function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
අලි පේර ඇට රුධිර පිළිකාවට වැට බඳියි😍ඇගේ මේදය දිය කර කෙට්ටු කරයි අලිගැටපේරවලඇට ලේ පිළිකාවට දිව ඔසුවක් බව කැනඩාවේ පර්යේෂකයෝ පිරිසක් කියති. එහි ඇති අණුක හේතුවෙන් ලියුකේමියා හි ස්කන්ධ සෛල මර්ධනය වන බව ද ඔවුහු පෙන්වා දෙති. ලියුකේමියා රෝගය හා සම්බන්ධ ස්කන්ධ සෛල මර්ධනය සඳහා ලෝකයේ දැනට සොයාගෙන ඇත්තේ ඉතාමත් ස්වල්ප ඖෂධ ප්‍රමාණයකි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මගින් ලියුකේමියා රෝගින්ගේ ජිවිත අපේක්ෂාව ඉහළ දැමිය හැකි බවයි. ලියුකේමියාව යනු මාරාන්තික රෝගී තත්ත්වයකි. සෞඛ්‍ය සම්පන්න අයගේ ඇට මිදුලු වල නිපදවන ස්කන්ධ සෛල වැඩී පසුව රතු රුධිර සෛල, පට්ටිකා සහ සුදු රුධිර සෛල බවට පත්වේ. නමුත් ලියුකේමියා රෝගින්ගේ මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවන්නේ නැත. එමගින් රතු රුධිර සෛල නිපදවිම වෙනුවට අසාමාන්‍ය ලියුකේමියා සෛල නිපදවේ. මේවා නොමේරු සෛල වන වන බැවින් සාමාන්‍ය රුධිර සෛල ලෙස ක්‍රියා කිරීමට නොහැකි වෙයි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මේදයේ අණුවල ඇති ඇවොකටින් බී මගින් මෙම අහිතකර නැවැත්වීමට හැකියාව ලැබෙන බවයි. එමගින් ස්කන්ධ සෛල සෞඛ්‍ය සම්පන්නව රුධිර සෛල ලෙස වැඩීම සිදුකරයි. පර්යේෂණ ප්‍රධානි ලෙස වෝටර්ලු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පෝල් ස්පැග්නුලෝ ක්‍රියාකරයි නව ඖෂධය ලියා පදිංචි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇතැයි ද මහාචාර්ය පොල් මහතා විදෙස් මාධ්‍යයට කීවේය. එය දැනටමත් පළමු අදියරේ සායනික අත්හදාබැලිම් සඳහා යොමුකැර ඇත. අලිගැට පේර ඕනම ආහාරයක් සමග සැසදේ… එම නිසා මා දිනකට එක ගෙඩියක් හෝ ආහාරයට ගැනීම සිදු කරයි. දැන් එය මාගේ ප්‍රියතම ආහාරයද වේ. එම නිසා මා මාගේ උදේ බීමට අලිපේර ගෙඩි භාගයක් එක් කර ගන්නා අතර අනෙක් භාගය රාත්‍රී සලාදයට එක් කර ගනී. කලකට පෙර මාද අලිපේර ආහාරයටගෙන ඇට විසි කිරීමට පුරුදුව සිටියේය. දැන් අලිපේර ඇට ඖෂධිය ගුණ වලින් යුත් බව මෙන්ම ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදීද දීර්ග කාලයක සිට යොදා ගන්න බව දන්නා කරුණකි. අලිපේර ඇට ආහාරයට ගැනීම සුදුසුද? චෙරි, මිදී හා කොට්ටන් යන පලතුරු ඇට වල වමනය යාම ඇති කරන, ක්ලාන්ත ගතිය ඇති කරන එමෙන්ම සමහර අවස්ථාවල මරණය ඇති කරන සයනයිඩ් නම් විෂ රසයන ද්‍රව්‍ය පැවතුනද අලිපේර ඇට වල එවන් අතුරු පල නැත. අලිපේර වල මද විෂ ටැනින් නම් ද්‍රව්‍ය අන්තර්ගත වුව ද එහි බලපෑමක් එල්ලවන්නේ අලිපේර ඇට ව්ශාල ප්‍රමාණයක් අනුභව කළහොත් පමණි. 2013 දී පර්යේෂකයන් විශාල ගණනක් ලෝක විද්‍යා සගරා කීපයකම අලිපේර ඇට පිළිබද ඔවුන්ගේ පර්යේෂණ ප්‍රසිද්ධියට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ මත වන්නේ අලිපේර ඇට වල විෂ රසායනික අඩංගු නොවන බවත් ඒවා පරිභෝජනයට ඉතා සුදුසු බවත්ය. අලිපේර ඇට අආහාරයට ගැනීමෙන් ඇතිවන යහපත් සෞඛ්‍ය තත්ත්වය. අලිපේර විටමින් බි, සෞඛ්‍යමත් මේද හා පෝෂක වලින් අනුනය. එසේම ඒවා ජෛව සක්‍රිය ශාක රසායනික උද්දිපකයකි. එහි මේද අම්ල, ට්‍රයිටපින්ස්, පයිටෝස්ටෙරල් හා ඇබිසිසික් අම්ලවලින් එන ග්ලුකොසයිඩ් අනුනය. 70%ක් වන ප්‍රතිඔක්සිකාරක මුල ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ අලිපේර ඇට වලය. අලිපේර වල පවතින ප්‍රතිඔක්සිකාරක ශාක රසායනික දෙක වන්නේ ප්‍රොන්තොසයිනිඩ්ස් සහ ෆ්ලේවනොයිඩ්ස් ය. මේ දෙක ජාරක කෙදි වල ඉහලින්ම පවතී. අලිපේර ඇට ඔබේ සෞඛ්‍යට දායක වන්නේ කෙසේද? අනෙක් වාසි අතර අලිපේර වල ප්‍රතිදිලිර, ප්‍රතිජීවක, ප්‍රතික්ෂුද්‍රජීවි, කෘමි නාශක, කිට නාශක, ඇමිබා නාශක වැනි ගුණාංග පවතී. 1 පිළිකා නාශනයට දායක වේ. අලිපේර වල පවතින ෆ්වනොල්ස් නම් වූ බලවත් ප්‍රතිඔක්සිකාරකය (එසේම තවත් විශාල ගණනක්) (ඇන්ටි ටියුමර්) ගෙඩි ඇතිවීම වලක්වයි. ඇන්ටිකා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් අලිපේර ඇට සාරය ලියුකේමිය සෛලවල ස්වයං විනාශය සිදු කරන බව සොයා ගෙන ඇති අතර ඔවුන් එය ඖෂධ ජීව විද්‍යාව නම් වූ සගරාවේ පල කර ඇත. එසේම පිළිකා පර්යේෂණ නම් වූ සගරාවක මෑතකදි පලකරන ලද අධ්‍යනයකට අනුව අලිපේර වල පවතින ඇවකේෂන් බි නම් වූ සාරයට මයිලොයිඩ් නම් වූ තිව්‍ර ලියුකේමිය සෛල විනාශ කල හැක. මේ අධ්‍යනයට අනුව මෙම සෛලවලට විරුද්ද ස්වභාවික නිෂ්පාදන 800ක් පමණ පරීක්ෂණයට ලක් කර ඇත. 2 හර්ද රෝගීන් සදහා 2012 දී මානව පෝෂණයට ශාක ආහාර නම්වූ සගරාවේ පල කරන ලද අධ්‍යනයකට අනුව අලිපේර ඇට පිටි වලට කොලෙස්ටරෝල් සහ L.D.L කොලෙස්ටරෝල් මට්ටම් අඩු කල හැක. එසේම එහි පෙන්වන පරිදි අලිපේර ඇට ධමනි අවහිරතා වලක්වයි. කොලෙස්ටරෝල් අඩු කිරීම සම්බන්දයෙන් අලිපේර කෙදි ප්‍රයෝජනවත්ය. මෙම කෙදි කොලෙස්ටරෝල් සමග සම්බන්ධ වී අතුනුබහන් වලදී එය අවශෝෂණය වලකයි. පර්යේෂකයන් පෙන්වන පරිදි මෙම අලිපේර ඇට අධි කොලෙස්ටරෝල් තත්ත්ව වලට අධ්‍යානති තත්ත්ව වලදී දායක වේ. එසේම එය ප්‍රදාහය හා දියවැඩියාව වලක්වයි. 3 ජීරක උපකරකයකි. අලිපේර ඇටවල ප්‍රතිඔක්සිකාරක හා කෙදි ජීර්ණය පහසු කරයි. උතුරු ඇමරිකානුවන් ජීරක ගැටලුවන ජටරිය ව්‍රනය, උග්‍ර අතිසාරය, තීව්‍ර අතීසාරය යන්නට අලිපේර ඇට මගින් ප්‍රතිකාර ලබා දේ. 4 ප්‍රති ශක්ති පද්ධතිය ශක්තිමත් කරයි. ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියකට ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කලහැක. අලිපේර ඇට වල ප්රෝසයිනිඩ්නිස් හා කැචේන්ස් නම් ප්‍රතිඔක්සිකාරක පවතී. එහි වන ප්‍රතිදාහ විරෝදී ගුණාංග දැඩිබව, ඉදිමුම, බද්ධ වේදනා හා ලෙඩ රෝග අවම කරන අතර උණ හා වෛරස් වලින් ආරක්ෂා කර ප්‍රතිශක්තිය ජනනය කරයි. අලිපේරවල සාරයට කැන්ඩිඩා නම් රෝගකාරක බිජ හා අනෙක් දිලිර වැළක්විය හැකි බව 2009 දී පල කරන ලද සගරාවක් පවසයි. 5 සමේ රැලි අඩු කරයි. අලිපේර ඇට වල තෙල් සමේ ප්‍රෝටීන් වැඩි කරන නිසා රැලි වැටීම වලක්වයි. අලිපේර ඇටය ඉවත් කරගන්නේ කෙසේද? – කුහරය වටින් සිද අලිපේර ඇටය ඉවත් කර ගන්න. – පිහියක් කුහරය තුලට දමා කරකවා පහසුවෙන් ඇද ගන්න. – පසුව පිහියෙන් ඇටය ඉවත් කර ගන්න. – ඇට ටික එකතු කරන්න. පසුව වියලන්න පොත්ත ගලුවුනාම හතරට කපා වියලන්න මම අවන් එකේ 50c දාලා තියනවා. ගානට වෙලුනාම කුඩු කරලා බෝතලේකට දමා ගන්න. – මෙම කුඩු ඔබගේ බිමට එක් කර ගන්න. (අනෙක් අවශ්‍ය ද්‍රව්‍ය සමග) පරිපුර්ණ අලිපේර ඇට (කොළ පැහැ ) බිමකට වට්ටෝරුවක් • අලිපේර ඇට 1/2 ක් • අලිපේර ගෙඩි 1/2 ක් • අලමන්ඩ් කිරි හෝ ජලය 1 කෝප්පයක් • ඉදුණු පෙයාස් ගෙඩියක් • ඇපල් ගෙඩි 1/2 • නිවිති කෝප්පයක් • ගාගත් ඉගුරු 1ක් කුඩා කොටසක් සදා ගන්නා ආකාරය ) අලිපේර ඇට පව්ඩර් සහ සියලුම අවශ්‍ය දෑ සමග මිශ්‍ර කරගන්න. (රුචිය වඩවන සෞම්‍ය තත්වයක් ලැබෙන තුරු හන ඇට හා රතු සලාද කොළ අඩංගු තවත් බිමක් මෙන්න. ලේ අඩු පෙෂර් එකට අවශ්‍ය දෑ • අලිපේර ඇට 1/2 ක් • ජලය හෝ අලමන්ඩ් කිරි කෝප්ප 2 1/2 ක් • ඉදුණු පෙයාස් ගෙඩි 1ක් • ඉදුණු අඹ ගෙඩි 1/2ක් හෝ 1/4 ක් • කුඩු කරන ලද හන ඇට තේ හැදී 3ක් • රතු අලද කොලයක මුල කොටස 3/4ක් පමණ සාදා ගන්නා ආකාරය නැවත අලිපේර ඇට කුඩුකර අනෙක් අවශ්‍ය දෑ සමග මිශ්‍ර කර ගන්න. අයිස් සමග පිළිගන්වන්න. අලිපේර ඇට වල අනෙකුත් ප්‍රයෝජන ඉහත සදහන් කළ ප්‍රයෝජන වලට අමතරව තවත් ප්‍රයෝජන ඇත. එනම්, • ගුවකමෝල් සේවර් (පොඩි කරන ලද අලිපේර වලට මිරිස්, ළුණු හා තක්කාලි එක් කර සාදා ගන්නා ආහාරයක්) මෙය නරක් වීම වැලක් වීමට අපට අලිපේර ඇට කුඩු යොදා ගත හැක. ගෙදර සදා ගත හැකි මුහුණු ආලේපනයක් අලිපේර ඇට ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරයි. ඇට වියළා අඹරා නිතර හදන මුහුණු අලේපනයට එක් කරගන්න. කෙට්ටු වීමට ඇගේ මේදය දිය කර හැරීමට අලිපේර ඇට තේ 😍 ඔබට අවශ්‍ය වන්නේ විනාඩි 30ක් පමණ අලිපේර ඇට උඩ පොත්ත ඉවත් කර හතරට කපා විනාඩි 20 ක් තම්බන්න එයින් ඔබට හොද තේ කෝප්පයක් ලැබේ. පසුව දෙහි බින්දු දෙක තුනක් මි පැණි දමා බොන්න . ස්වාභාවික ආහාර ආකලන ද්‍රව්‍යක් අලිපේර ඇටවල ඇති ප්‍රතිඔක්සිකාරක ශාක රසායනික ද්‍රව්‍ය ආහාර ආකලනයක් ලෙස ක්‍රියා කරයි. 2011දී කෘෂිකර්මාන්තය හා ආහාර රසායන විද්‍යාව නම් සගරාවේ පල කල ආකාරයට අලිපේර ඇටවල ඇති ප්‍රතික්ෂුද්‍රජිවී හා ප්‍රතිඔක්සිකාරක බලපෑම නිසා ඒවා ආහාර නරක් වීම වලකයි. උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න 🙏 මෙත් සිතිණි 🥰 නේරංජනා කස්තුරිආරච්චි ❤️

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු