✅ සෝයාමීට් බිස්ටේක්
🚩අවශ්‍ය ද්‍රව්‍ය
සෝයාමීට් පැකට් එකක්
රවුම් කපාගත් ළූණු ගෙඩි 3
කපාගත් මාළු මිරිස් කරල් 2
රස අනුව ගම්මිරිස් කුඩු සහ ලුණු
විනාකිරි මේස හැන්දක්
ගොරකා කෑලි 2
කහ ටිකක්
සීනි තේ හැඳි 1/2
කුරුඳු පොතු කෑල්ලක්
කරදමුංගු ඇට 3
කරාබු නැටි 5
රම්පෙ, කරපිංචා
තලාගත් ඉඟුරු, සුදු ළූණු තේ හැන්දක්
🚩කහ, ගොරකා සහ ලුණු ස්වල්පයක් එක් කරගත් වතුරේ සෝයාමීට් තම්බාගන්න. තම්බාගත් සෝයාමීට් වල වතුර හොඳින් මිරිකා ගන්න.
තෙල් ටිකක් රත් වෙන්න හැර එයට කරදමුංගු, කරාබුනැටි, කුරුඳු, ඉඟුරු, සුදු ළූණු, රම්පෙ සහ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. කරපිංචා බැදී සුවඳ එන විට එයට ළූණු ටික එක් කර ඒ සමඟම විනාකිරි, සීනි, ගම්මිරිස්, ලුණු සහ කහ ටිකක් එක් කරගන්න.
එයට මාළු මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන වතුර මිරිකාගත් සෝයාමීට් එක් කරගන්න. ලිපේ ගින්දර අඩු කර විනාඩි 3ක් පමණ පියනකින් වසා පිසගන්න.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment