හදමුද ලේසියෙන්ම ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් රසම රස ගුලාබ් ජාමුන් ටිකක්. එන්නකෝ එහෙනම් රෙසිපි එක බලන්න. 😍
ගුලාබ් ජාමුන් 🥀🤎🇱🇰
ජුලාබ් ජාමුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
✅ කිරිපිටි 130g
✅ පාන් පිටි 60g
✅ බේකින් පවුඩර් තේ හැඳි 1/2
✅ බටර් මේස හැඳි 2 1/2
ෂුගර් සිරප් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
✅ සීනි කෝප්ප 1 1/2
✅ වතුර කෝප්ප 1 1/2
✅ එනසාල් 5
✅ දෙහි බෑයක්
සාදන ආකාරය :
✅ මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි , වතුර එකතු කරලා හැන්දකින් හොඳින් කලවම් කරන ගමන් සීනි ටික දිය කර ගන්න.
✅ ඊට පස්සේ දිය උන සීනි එකට එනසාල් 5 ක් දාලා හොඳට කලවම් කරලා ඒකට දෙහි බෑයත් එකතු කරලා සීනි ටික හොඳට රත් වෙන්න දෙන්න.
✅ ඊට පස්සේ හැන්දකින් ටිකක් අතට අරන් බලන්න ෂුගර් සිරප් එක අතේ ඇලෙන ගානට තියෙනවා ද කියලා. එහෙම තියෙනවා නම් ලිපෙන් බා ගන්න.
✅ ඊට පස්සේ වෙනම බෝල් එකක් අරන් ඒකට කිරි පිටි , පාන් පිටි , බේකින් පවුඩර් , බටර් ටික දාලා හොඳට අතින් කලවම් කර ගන්න.
✅ ඊට පස්සේ දිය කර ගත් පිටි කිරි 60ml ( කැමති නම් fresh milk ගන්න පුළුවන් ) විතර අරගෙන ටික ටික පිටි මිශ්‍රනේට දාලා, ටිකක් ඝන තෙත මිශ්‍රණයක් වෙනකං හොඳට අතින් අනා ගන්න. ( මේක අනා ගද්දී අතින් පොඩි කරනවා වගේ අනා ගන්න )
✅ ඊට පස්සේ ඒක විනාඩි 2 ක් විතර වහලා තියන්න.
✅ විනාඩි 2 කට පස්සේ කලින් දිය කර ගත් පිටි කිරි ටිකක් අරගෙන වේලිලා වගේ තියෙන පිටි මිශ්‍රණයට දාලා ආයෙත් ටිකක් හොඳට අනා ගන්න.
✅ ඊට පස්සේ අතේ බටර් ටිකක් ගාගෙන අර පිටි මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදලා පිඟානකින් තියා ගන්න. ( හදා ගත්ත ගුලාබ් ජාමුන් බෝල වේලිලා වගේ නම් දිය කර ගත් කිරි හරි , වතුර හරි ටිකක් ඉහා ගන්න. ගුලාබ් ජාමුන් ටික ගොඩාක් වේලිලා ඝනට තිබ්බොත් බදිද්දි පුපුරන්න බලනවා. )
✅ ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට බැදගන්න පුළුවන් තරමේ තෙල් දාලා තෙල් ටික විනාඩියක් විතර රත් වෙන්න තියලා අර හදා ගත්ත ගුලාබ් ජාමුන් ටික දාලා ලස්සන රන්වන් පාටක් එනකං බැද ගන්න.
✅ ගුලාබ් ජාමුන් ටික බැදගත්තාට පස්සේ අර නිවෙන්න තියපු ෂුගර් සිරප් එක ආයේ ලිපේන් රත් වෙන්න තියලා උතුරනකොට ලිප ඕෆ් කරලා බැදගත් ගුලාබ් ජාමුන් ටික එක්තු කරලා පැය 3 ක් විතර වහලා තියන්න.
✅ පැය තුනකට පස්සේ පුළුවන් ඔයා හදපු රසම රස ගුලාබ් ජාමුන් ටික රස බලන්න.
✅ මේ ගුලාබ් ජාමුන් ඔයාට දවස් කිහිපයක් උනත් තියං කන්න පුළුවන්.
✅ ඒ විදිහට ඔයාට ලස්සනට , පහසුවෙන්ම ගුලාබ් ජාමුන් ටික හදා ගන්න පුළුවන්.
ඔයාලත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰
✍️ ෂහිනි සිල්වා
SHAHI'S_kitchen
2025.04.24
මේ වගේ තවත් මම හදන රස කෑම වට්ටෝරු ගැන දැන ගන්න කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.🥰❤️
📌 මෙම පෝස්ට් එකෙහි සියලුම හිමිකම් මා සතුය.මෙය share කිරීමට පමණක් කාරුණික වන්න. මෙහි ඇති ඡායා රූප , ආහාර වට්ටෝරු හා තොරතුරු අනවසරයකින් උපුටාගැනීම , විකෘති කර පල කිරීම , දිය සලකුණු ඉවත් කිරීම හා වෙනස් කිරීම , වෙනත් පුද්ලයන්ගේ නම් හා දිය සලකුණු සමග පල කිරීම සපුරා තහනම්.
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment