function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
හෙට ඡන්දෙ දවසේ ඡන්දෙ දාලා ඇවිත් නිදහසේ හදා ගෙන කන්න පුළුවන් රසම රස මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න විදිහ බලමුද? මික්ස් ෆ්‍රයිඩ් රයිස් ✨🫧🌹🇱🇰 චිකන් සීසන් කර ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය : ✅ කොටුවට කපා ගත්ත චිකන් 250g ✅ සෝයා සෝස් මේස හැන්දක් ✅ කහ කුඩු තේ හැඳි බාගයක් ✅ රස අනුව ලුණු ✅ දෙහි යුෂ ටිකක් රයිස් එකට අවශ්‍ය ද්‍රව්‍ය : ✅ පොල් තෙල් ✅ උයලා ෆ්‍රිජ් එකේ දාලා ගත්ත බාස්මති/සම්බා බත් කෝප්ප 4 ක් ✅ පොඩියට කපා ගත්ත ලොකු ලූනු ගෙඩියක් ✅ තලා ගත් ඉඟුරු කෑල්ලක් ✅ තලා ගත් සුදු ලූනු බික් 6 ක් ✅ පොඩියට කපා ගත්ත ✅ අමු මිරිස් කරලක් ✅ පොඩියට කපාගත් කරපිංචා අහුරක් ✅ පොඩියට කපා ගත් රම්පෙ ටිකක් ✅ බිත්තර 2 ක් ✅ සොසේජ් කරල් 4 ක් ✅ කොටුවට කපා ගත්ත කැරට් අලයක් ✅ හීනියට කපා ගත්ත ලීක්ස් ගහක බාගයක් ✅ පොඩියට කපා ගත්ත කජු පියලි 15 ක් ✅ චිලී පේස්ට් තේ හැඳි 2 ක් ✅ ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක් ✅ සුප් කැටයකින් බාගයක් ( රසට කන්න ඕනි නම් දාන්න ) ✅ තක්කාලි සෝස් තේ හැන්දක් ✅ ඩාක් සෝයා සෝස් තේ හැන්දක් ✅ සීනි තේ හැඳි බාගයක් ✅ අමු තුනපහ කුඩු මේස හැඳි කාලක් ✅ ඔයිස්ටර් සෝස් තේ හැඳි බාගයක් ✅ තල තෙල් තේ හැඳි කාලක් ✅ රස අනුව ලුණු සාදන ක්‍රමය : ✅ මුලින්ම බෝල් එකක් අරන් සෝදලා කපා ගත්ත චිකන් ටික දාලා ඒකට උඩ කියපු සීසන් කර ගන්න ඕනි දේවල් ටික දාලා කලවම් කරලා පැය බාගයක් පැත්තකින් තියා ගන්න. ✅ ඊට පස්සේ සීසන් උණු චිකන් ටික බැද ගන්න. සොසේජස් ටිකත් රවුමට කපලා චිකන් බැදපු තෙල් එකේම බැද ගන්න. පොඩියට කපා ගත්ත කජු ටිකත් ඒ තෙල් එකේම බැද ගෙන පැත්තකින් තියා ගන්න. ✅ ඊට පස්සේ රයිස් එක හදන්න ලොකු තාච්චියක් ලිපේ තියලා ඒකට අර චිකන් බැදපු තෙල් ටික දා ගන්න. ( එහෙම කැමති නැත්නම් වෙනම තෙල් ටිකක් අරන් දා ගන්න. බොරුවට මෙතන වැළලෙන්න හදන්නේ නැතිව.😒 ) ✅ තෙල් ටික රත් උනාට පස්සේ ඒකට ලූනු , සුදු ලූනු , ඉඟුරු , රම්පෙ ,කරපිංචා ටික දාලා ටිකක් විතර තෙම්පරාදු කරන්න. ✅ ඊට පස්සේ ඒකට කඩා ගත්ත බිත්තර දෙක දාලා ටිකක් වෙලා එහෙන්ම බැදෙන්න දීලා කලවම් කරන්න. ✅ ඊට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා ඒකට උයා නිවා ගත්ත බත් ටික එකතු කරලා කලවම් කරන්න. ✅ ඊට පස්සේ බැද ගත් චිකන් , සොසේජ් , කජු , චිලී පේස්ට් , තක්කාලි සෝස් , සෝයා සෝස් , ඔයිස්ටර් සෝස් , තල තෙල් , සීනි , තුනපහ , කැරට් , සුප් කැටය , ගම්මිරිස් ටික දාලා ලිපේ ගින්දර වැඩි කරලා බත් ටික හොඳට බැදෙනකන් ටික වෙලාවක් කලවම් කරන්න. ✅ බත් ටික බැදුනට පස්සේ අන්තිමට ලීක්ස් ටික දාලා රස අනුව ලුණු එකතු කර ගන්න. ✅ ඒ විදිහට ඔයාට කඩේ රසට ගෙදරදීම මික්ස් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න පුළුවන්. ✅ ඔයාලත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු