function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
😬දිව හොයන රස මසාලා තෝසේ ☺️තෝසේ කියන්නෙ ඉතින් ❤️අවශ්‍ය ද්‍රව්‍ය 👉රැයක් පෙඟෙන්න දැමූ උඳු ඇට කෝප්ප 1 රැයක් පෙඟෙන්න දැමූ සුදුහාල් කෝප්ප 2 👉හීල් බත් මිටක් උළුහාල් තේ හැඳි 1/2 👉තම්බා පොඩිකරගත් අල ගෙඩි 2 කපාගත් අමුමිරිස් කරල් 2 👉චොප්කරගත් ළූණු ගෙඩි 2 ලුණු 👉කොත්තමල්ලි කොළ ස්වල්පයක් ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1 👉සූදුරු ස්වල්පයක් කහකුඩු තේ හැඳි 1/2 👉තෙල් ස්වල්පයක් හාල්පිටි කෝප්ප 1/2 👉කරපිංචා ටිකක් ගී ස්වල්පයක් ❤️උඳු ටික උළු හාල් සමඟත් හාල් සහ හීල්බත් ටික වෙනමත් වතුර ස්වල්පයක් එක්ක එකට බ්ලෙන්ඩ් කරගන්න. සේරම එකට මිශ්‍ර කරල පැය 6ක් වහලා තියන්න. උඳු මිශ්‍රණයට අවශ්‍ය පමණ වතුර සහ ලුණු එක් කරගෙන උකුත් නැති දියාරුත් නැති බැටර් එකක් හදාගන්න. භාජනයකට තෙල් මේස හැඳි 4ක් දාලා සූදුරු ටික දාගන්න. ටිකකින් අමුමිරිස්, කරපිංචා, ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා හැඳිගාන ගමන් ළූණු ටික දාගන්න. කහකුඩු, ලුණු එකතු කරන්න. වතුර චුට්ටක් දාගන්න. දැන් පොඩි කරගත් අල ටික දාගන්න. හොඳට කලවම් කරලා කොත්තමල්ලි කොළ ටික දාගන්න. ටිකකින් ලිප නිවාගන්න. දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා තෝසෙ මිශ්‍රණය දාලා තුනී කරගන්න. උඩින් ගී ඔයිල් ටිකක් ඉසගන්න. තෝසෙ එකේ මැද ගාණට තැම්බුනාම මසාලා පේස්ට් එක තෝසේ එකෙන් භාගයක් වැහෙන්න දාගෙන අනිත් පැත්තෙන් නවල වහන්න.

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු