function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා දලු ග්‍රෑම් 100 ක් අළු කෙසෙල් ගෙඩි 2 ක් හෝ 3 ක් කජු ග්‍රෑම් 100 ක් (අමු කජු නම් වඩාත් හොඳයි) මෑකරල් හෝ බෝංචි ග්‍රෑම් 50 ක් කොස් ඇට කිහිපයක් රටල අල කිහිපයක් නැතිනම් අර්තාපල් ගෙඩියක් වම්බටු කරලක් හෝ දෙකක් තුනපහ කුඩු මේස හැඳි එකක් මිරිස් කුඩු මේස හැඳි දෙකක් කහ ස්වල්පයක් රතුලූනු ගෙඩි කිහිපයක් අමු මිරිස් කරල් 3 ක් රම්පේ, කරපිංචා මිටිකිරි අඬුකෝප්ප දෙකක් රස අනුව ලුණු පොල්තෙල් ස්වල්පයක් සාදන ආකාරය 01. කොස් ඇට පොතු හැර තළා හෝ සිහින්ව කපාගන්න. 02. රටල හෝ අර්තාපල් ගෙඩියද පොතුහැර කපාගන්න. 03. කපාගත් කොස් ඇට, අල හෝ රටල, කජු බඳුනකට දමා තරමක් තැම්බෙන්නට හරින්න. 04. මෑ කරල්, වම්බටු, අළු කෙසෙල්, වට්ටක්කා දලු ආදී එළවළු සියල්ල සෝදා තරමක කැබලි කපාගන්න. 05. පිරිසුදු මැටි බඳුනක් ළිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමන්න. 06.තෙල් රත්වීගෙන එන විට එයට රම්පේ, කරපිංචා, සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස් ආදිය දමන්න. 07. ඒවා බැදීගෙන එන විට කපාගත් එළවළු සහ මඳක් තම්බාගත් කොස් ඇට, රටල සහ කජු ටිකද දමන්න. 08. මිරිස් කුඩු, කහ, තුනපහ සහ රස අනුව ලුණු ද එකතු කරන්න. ඉන්පසු මිටිකිරි ද මේ ව්‍යංජනයට දමා ඉස්ම හිඳෙනතෙක් මඳ ගින්දරේ පිසගන්න.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු