කරපිංචා යනු අපගේ මුළුතැන් ගෙයි අනිවාර්යයෙන් පවතින කුළුබඩු වලට නොදෙවෙනි රසකාරකයකි.ඖෂධ ගුණයෙන් පොහොසත් ශාකයක් වන මෙයින් රසයටත් වඩා ගුණයක් අපගේ ශරීරයට එකතු කරයි.ඉතින් මේ කරපිංචා වලින් හදන කෑම අතරින් කරපිංචා කැඳ හා සම්බෝල වලට විශේෂ තැනක් හිමිවේ.ඉතින් අද අපි කරපිංචා කැඳ එකක් සාදාගන්නා ආකාරය බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය:-
✅කරපිංචා(ඔබට අවශ්‍ය ප්‍රමාණයට)
✅සහල් මිටක් පමණ(කැකුළු සහල් නම් වඩාත් හොඳයි)
✅සුදුලූණු
✅රතුළුණු
✅පොල්කිරි කෝප්ප දෙකක්
✅අවශ්‍ය පමණට ලුණු සහ ජලය
සදා ගන්නා ආකාරය:-
🌼මුලින්ම සෝදාගත් සහල්,සුදුලූණු,රතුළුණු ආදිය භාජනයකට දමා වතුර ටිකක් වැඩිපුර එක්කර පිසගැනීම සිදුකරන්න.
🌼පිසගැනීම සිදුවන අතර ඔබ පොල් හා කරපිංචා බ්ලෙන්ඩර් කර එහි යුෂ මිරිකා වෙන්ව තබා ගන්න.
🌼පසුව හොඳින් තැම්බුනු බත මඳක් පොඩි කර එයට පොල් කිරි හා කරපිංචා යුෂ එකතු කරගන්න.
🌼විනාඩි 3-4 කාලයක් හැඳිගා උතුරන්න හරින්න.
🌼පසුව අවශ්‍යය ප්‍රමාණයට ලුණු එකතු කර පානයට ගන්න.
කොලෙස්ටරෝල් පාලනය, පිළිකා සෛල නැසීම, හෘද රෝග පාලනය කරපිංචා ආහාරයට ගැනීමෙන් ඇති ගුණයන් අතර වේ.ඉතින් ඔබත් උදෑසනක් කරපිංචා කැඳ වීදුරුවක රස බලා ඔබේ දිනය ආරම්භ කරන්න.
@everyone
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?
දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද? අප රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන නෙල්ලි ලොකු කුඩා සැමට ගුණදායක පළතුරකි. නෙල්ලි වල අඩංගු පෝෂක:- විටමින්C,ජලය, ප්‍රෝටීන්, මේදය,කාබෝහයිඩ්රේට්,තන්තු, ඛනිජලවණ,කැල්සියම්,යකඩ, විටමින් A. ඖෂධීය ගුණ :- ✅ සිසිල් ගුණය , අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය , රක්ත ශෝධක ගුණය ,රුධිර පෝෂක ගුණය , අහිතකර බැක්ටීරියා නාශක ගුණය ඇත. ✅ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරයි ✅ශරීරයේ පටක වර්ධනය හා පිළිකා සෛල නසයි. ✅ අකලට වයසට යාම පාලනය කරන අතරම චර්ම රෝග සඳහාද ගුණදායකයි. ✅රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ✅අක්ෂි රෝග සමනයට උපකාර වන අතරම ඇස් පෙනීම වර්ධනය කරයි. ✅ හිස කෙස් ආශ්රිත ගැටලු වලට ඉතා හොද ඔසුවකි. ඔබත් දවසකට නෙල්ලි ගෙඩි 2-3 ක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

Comments
Post a Comment