🟠 රසයෙන් ගුණයෙන් ඉහළ ලාංකික අපගේ දිවුල් කිරි පානය..🤷
දිවුල් කිරි කෝප්පයක් මතක් වෙනකොට අපේ හිතට කොච්චර ආනන්දයක් දැනෙනවද? දිවුල් කිරි බොන කොටත් එහෙමයි වෙනම ලෝකයකට යනවා. ලංකාවේ අපි දිවුල් කිරි හදලා බීලා ඒ රසය ලෝකයට කියනකම් කිසිම රටක් දිවුල් කිරි හදන හැටි දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මේ දිවුල් කිරි කෝප්පයේ තිඹිරි ගෙය තමයි අපේ මෙන්න මේ චූටිම චූටි ලංකාව.
සුන්දර ළමාවියක් ගත කරපු කෙනෙකුට නම් පොඩි කාලේ දිවුල් කිරි දාගෙන බත් කාපු හැටි, අම්මා දිවුල් කිරි හදනකොට එයින් මිරිකලා අයින් කරන ඇට ටික ආසාවෙන් ඉල්ලගෙන කාපු හැටි තවම හොඳට මතකයේ ඇති.
බටහිර ජාතිකයින් ස්මූති වල ගුණ මෑතකදි හොයාගත්තට පස්සේ මුළු ලෝකයම අද දුවන්නේ මේ ස්මූති පස්සෙමයි. ස්මූති කියන්නේ පලතුරු ජූස් වලට. දිවුල් කිරි කියන්නේ ශ්‍රී ලාංකික අපගේ වුඩ් ඇපල් ස්මූති (Woodapple Smoothie) එකටයි.
ලාංකික අපට ඉතා හොඳ දිවුල් ඇස්වැන්නක් තියෙනවා. හොඳට ඉදුණු දිවුල් ගෙඩියකට සීනි දාලා කන්නත් අපි ආසයි. ඒත් ඒටික සූරලා අරගෙන දිවුල් කිරි හදලා බොන්න ඊටත් වඩා ආසයි. පායන දවසක හවසට දිවුල් කිරි එකක් බොනවා කියන්නේ ඒක කොච්චර රසවත් ආශ්වාදජනක අත්දැකීමක් ද?
🟠 දිවුල් කිරි හදන්න අවශ්‍ය දේවල්
🔶. හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 05 කින් ගත්ත දිවුල් මද
🔶. සීනි කෝප්ප එක හමාරක්
🔶. පොල්කිරි කෝප්ප 02 ක්.
(හොඳ උකු පොල්කිරි ම මේකට ගන්න)
🔶. දියකිරි කෝප්ප 01 ක්
🔶. ලුණු ටිකක්
🤷 සාදාගන්නා ආකාරය
01. දිවුල් මද ටික හොඳින් සූරා මැටි කෝප්පයකට දමා ගන්න. හොඳින් ඉදුණු දිවුල් වල මදය ජෑම් එකක් වගේ. ඒ දිවුල් ජෑම් එක හොඳින් සූරලා ගන්න.
02. දැන් එයට සීනි ටික එකතුකරන්න. සීනි සහ දිවුල් මද හොඳින් අතින් මිශ්‍ර කරන්න.
03. පසුව එයට ලුණු ටිකක් සහ පොල්කිරි දාන්න. දියකිරි සහ මිටිකිරි දෙකම දාන්න. හොඳින් අතින් මිශ්‍ර කරන්න.
04. දැන් අතින් හැකි තරම් දිවුල් ඇට ගෙන ඉවත්කරන්න. මිරිකමින් ඉවත් කරන්න. ගමේ අය නම් මේක පෙරා ගත්තේ නෑ. අතින්ම තමයි ඉවත් කළේ. එහෙම කරලා හරිම උකු දිවුල් කිරක් හදාගත්තා. ඒක හරිම රසයි.
05. අපි පෙරා ගමු. හොඳින් අතින් පොඩි කරමින් පෙරාගන්න. නැත්නම් දිවුල් රසය අපරාදේ.
06. පෙරාගත් දිවුල් කිරි වල රසය බලන්න. සීනි මදිනම් දාගන්න. පසුව අවශ්‍ය නම් අයිස් කැට ටිකක් දමා ශීතකරණට දමන්න.
🟠 දිවුල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය
• තෙතමනය ග්‍රෑම් - 64.2g
• ශක්තිය කි. කැ. - 134
• ප්‍රෝටීන - 7.1g
• මේදය - 3.7g
• කාබෝහයිඩ්‍රෙට් - 18.1g
• කැල්සියම් - 130mg
• පොස්පරස් - 110mg
• යකඩ - 0.6mg
• කැරටින් - 61microgram
• තයමින් - 40 microgram
• රයිබොෆ්ලෙවින් - 170 microgram
• නියසින් - 0.8mg
• විටමින් C - 3mg
🤷 දිවුල් ගසේ ඖෂධීය භාවිතය
• දිවුල් ගසේ කොළ, මල්, ගෙඩි, මැලියම්, මුලේ පොතු ආදී සියල්ල ඖෂධ ලෙස භාවිතා කරයි.
• දිවුල් අමුවෙන් ආහාරයට ගත් විට එය උෂ්ණ ගුණයෙන් යුක්ත වන අතර ඉදුණු දිවුල් ශීත ගුණයෙන් යුක්ත වේ.
• අතීසාරය, වමනය, පාචනය සඳහා දිවුල් ඖෂධයක් ලෙස යොදාගනී.
• කුඩා ළමනුන්ගේ වර්ධනයට දිවුල් ඉතා උපකාරී වෙයි.
• මී විෂට, සර්ප විෂට මෙන්ම ආයුර්වේදයේදී රසායන ඖෂධ තැනීමේට ද මෙම දිවුල් භාවිතා වෙයි. දිවුල් කොළ යුෂට කළු හීනටි හාල් කැඳ සදා දීමෙන් මී විෂ නැතිකරගත හැකියි.
උපුටාගැනීමකි
ස්තූතිය හෙළ අරණ පිටුවට
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment