගෙවන්නම්.. අංකල් පාඩුවේ ඉන්ඩ...” ඒක කියපු ගමන් අංකල් භය වෙලා මගේ දිහා බලලා ෂට් ඩවුන් වුණා. පොර හිතන්ඩ ඇති මම සිය දිවි හානි කරගන්න හදනවා කියලා. මම ඉතින් කල්පනා කළා. මම නොකෑවත් ඔය කුකුළා අද දවසේ කවුරුහරි කනවා. මට ඉතිං අර ප්‍රියාන් මැණික් මාලු ලෑල්ලේ තියෙන මාලු සල්ලි දීලා අරගෙන ආපහු ගඟට දානවා වගේ මෝඩ චූන් වැඩ කරන්ඩත් බැහැනේ. කුකුළව පණ පිටින් ගෙදර ගෙනිහින් අපේ පර්චස් දෙකයි පොයින්ට් තුනේ ගේ ඇතුළේ හදන්ඩත් බැහැනේ. මිදුලේ රීලා යන බල්ලෝ මදිවට ගම් කුකුළෝ කිව්වලු. පස්සේ මම හිත හදාගෙන ආපහු උඩට නැගලා කඩේ ගියා. “මල්ලි ඔතැන තියෙන පොඩිම කුකුළව කිරලා, කරන මඟුලක් කරලා ලෑස්ති කරලා තියන්ඩ.. මම අරහෙට වෙලා ඉන්නම්. වැඩේ ඉවර වුණාම මට කතා කරන්න” “මහත්තයා ඉස්සරහ කිරුවේ නැති වුණාට කමක් නැද්ද?” මස් මල්ලි ඇහුවා. “හරි හරි බන්.. අවුලක් නැහැ. වැඩේ කරලා මට කතා කරහන්...” මම ඉතින් ටිකක් එහාට ගිහින් ලිබර්ට් එකේ “වාලම්පුරි” බලන්ඩ එන කෙල්ලෝ දිහා බලන් හිටියා. ටික වෙලාවකින් මස් කඩේ මල්ලි මට අඬ ගැහුවා. පොර මගේ අතට මස් බෑග් එක දෙන ගමන්..., “මහත්තයා ඔක්කොම එකයි දෙසීයක් තිබ්බා... ඔලුවයි කුකුල් දෙකයි...” පොර හෙන හෑල්ලක් කියන්ඩ ගත්තා. “මේ මේ ඇති ඇති.. ගාන කීයද?” මම ගාන ගෙවලා මස් ටික අරගෙන ගෙදර ආවා. මේ තියෙන්නේ ඒ ගම් කුකුළා තමා. පට්ට රසට ආවා හරි (අපේ ඔය දිව්‍ය ලෝකේ ඉන්න ආච්චි නිතරම කියන දෙයක් තමයි සත්තුන්ගේ මස්වලට රසයි කියන්ඩ හොඳ නෑ කියලා. එහෙම කිව්වාම පවු සිද්ධ වෙනවලු... දන්නැද්ද ඉතින් ආච්චිලනේ)... කොහොමත් මට පට්ට රසට උයන්ඩ පුලුවන්. ඔය මගේ ලිස්ට් එකේ ඉන්න සමහර පගයෝ මුං ඇට ටිකක් තම්බලා, කුරහන් තලපයක් හදලා පොටෝ ගහලා පේස් බුක් දාලා හිච්චි පබ්ලිස්ලා වගේ හැසිරුණාට උන්ට මගේ සූපවේදී හැකියාව එක්ක හැරෙන්ඩවත් බැහැ හරිය... (දැන් වරෙන් රෙදි උස්සගෙන) වැඩේ කියන්නේ මේක මස් ටිකක් එක්ක ඊයේ පොඩි අඩියක් ගහන ගමන් දාපු කමෙන්ට් එකකට තමා අර ෆෙමිනිස්ට් හුප්ති මට තට්ටයා කියලා බැන්නේ... ඒ වුණාට මට ගම් කුකුළා ගැන ටිකක් දුකයි.. මට සමාවෙයන් ගම් කුකුළෝ🙏 පව්කාරයා මාලු කාපංකො චිකන් කන්නෙ 🙏🙏🙏🙏 එක හුස්මට කියෙව්වා අය් යෙ... 😍😍😍😍😍මස් කරියත් රස පාටයි... ගේ ඒ තරම් පොඩිද කියල අහයි දැන් තණමල්ව්ල, හොරොව්පතානෙ සෙට් එක. අය් යා සුද්ද සිංහලෙන් කියලා දෙන්න එතකොට ඔය පැත්තෙ පර්ච් එකක වටිනාකම 🙏 ඒ අතින් මම හෙන කෲරයිනේ , තෝරලත් දීල කිරනකනුත් බලන් ඉදල , මැරිල කපනකුත් බලන් ඉදලා , උගෙ පෙදේ නම් අයින් කරන්න එපා කියලා ඒකත් ගෙදර ගෙනල්ල උයල දෙන එකත් කනවා 😨🥲 🙏 මම විකුනන්න ඉන්න පණ පිටින් ටැංකිවල දාලා තියෙන මාලු කකුලුවෝ පොකිරිස්සෝ දිහා බල බල ඉන්නවා - Asian කඩවලට ගියහම. Fresh මාලු වලට තරං මේ ලෝකේ මොන මල ඉලව්වටවත් ආස නැති මං මුදේ හිටියට වඩා freezer වල හිටිය මාලු ගෙදර අරං එනවා ! (ඉස්සර අපි ඇලකන්දේ ඉන්න කොට හවස මුදු ගිය බෝට්ටු වල මාලු උදේ හම්බවෙන්නේ ! අන්න මාලු !!!) මට අර පණ පිටිං ඉන්න වුන් අතරේන් එකෙක් මරන්න තෝරන්න බැහැ ! ඒක මාර අවුල් ! මෙි කුකුළා සුගතියක ඉපදිලා ඇති පිහාටුless ජීවියෙක් වෙලා ! ! 🙏 මරදාන මාකට් එකේ උදේ වරුවේ කුකුල්ලු මරන්නෙත් ඔහොම තමා එකෙක් බෙල්ල ගාවින් පිහිය ඇදලා කුකුලා ලොකු බැරල් එකකට දානවා. ඒක ඇතුලේ කුකුල්ලු මර භයේ පණ අදිනවා. තව එකෙක් ඒ බැරල් එකෙන් කුකුලෙක් අරගෙන හොටයි කකුලුයි කපලා අයින් කරනවා. තව එකෙක් එහෙම කරපු කුකුල්ලුන්හේ හම එක පාරෙන් ගලවලා දානවා. මරදානේ මාකට් එකය ඉදේ 10ට විතර ගියාම ඕම තමයි 🙏 සිකුරිටි අංකල් එන තැනට එනකං මගේ සංවේදි මිනිසා අවදි වුනා අයියේ. මං හිතුව දුක හිතිලා සුපර් මාකට් එකෙන් අයිස් කුකුලෙක් ගෙනත් හැදුවා කියයි කියලා. 😂 කෙටි චිත්‍රපටියක් බැලුවා වගේ අයියා. ලියලා තියන ලිවිල්ලට මුලු සිද්දියම මැවිලා පේනවා... ❤️❤️❤️ 🙏 දෙයක් කන්න ආස හිතුනහම එක එක දේවල් ඔලුවට දාන් ඒක නොකා දුක් විඳින එක ඔක්කොටම වඩා පවක්. කුකුලෙක්ව කෑවා කියලා ලෝකේ අනිත් පැත්ත පෙරලෙන්නෙ නෑ.. 😊 🙏 ඌව තෝරගෙනම මරන් කාලා දැන් පක ටද කුකුළා ගැන දුක් වෙන්නෙ ? සතෙක්ව කොහොම මරන් කෑවත් පව පවමයි. ඒත් දැන් අලුත් මස් ට්‍රෙන්ඩ් එක තමයි ඕක. මේකෙ කොටසක් මිලේච්චයො ඉන්නවා උන් ආසයි උන්ගෙ ඇස් ඉස්සරහා සතාව මරලා මස් ගන්න. අන්න එහෙම උන්ටත් ඔය සැපයුම හදලා තියෙන්නෙ. ඔය කියන විදිහට ඇත්තටම පොඩි හරි අවුලක් දැනුන නම් ඉස්සරට ඒකත් නැතිව ලොකුම එකා පෙන්නලා මරන් කන්න ලැබෙන්න ඕන උඹට. 🙏 මේ වෙසක් සතියෙ මම නම් බිත්තරයක් වත් කන්නෙ නෑ අයියේ.. පොඩ්ඩක් හැදෙන්න බලන්න.දැන් වයසයි නේ.. අයියා.. ඒ උනාට ඒක රස පාටයි ..රෙසපිය දාන්න බෑද..😀 🙏 මට නම් කඩෙන් ගේන මස් ටික හෝදන්නවත් බැ. ඒ ලේ දකිද්දී කන්න අප්පිරිය හිතෙනවා. හෝදලා කපලා තිබ්බොත් තමා මම උයන්නේ

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු