𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ මාළු මිරිස් රෙසපි
මාළු මිරිස් වෙනස් වෙනස් රසයන්ට හදාගන්න පුළුවන් ක්‍රම 5ක්
1. මාළු මිරිස් මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
හීනියට ලියාගත් මාළු මිරිස් කරල් 3
පොල් කෝප්ප 1
රතුළූණු ගෙඩි 5-6
කුරුඳු පොතු කෑල්ලක්
සූදුරු
කහ තේ හැඳි1
අබ තේ හැඳි 1/2
ගම්මිරිස් ඇට 4-5
රම්පේ
කරපිංචා
තෙල්
මුලින්ම පොල් මැල්ලුම හදාගන්න
පොල් වලට ලියාගත් රතුළූණු, කුරුඳු පොතු, සුදුළූණු, අබ, සූදුරු, කහ, කරපිංචා, ගම්මිරිස් ඇට දාලා හොඳට අඹරගන්න.
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් රතුළූණු, රම්පේ, කරපිංචා දාලා බැදෙනකොට අඹරගත්ත පොල් මැල්ලුම කලවම් කරන්න.
පොල් ටික හොඳට තැම්බෙනකොට ලියාගත් මාළු මිරිස් ටිකත් දාලා කලවම් කරන්න. ලුණු රස අනුව දාගන්න.
2. මාළු මිරිස් පිරවුම
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු මිරිස් කරල් 6-7
ලියාගත් ළූණු ගෙඩි 2
බිත්තර 1
කෑලිමිරිස් තේ හැඳි 2
ලියාගත් අමුමිරිස් කරල් 3-4
ලුණු
උම්බලකඩ කෑලි මේස හැඳි 2
මිටිකිරි කෝප්ප 1
කහකුඩු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
මුලින්ම මාළු මිරිස් ටික සෝදලා අරන් පිහි තුඩකින් දිග අතට වෙන් නොවෙන්න පැල්මක් දාගෙන ඇතුලෙ ඇට ටික පරිස්සමට අයින් කරගන්න.
දැන් තෙල් ටිකක් රත්වෙන්න තියලා ඒකට ලියාගත් ළූණු, රම්පේ, කරපිංචා, අමුමිරිස්, කෑලිමිරිස් දාගන්න. කහකුඩු ටිකකුත් එකතු කරන්න.
උම්බලකඩ දාලා කලවම් කරන්න. අන්තිමට බිත්තරයක් කඩලා දාලා කලවම් කරන්න.
දැන් මේ මිශ්‍රණය ලුණු දාලා ලිපෙන් බාගන්න.
නිවුනට පස්සෙ පරිස්සමින් මාළු මිරිස් ඇතුළට මේ පිරවුම දාගන්න.
දැන් මිටිකිරි වලට කහකුඩු, මිරිස් කුඩු හා තුනපහ කුඩු එකතු කරන්න.
දැන් මිශ්‍රණය පුරවපු මාළු මිරිස් මිටිකිරි දාපු ඇතිලියේ අසුරලා ලිපේ තියලා උතුරවලා ගන්න. හැඳි ගාන්නෙ නැතුව හට්ටිය හොලවල මිශ්‍ර කරන්න.
3. මාළු මිරිස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු මිරිස් කරල් 7-8
තම්බාගත් අල ගෙඩි 4-5
සැමන් පොඩි ටින් එකක්
ලියාගත් සුදුළූණු බික් 3-4
කරපිංචා
කෑලිමිරිස් තේ හැඳි 2
කහකුඩු තේ හැඳි 1/4 (බැටර් එක සඳහා කහකුඩු වෙනම ස්වල්පයක් අවශ්‍යයි)
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු කුඩු
චොප්කරගත් ළූණු ගෙඩියක්
පාන්පිටි කෝප්ප 1
බිස්කට් කුඩු ග්‍රෑම් 100
තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙනකොට ළූණු, සුදුළූණු හා කරපිංචා දාගන්න. හොඳට තෙම්පරාදු උනාම පොඩිකරගත් සැමන් ටික එකතු කරන්න.
කෑලිමිරිස්, කහ කුඩු හා ගම්මිරිස් කුඩු සමග රස අනුව ලුණු දාගන්න.
හොඳට තෙම්පරාදු උනාට පස්සෙ දැන් පොඩිකරගත් අල ටිකත් දාගන්න. හොඳින් කලවම් කරගෙන ලිප ඕෆ් කරගන්න.
බැටර් එකට පාන්පිටි හා කහකුඩු ටිකක් දාලා වතුර දාලා බ්ලෙන්ඩ් කරගෙන උකු බැටර් එකක් හදාගන්න.
දැන් මාළු මිරිස් උණු වතුර එකක විනාඩි 5ක් දාල තියල පරිස්සමින් පලාගෙන ඇට අයින් කරලා ඒකට මේ පිරවුම දාගන්න.
දැන් පාන්පිටි බැටර් එකේ දවටලා බිස්කට් කුඩු වල තවරගන්න. හොඳට කෝට් උනේ නැත්නම් ඩබල් කෝට් කරන්න.
පෑන් එකකට තෙල් දාලා හරවමින් බැදගන්න.
4. මාළු මිරිස් ඇඹුල
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු මිරිස් කරල් 4-5
කපාගත් තක්කාලි ගෙඩි 1
කපාගත් ලොකු ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු ටිකක්
රම්පේ/කරපිංචා
මිටිකිරි කෝප්ප 1/2
කෑලිමිරිස් තේ හැඳි 2
කහකුඩු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 2
ලුණු
පොල්තෙල්
අබ ස්වල්පයක්
තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට චොප්කරගත් සුදුළූණු, රම්පේ හා කරපිංචා එකතු කරන්න.
දැන් කපාගත් මාළු මිරිස් ටික දාගන්න. ඉන්පසු කපාගත් ළූණු හා තක්කාලි ටික එකතු කරන්න.
ලුණු කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු හා කහ කුඩු එකතු කරන්න. අන්තිමට කෑලිමිරිස් දාගන්න. දැන් තෙලෙන් මැලවෙන්න ඇරලා පොල්කිරි ටික දාගන්න. කිරි හිඳෙන්න ඇරල ලිපෙන් ඉවත් කරගන්න.
5. බේක් කළ මාලු මිරිස්
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු මිරිස් කරල් 5-6
තම්බාගත් අල ගෙඩි 3
චීස් වෙජස් 3
කෑලි මිරිස් තේ හැඳි දෙකක්
බෙල්පෙපර් පාට දෙකකින්
චොප්කරගත් ළූණු ටිකක්
ලුණු
ගම්මිරිස්කුඩු
බිත්තර 1
මාළු මිරිස් ටික පිහි තුඩකින් පලලා ඇතුළෙ ඇට අයින් කරගන්න. දැන් තම්බාගත් අල පොඩි කරන ගමන් ඒකට චීස්, කෑලිමිරිස් හා ළූණු එකතු කරන්න.
බෙල්පෙපර් පොඩියට කොටු කපාගෙන එකතු කරන්න. ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න.
දැන් හැන්දකින් මේ මිශ්‍රණය මාළු මිරිස් කරල ඇතුළට පුරවගන්න.
බිත්තර සාරු ටිකක් වටේ ගාගෙන ඔයිල් බ්‍රශ් කරපු ට්‍රේ එකක අතුරලා 180°C ට විනාඩි 20ක් බේක් කරගන්න.
´´´´´´´´´´´´´´´´
උපුටා ගැනිමකි ස්තුතියි මුල් අයිතිකරුට 🙏🙏
@top fans
Credit - internet
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.






Comments
Post a Comment