function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
මොනරතැන්න කට ඇඹුලෙන් බිරියානි වර්ග 5 ක් 🎀🎀හයිද්‍රාබාද් චිකන් සොසේජස් බිරියානි🎀j 🍜අවශ්‍ය දේවල් : - 🎈බාස්මති හාල් 500g 🎈කුකුල් මස් 500 g ( මම බ්‍රෙස්ට් එකයි , අඩුයි 2 කම ගත්තා ) 🎈ඉගුරු /සුදුලූනූ පේස්ට් තේ හැදි 2 🎈යෝගට් කප් 1/4 🎈ලියාගත් ලූනු ගෙඩි 2 🎈කජු ටිකක් 🎈සොසේජස් ටිකක් 🎈කොටු කපාගත් තක්කාලි ගෙඩි 2 🎈බිරියානි මසාලා මේස හැදි 2 🎈මිරිස් කුඩු තේ හැදි 2 🎈කහ කුඩු තේ හැදි 1/2 🎈ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 🎈තුන පහ තේ හැදි 1/2 🎈තෙල් හෝ ගී මේස හැදි 1 🎈ලුණු රස අනුව 🎈කපා ගත් කොත්තමල්ලි කොල සහ මින්ට් කොල මිටක්. 🎈බත සැරසිමට සැෆ්රන් රේනු තුනක් පමණ රත්කර ගත් කිරි මේස හැදි තුනකට දමා ගන්න. ( නැත්තම් තැඹිලි හො කහ පාට කලරින් ටිකක් ගන්න) 🍜 සාදන ආකාරය 1. කුකුල් මස් ටික හොදින් වතුර බේරෙන්න තබා බාජනේකට දමා ගන්න. 2. එයට මිරිස් කුඩු , කහ කුඩු , ගම්මිරිස් කුඩු , තුනපහ කුඩු , ලුණු සහ යෝගට් තේහැදි 1ක් දමා හොදින් කලවම් කර පැයක් පමණ මැරිනේට් වෙන්න තියන්න. 3. හාල් ටික සෝදා වතුර අවශ්‍ය දමා තෙල් බිංදු කිපයක් , කොත්තමල්ලි මල්ලි කොල ටිකක් , ලුණු අවශ්‍ය පමණ දමා බත උයා ගන්න. 4. ලියාගත් ලූනු ටික රන්වන් පාට වනතුරු බැද පැත්තකින් තබන්න.කජු ටිකත් බැද පැත්තකින් තියා ගන්න.සොසේජස් ටිකත් බැදගන්න. 5. භාජනයක් ලිප තබා තෙල් හෝ ගී ටික දමා රත් වූ පසු එයට ලූනූ ටිකක් දමා බැදෙනවිට ඉගුරු සුදුලූනූ ටික දමා බැදගන්න. 5. බිරියානි මසාලා දමන්න .චිකන් ටික දමන්න.හොදින් කලවම් කරන්න කපාගත් තක්කාලි ටික දමන්න.යෝගට් ටික දමන්න.හොදින් කලවම් කර විනාඩි දෙක තුනක් තබා වතුර කප් 1/2 පමණ දමන්න. විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ ඉදෙන්න දෙන්න . 6. දැන් ලිපෙන් ඉවතට ගෙන වෙනත් පතුළ ගැඹුරු භාජනයක් ගෙන යටට චිකන් ලේයර් එකක් දමාගන්න. 7. එයට උඩින් බත් ටිකක් දමා ගන්න.නැවත චිකන් දමා ඊට උඩින් බත් දමා කපා ගත් කොත්තමල්ලි මින්ට් කොල දමා උඩින් සැෆ්රන් මිශ්‍ර කිරි ඉස බැදගත් ලූනූ.සහ බැදගත් කජු ටිකක් දමා කට හොදින් පියනකින් වසාගන්න. 8. විනාඩි දහයක් පමන මද ගින්දරේ තබා පසුව බත් එක ඔබ පිගන්වලට දමා ගනිද්දි කලවම් නොකර යට සිට උඩට හැන්දෙන් පරිස්සමින් බෙදන්න. අවසානයට කජු , සොසේජස් , බැද ගත් ලූනු ටිකක් උඩින් දමා පිලිගන්වන්න.. 🎀🎀🎀🎀 බැටලු මස් බිරියානි🎀🎀🎀🎀🎀🎀 🍜අවශ්‍ය දේවල් 🎈බාස්මති 500g 🎈සාමන්‍ය ප්‍රමාණයට කපා සෝදාගත් ගත් බැටලු මස් 1kg 🎈හීනියට ලියාගත් ලොකු ළුණු ගෙඩි 2 🎈කොටු කපාගත් තක්කාලි ගෙඩි 1 🎈කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 3 🎈කොටු කපාගත් අල ගෙඩි 3 🎈චොප් කරගත් ඉගුරැ , සුදුළුණු මේස හැදි 2 🎈යෝගටි 01 🎈තෙල් 🎈කහ කුඩු හො කහපාට කලරින් ටිකක් 🎈ලුණු රස අනුව 🎈කජු 🎈බිත්තර 🍜 සාදන ආකාරය 1. හාල් ටික හෝදලා වතුර ටිකක් අඩුවෙන් තියලා ඇට බෙරි නොවෙන්න බත් එක උයා ගමු. 2. දැන් තෙල් ටිකක් තාච්චියකට දාලා රත් උනාම කජු ටික බැදලා පැත්තකින් තියන්න. ළුනු ටිකත් බැදලා පැත්තකින් තියාගන්න. 3. දැන් වෙන බාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාන්න.තෙල් රත් වෙද්දි ළුණූ ටිකත් පොඩිඩක් බැදෙන්න අරන්න. 4. ඉන්පසු එයට ඉගුරැ , සුදු ළුණු ටික දාලා පෙඩිඩක් බැදෙන්න අරන්න. ඊට පස්සේ කොටුවට කපා ගත් තක්කාලි,අල,අමු මිරිස් සහ එලුමස් ටික දාන්න. 5. ඒකට ම බිරියානි මික්ෂර් එක දාලා රස අනුව ලුණු , යෝගටි 1 එකතු කරලා හොදට කලවමි කරගෙන විනාඩි 25-30 වගේ පියනකින් වහලා උයා ගන්න. 6. දැන් අලුත් බාජනයක් අරගෙන ඒකට මුලින්ම උයාගත් බත් ටිකක් දාන්න.ඒක උඩින් එලුමස් එකෙන් ටිකක් දාන්න.බැදගත් ළුනු , කජු එකතු කරන්න.කහ කුඩු හො කලරින් ටිකක් දාන්න.නැවත් බත් ටිකක් දාන්න.නැවත මස් ටිකක් දමා කජු , ළුනු , කලරින් දමා ගන්න.එය උඩින් බත් ටිකක් දාන්න.පියනකින් වසා මද ගින්දරේ විනාඩි 5ක් ලිපේ තියන්න. 7. ඉන්පසු කලවම් කරන්න.බිත්තර තම්බා හෝ බැද පිලිගන් වන්න. කැමති නමි තැමිබු බිත්තර ටිකක් එකතු කර ගන්න. 🎀🎀🎀ෆ්‍රයිඩ් චිකන් ඇන්ඩ් එග් බිරියානි 🎀🎀 ගෙදර දි ලේසියෙන් හොයා ගන්න පුලුවන් කුළුබඩු වර්ග කිපයකින් හදන්න පුළුවන් මේක ....... 🍜 අවශ්‍ය දේවල් 🎈බාස්මතී හාල් 500g 🎈හම ඇර සෝදාගත් කුකුල්මස් අඩු 500g 🎈බිත්තර 5 🎈චොප් කරගත් ඉගුරැ සුදුලූනූ තේ හැදි 2 🎈යෝගටි 1 🎈හීනියට ලියාගත් ලූනු ගෙඩි 2 🎈කොටුකපාගත් තක්කාලි ගෙඩි 1 🎈මිරිස් කුඩු තේ හැදි 1 🎈කහ කුඩු තේ හැදි 1/2 🎈තුන පහ තේ හැදි 1/2 🎈තෙල් මෙිස හැදි 1 🎈ලුණු 🎈බෙි ලීෆ් එකක් 🎈එනසාල් , කරාබුනැටි කීපයක් 🎈කොත්තමල්ලි ඇට තේ හැදි 1/4 🎈සූදුරැ තේ හැදි 1/4 🎈කුරැදු පොතු කෑල්ලක් 🎈ගමිමිරිස් ඇට තේ හැදි 1/4 🎈කජු 🍜 සාදන ආකාරය 1. බිත්තර තමිබා පොතඅැර ගන්න. 2. හාල් ටික සෝදා වතුර අවශ්‍ය පමණ දමා බෙරි නොවන ලෙස බත උයා පසකින් තබා ගන්න. 3. කපාගත් ළුණූ ටිකෙන් ටිකක් රන්වන් පාට වනතුරු බැද පැත්තකින් තබන්න.කජු ටිකත් බැද ගන්න. 4. මස් ටිකත් ලුණු , ගම්මිරිස් , කහ අත ගා බැදගන්න. 5. භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත් වූ පසු කොත්තමල්ලි .සූදුරැ.එනසාල් කරාබුනැටි .කුරැදු පොතු.ගමිමිරිස් ඇට ටික දමා ඉැද ගන්න මෙය බැදුන පසු පොඩිඩක් හැන්දෙන් තද කර සූදුරැ සහ කොත්තමල්ලි ඇට ටික කුඩු කර ගන්න. 6. එයට ඉතිරි ළුණූ ටික දමා බැදෙනවිට ඉගුරැ , සුදුලූනූ ටික දමා බැදගන්න. මිරිස් කුඩු , කහ කුඩු , තුනපහ කුඩු දමා කලවමි කරන්න. 7. එයට කපාගත් තක්කාලි ටික දමන්න. යෝගටි ටික දමන්න.එයට බැදගත් මස් ටික හා බිත්තර දමා හිමින් කලවමි කර විනාඩි දෙක තුනක් තබා වතුර කප් 1/2 පමණ එකතු කර ගන්න. 8. විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ ඉදෙන්න දෙන්න . දැන් ලිපෙන් ඉවතට ගෙන බිත්තර ටික අයින් කරගන්න. 9. වෙනත් භාජනයක් ගෙන යටට මස් සහිත කරියෙන් ටිකක් දමාගන්න එයට උඩින් බත් ටිකක් දමා ගන්න.එය උඩින් බැදගත් කජු , හා ළුනු දමා ගන්න. 10. නැවත කරියෙන් ටිකක් දමා ඊට උඩින් බත් දමා බැදගත් ළුණූ හා කජු දමා කලවම් කර ගන්න. බිත්තර කපා බත් එක උඩින් දමා පිලිගන්වන්න.. 🎀🎀🎀🎀ඇරබියන් චිකන් බිරියානි 🎀🎀🎀 🍜 අවශ්‍ය දේවල් 🎈බාස්මතී හාල් 1kg 🎈චිකන් ලෙග්ස් 500g 🎈සිහින්ව පෙති කපා ගත් ලූනු ගෙඩි 2 🎈ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 2 🎈අමු මිරිස් කරල් 3 🎈කුරුදු පොතු කෑල්ලක් 🎈එනසාල් කරාබු නැටි 4 🎈කුඩාවට කපා ගත් ලොකු තක්කලි ගෙඩි 1 🎈ටොමාටෝ පේස්ට් මේස හැදි 1 🎈තුනපහ කුඩු තේ හැදි 1 🎈සිහින්ව ලියා ගත් කොත්ත මල්ලි කොළ ටිකක් 🎈තෙල් 🎈ලුණු 🎈කහ කුඩු 🎈ගම්මිරිස් තේ හැඳි 1/2 🍜 සාදන ආකාරය 1. චිකන් සෝදල ලුනු ටිකක් දාල තම්බ ගන්න තම්බපු වතුර ටික තියා ගන්න. බත උයා ගන්න. 2. තම්බ ගත්තු චිකන් තෙල් චුට්ටක් රත් කරල බැදගෙන පසෙකින් තියා ගන්න. 3. භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි 4ක් දාන්න.එයට ලූනු , ඉගුරු සුදුලූනු , කුරුදු පොතු කෑල්ල දාල රන්වන් පාට වෙන්න බැද ගන්න. 4. දැන් තක්කලි එකතු කරන්න.තක්කාලි හොදින් තැම්බෙද්දි ටොමැටෝ පේස්ට් , තුනපහ කුඩු , කහ කුඩු එකතු කරන්න. 5. දැන් හාල් ටික ලිපේ තියන බාජනයට දාන්න. බැදගත් චිකනුත් එකතු කරන්න හොදින් කලවම් කරන්න. 6. රස අනුව ලුනු එකතු කරන්න.චිකන් තම්බපු වතුරත් දාලා හාල් වැහෙන ගානට තවත් ඕනේ නම් වතුර තියලා බත බෙරි නොවෙන්න විනාඩි 15ක් විතර අඩු ගින්දරේ උයා ගන්න. 🎀🎀🎀අවන් බේක් චිකන් බිරියානි🎀🎀🎀🎀 🍜 අවශ්‍ය දේවල් 🎈සහල් 1kg 🎈මුදවපු කිරි හට්ටි 1 🎈කුකුල් මස් 500 g 🎈සූදුරු තේ හැදි 2 🎈කුරුදු පොතු 1 🎈ළූනු 50g 🎈සුදු ළූනු , ඉගුරු , කරාබු නැටි , එනසාල් , එළගි තෙල් , කරපිංචා , කජු , කොත්තමල්ලි කොළ 🍜 සාදන ආකාරය 1. සහල් විනාඩි 15 ක් පමණ පිස ගන්න. 2. කපාගත් 🐓 කුකුල් මස් මුදවපු කිරි සමග මිශ්‍ර කොට විනාඩි 20 ක් පමණ තබන්න. 3. කරාබු නැටි , එනසාල් , කුරුදු පොතු හැර ළූනු සහ අනෙකුත් අමුද්‍රව්‍ය පෙති කපා ගන්න. 3. තෙල් රත් කර ඉහත කපාගත් ළූනු ඇතුළු අමුද්‍රව්‍ය එයට දමා රන්වන් පාට වන තුරු බැදගන්න.කුකුල් මස් එකතු කොට හොඳින් පිස ගන්න. 4. සුදු ළූනු , ඉගුරු , කුරුදු , එළගි තෙල් , කරපිංචා , කජු , කොත්තමල්ලි කොළ එකතු කොට කරියක් සාදා ගන්න. 5. ඉන්පසු බත් තට්ටුවක් ද ඒ මත කුකුල් මස් කරි තට්ටුවක් ද නැවත බත් තට්ටුවක් ද ...ආදී වශයෙන් පිලියෙල කොට අවන් එකක තවත් විනාඩි 2 ක් පමණ බේක් කර ගන්න. මොනරතැන්න කට ඇඹුල .........

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු