කෙසෙල්මුහ බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය :-
කෙහෙල් මුව 01ක්
ලොකු ලූනු ගෙඩි 01ක්
අමුමිරිස් කරල් 3-4ක්
රම්පේ, කරපිංචා උළුහාල් ස්වල්පයක්
තළාගත් සුදුලූනු
බික් 4-5ක්
තුනපහ කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු (රස අනුව)
දියකිරි කෝප්ප 01ක්
මිටිකිරි කෝප්ප 01ක්
තෙල් ටිකක්
බැටරය සඳහා:-
පාන් පිටි ග්‍රෑම් 100ක්
කඩල පිටි මේස හැඳි 04ක්
ලුණු (රස අනුව)
වතුර
සාදන ක්‍රමය:-
01. කෙසෙල්මුහයේ වටේ ඇති මේරූ කොළ ඉවත්කර රවුම් හැඩයට පෙති කපන්න. මේවා වෙන්වීම වළක්වා ගැනීමට ඉරටු කැබැල්ලක් හරහට ගසන්න.
02. මෙම පෙති ලුණු මිශ්‍ර වතුරේ දමා කහට ගතිය නැතිවන ලෙස සෝදා ගන්න.
03. පිටි, කඩල පිටි, ලුණු එකට මිශ්‍රකර උකු බැටරයක් සාදා කපාගත් කෙසෙල්මුහ පෙති බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් කෙසෙල්මුහ පෙති පසෙකින් තබන්න.
04. වෙනත් බඳුනකට තෙල් ටිකක් දමා ළිප මත තබා රත් වූ පසු එයට ලියාගත් ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, සුදුලූනු, උළුහාල් දමා තෙම්පරාදු කරන්න. එයටම දියකිරි හා ලුණු එකතු කරන්න.
05. අනතුරුව තුනපහ, මිරිස් කුඩු කහ කුඩු දමා බැදගත් කෙසෙල්මුහ පෙති එකතු කරන්න.
06. ඉන්පසු මිටිකිරි ටික එක්කර උතුරන්නට හැර ළිපෙන් බාන්න.
උපදෙස් ප්‍රවීණ සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment