function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 බත් මුල් බඳින්න නියමයි 👌 කොහිල අල වලින් හදන සීනි සම්බෝල Skip to main content

බත් මුල් බඳින්න නියමයි 👌 කොහිල අල වලින් හදන සීනි සම්බෝල

බත් මුල් බඳින්න නියමයි 👌 කොහිල අල වලින් හදන සීනි සම්බෝල
👌 කොහිල අල වලින් හදන රෙසපි තුනක්ම පහළ දාමා ඇත 👇👇👇👇 බෝඩිමේ ඉන්න ඔයාලාට ඉක්මනින් හදාගන්න පුළුවන් ,වැඩි වියදම් නැති රෙසපි එකක් , ඔෆීස් යන ඔයාලට බත් මුලට, දානෙට උත්සවයට ගලප ගන්න පුළුවන් රෙසපි වර්ග තුනක් කොහිල අල සීනි සම්බෝලය එක්ක ,පාන් කන්න කිරි බත් කන්න,ආප්ප කන්න මේ හැම දෙයක් එක්කම ,ගලපගන්න පුළුවන් රස කෑමක්. රටලූනු වලින් සීනි සම්බෝල හදද්දි ලොකු වියදමක් යනවනේ ,ඒකට පිළියමක් 😍✍️✍️✍️
1/කොහිල අල බැදලා සලාද හදලා 2/කොහිලඅල මෝජු( කල් තබා ගත හැකි ආකාරයට සැකසූ) 3/කොහිල අල සිනි සම්බෝලය ( කල්තබා ගත හැකි ආකාරයට සැකසූ) (1)කොහිල අල බැදලා සලාද හදලා අවශ්‍ය ද්‍රව්‍ය 👇👇✍️✍️✍️ මම ගත්තේ පොඩි කොහිල අලයයි ලියා ගත් රතුළුණු ගෙඩි දහයක් තුනට කපා ගත් අමු මිරිස් කරල් පහක් ලුණු ස්වල්පයක් අඹරා ගත් අබ පේස්ට් එක දෙහි ගෙඩියක් මිරිස් කුඩු ස්වල්පයක් කරපිංචා ස්වල්පයක් උම්බලකඩ කුඩු හරි , බැදගත් කූනිස්සන් පොඩ්ඩක්( අවශ්‍යම නැහැ තියෙනවා නම් පමණයි) සීනි ස්වල්පයක් කොහිල බැඳ ගැනීමට පොල්තෙල් පෙති කපා ගත් සුදුලූණු ගෙඩි කිහිපයක් සාදාගන්නා ආකාරය ✍️✍️✍️ කොහිල අල ටික පොතුහැර හොඳින් සෝදා දික් අතට කපාගෙන, ලුණු සහ කහ දැමූ භාජනයකට දමා විනාඩි දහයක් පමණ තියන්න. ඉන්පසු හොඳින් සෝදා තෙත බේරෙන්නට පසෙකින් තබන්න. එහෙමත් නැත්නම් පිරිසිදු රෙදි කඩකින් හොඳින් තෙත මාත්තු කරගන්න. ඉන්පසු මෙය හොඳින් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.ඒ වගේම තෙල් බේරෙන්නට ටික වේලාවක් පසෙකින් තබන්න.😍
අමු මිරිස් කරල් ටිකද බැදගන්න, පෙති කපාගත් සුදුලූනුත් බැඳගන්න කූනිස්සන් ගන්නවනං එයත් බැදගන්න අන්තිමට ගින්දර අයින් කරලා කරපිංචා ටික බැඳගන්න. දැන් ඉතින් අපි බලමු හදන්නෙ කොහොමද කියලා මැටි ඇතිලියක් අරගෙන එයට අබ පේස්ට් එක දමන්න, ඉන්පසු රස අනුව ලුණු, මිරිස් කුඩු ඉතාම පොඩිි ප්‍රමාණයක්, දෙහි ඉස්ම , සීනි ස්වල්පයක් දාමා හොඳින් කලවම් කර මේකටම බැද ගත් කොහිල,අමු මිරිස් ,,බැදගත් සුදුලූණු පෙති, කූනිසන් හෝ උම්බලකඩ ,කරපිංචා ටික , ලියා ගත් රතුළුණු ටික( රතු ලුණු බදින්නේ නැහැ ,ඔයාලට කැමති නම් අමූ මිරිස් බැදලා ගන්නෙත් නැතුව නැතුවගන්න පුළුවන්) මේ සියල්ල කලවම් කර ලුණු මදි නම් ලුණු එක්එක්කර ,කෑමට ගන්න තමයි තියෙන්නෙ කොහිල මෝජු හදන හැටි ( කල් තබාගත හැක)✍️👇👇 අවශ්‍ය ද්‍රව්‍ය ටික උඩින් තියන ඒවම තමා ඒ වගේම ,උඩින් සාදාගත් අබ පේස්ට් එකට දෙහි වෙනුවට විනා කිරි එක් කරන්න.,ටික වෙලාවක් ලිප තබා රත් වෙනුවෙන්න හරින්න. ඉන්පසු. ලිපෙන් ඉවතටගෙන බැදගත් සියලුම දේ එකතු කරපුවහම, කොහිල මෝජුවක් හදාගන්න පුළුවන්, ඒක රස කරන්න වියළි මිදී එකතු කරන්නත් පුළුවන් ,එයත් ගොඩක් රසයි 😍 මෙය කල් තියාගන්න පුළුවන් 😍 මේකට නම් රට ලුණු අරගෙන පෙති කපා බැඳගන්න , අමූ මිරිසුත් බැඳගන්න. 😍 කොහිල අල සීනි සම්බෝල ( කල්තබා ගත හැකිි ආකාරයට) අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රථමයෙන් වගේම පිරිසිදු කර දික්කතට කපා තෙත මාත්තු කරගත් කොහිල අල අවශ්‍ය ප්‍රමාණයට ලියාගත්රටලුණු 250g උම්බලකඩ කුඩු 100g කැලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට තලා ගත් කරදමුංගු කරාබුනැටි කරපිංචා බැඳගැනීමට පොල්තෙල් සීනි ස්වල්පයක් රස අනුව ලුණු ගොරකා කැබලි දෙකක් කුරුඳු පොතු කැබැල්ලක් හීනයටට ලියා ගත් රතුලූණු ගෙඩි කිගිපයක් සාදාගන්නා ක්‍රමය දික් අතට හීනියට කපාගත් කොහිල අල ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙන තෙක් බැදගන්න. එහි තෙල් බේරෙන්නට පසෙකින් තබන්න. ලියාගත් රට ලූණු ටිකද බැඳගන්න. රම්පකරපිංච ටිකද බැඳගන්න ඉන් පසු වෙනම මැටි භාජනයක් ලිප තබා , රත් වෙන්නට හැර,තෙල් ස්වල්පයක් එක්කර,ලියාගත් රතුළු වුනු ටික ,රන්වන් පාට වෙන තෙක් බැඳගෙන, එයටම උම්බලකඩ කුඩු , තලා ගත් කරාබු නැටි,කරදමුංගු, කුරුඳු එක්කර,එයද බැඳෙන්නට දෙන්න.( මේ සියල්ල අඩු ගින්දරේකරන්න) මේ සියල්ල බැඳීගෙන එන විට කැලි මිරිස් ටික රස අනුව ලුණු, ගොරකා කැබලිත් දෙක තුනද එක්තර අඩු ගින්දරේ ( කරවෙන්නට දෙන්න එපා) ටික වේලාවක් තබා සීනි, එකතු කරන්න. එයට බැදගත් රටරට ලූණු, රම්පා, කරපිංචා, බැහැදගත් කොහිල අල ටික ද එකතු කර හොඳින් කලවම් කර , පොඩි වෙලාවක් ගින්දර අඩුවෙන් දමා හොඳින් කලවම් කරමින් ටිකවේලාවක් ලිප මතා තබාගන්න. කර වෙන්න නම් දෙන්න එපා ගින්දර අඩු වෙන්ම තියාගන්න ලිපෙන් ඉවතට ගත් පසුව ගොරකා කැබලි දෙක අයින් කරන්න.😍 ඉන්පසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර ජීවානු හරණය කළ බෝතල්වල දාගන්න පුළුවන් කොහීල අලසීනි සම්බෝල එක්ක පාන් ,ඉඳිආප්ප ,ආප්ප, බත් ඕන දෙයක් එක්ක මේක ගලපගන්න පුළුවන්😍😍 ඉතින් හැදුවොත් අනිවාර්යයෙන්ම රසකියන්න #Mayaskitchensrilanka Maya's kitchen

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු