ශරීරයේ පවතින උෂ්ණාධික බව අපට අභ්‍යන්තරික හා බාහිර වශයෙන් බොහෝ ගැටලු මතු කරන්නකි. ආයුර්වේදයට අනුව සිරුරේ ඇති ත්‍රිදෝෂ සමතුලිතව පවතී නම් ශරීරය නීරෝගී වන අතර අසමතුලිත බව ලෙඩ රෝග හට ගැනීමට හේතුවේ. ඉතින් මේ ත්‍රිදෝෂයන් අතුරින් පිත් දෝෂය ශරීරයේ උෂ්ණාධික බවට හේතුවේ.
මෙසේ උෂ්ණාධික සිරුරක් ඇතිවීමට බලපාන හේතු ලෙස.
1. මව හෝ පියාගේ සිරුර අධික උෂ්ණ ස්භාවයකින් යුක්තයි නම් උපතින්ම දරුවාට ද උෂ්ණාධික සිරුරක් හිමිවේ.
2. එමෙන්ම ඔබ ගන්නා ආහාර රාබු, කොල්ලු, තක්කාලි, කිරි අල, මැංගුස්, දූරියන් රඹුටන්, ලොවි වැනි ආහාරත් මිරිස් හා තෙල් අධික ආහාර ගැනීමත් මෙයට හේතු වේ.
3. අවිධිමත් චර්යා රටා,දිවා නින්ද, නිදි මැරීම, ජලය පානය අඩු බව, මානසික පීඩනය, නිතර කේන්ති ගැනීම ආදියත් හේතු වේ.
4. හිසරදය, ගැස්ට්‍රයිටිස්, මළ බද්ධය, අර්ශස්, පිළිකා, මානසික ආතතිය, පුරුෂ මධුසරු බව, ආර්තව ගැටලු, දරුඵල ප්‍රමාද වීම වැනි ගැටළුද මෙම සිරුරේ උෂ්ණාධික බව නිසා ඇතිවේ.
5. බාහිර වශයෙන් අපට හිස කෙස් වලට හා සමට බොහෝ බලපෑමක් ඇතිකරයි.අකලට හිස කෙස් පැසීම, හිස්හොරි, සම අවපැහැවීම, කුරුලෑ, තොල් අවපැහැවීම, සමේරෝග ආදිය දැකගත හැකිය.
6. තවදුරටත් ශරීරයේ උෂ්ණාධික බව හඳුනා ගතහැකි ලක්ෂණ ලෙස දහඩිය දුගඳ, අත් පා ඇඟිලි සම කැසීම, ඇස් දැවිල්ල, සිරුර දැවිල්ල, නිතර දහඩිය දැමීම, මුඛ දුගඳ අපට දැක ගත හැකිය.
මේ සඳහා අපට ගත හැකි ප්‍රතිකාරයන්
✅නෙල්ලි, රසකිඳ, රණවරා, බෙලි මල්, ඉරමුසු, කොමඩු, පොකුරුවද, පිපිඤ්ඤා ආදීය පානයන් ලෙස ගැනීම.
✅හාතාවාරිය, කොහිල, මුං ඇට, විලඳ, සව් ආදී කැද වර්ග පානය
✅දිය බත් හා ගිතෙල් ආහාරයට එකතු කර ගැනීම.
✅විශේෂයෙන්ම හාතාවාරිය, රසකිඳ, සැවැන්දරා, පත්පාඩගම් ආදිය පානයක් ලෙස හෝ භාවිතයට ගැනීම.
✅බාහිර වශයෙන් සුදු හඳුන් , එළකිරි සමග ආලේපනය කිරීම, රසකිඳ කොළ, බෙලිකොළ ආදිය අඹරා ආලේප කිරීම.
✅ඖෂධීය කොළ තැම්බූ වතුරින් ස්නානය කිරීම.
✅ඖෂධීය තෙල් හිසෙහි ගැල්වීම.
මේවායින් කිහිපයක් හෝ එදිනෙදා භාවිතාවට ගෙන ඔබත් සිරුරේ උෂ්ණාධික බව අඩු කරගන්න.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment