❤️අවන් එකකින් හදන කෑම අවන් එක නැතුව හදමු
❤️ #ඥානකතා
☺️අවශ්‍ය ද්‍රව්‍ය:
🚩පාන් පිටි ග්‍රෑම් 250
❤️සීනි ග්‍රෑම් 100
🚩බටර් ග්‍රෑම් 50
❤️බිත්තර 1
🚩බේකින් පවුඩර් තේ හැඳි 3
❤️ලුණු ස්වල්පයක්
🚩කිරි මිලිලීටර 30
❤️වැනිලා තේ හැඳි 1
🚩සීනි ස්වල්පයක්
🍀සාදන ආකාරය:
♻️ලොකු ඇතිලියක් ගන්න. ඒකෙ අඩියට ලුණු තට්ටුවක් අතුරගන්න. මේ ඇතිලිය ඇතුළේ කුස්සියෙදි භාජන තියන්න පාවිච්චි කරන වර්ගයේ යකඩ දරණුවක් තියන්න. ඊට පස්සේ ඇතිලියේ පියන වහලා මද වෙලාවක් රත්කරගන්න.
ඒ අතරතුර සීනි, බටර්, බිත්තරය එකට දමා හොඳින් බීට් කරන්න. ඒ මිශ්‍රණයට පිටි, බේකින් පවුඩර්, වැනිලා සහ ලුණු එකතු කර කිරි දාලා හොඳින් අනන්න පිටි මෝලිය අතේ නොඇලෙන ගාණට.
මෝලිය පොඩි බෝලවලට වෙන් කරලා අවශ්‍ය හැඩයට පැතලි කරගන්න. ඒවා උඩින් වතුර ගාලා සිනී ඉහගන්න. දැන් අර ඇතිලියේ ඇතුළෙන් ඥාණකතා දාපු තැටිය දාලා විනාඩි 20-25 අතර පුළුස්සන්න.
...............♻️
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment