function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 සුදුළුණු එකතු කර ගෙන හදා ගන්න පුලුවන් කෑම වට්ටෝරු පහක රෙසිපි . Skip to main content

සුදුළුණු එකතු කර ගෙන හදා ගන්න පුලුවන් කෑම වට්ටෝරු පහක රෙසිපි .

සුදුළුණු එකතු කර ගෙන හදා ගන්න පුලුවන් කෑම වට්ටෝරු පහක රෙසිපි .
සුදුළූණු කියන්නෙ අපි සාමාන්‍යයෙන් ගොඩක් කෑම හදනකොට දාන දෙයක්නේ. හැබැයි මේක ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක කරගෙන කෑම හදල තියනවද? නොදන්න අය ඔන්න බලන්න අද අපි ගෙනාවෙ ගාලික් රෙසිපි ටිකක්. වැඩි වැඩ නෑ ලේසියෙන්ම හදන්න පුළුවන්. 1. ගාලික් බෝංචි අවශ්‍ය ද්‍රව්‍ය බෝංචි ග්‍රෑම් 200ක් සුදුළූණු ගෙඩියක් කපාගත් බී ළූණු ගෙඩි 1 ලුණු හා ගම්මිරිස්කුඩු සෝයා සෝස් මේස හැඳි 3 ඔයිස්ටර් සෝස් මේස හැඳි 1 බටර් ටිකක් සාදන ක්‍රමය :- සුදුළූණු ගෙඩියම සුද්ද කරන් බික් සේරම දික් අතට දෙකට හෝ හතරට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාලා රත් වෙන්න තියන්න. ඒකටම කපාගත් සුදුළූණු, බී ළූණු දාලා පොඩ්ඩක් කලවම් කරන්න.
ඊළඟට බෝංචි ටික දාන්න. හොඳින් කලවම් කරන්න. සෝයා සෝස්, ඔයිස්ටර්, ගම්මිරිස් කුඩු දාලා නැවත කලවම් කරන්න. බෝංචි තැම්බිලා කොළපාට නැති වෙන්න කලින් කූරුගාලා ලිපෙන් බාගන්න. 2. ගාලික් බ්‍රේඩ් අවශ්‍ය ද්‍රව්‍ය යීස්ට් තේ හැඳි 1 සීනි මේස හැඳි 2 චොප් කර ගත් සුදුළූණු මේස හැඳි 2 සුදුළූණු පව්ඩර් ටිකක් ඔරිගානෝ මේස හැඳි 1 ඔලිව් තෙල් මේස හැඳි 2 පාන්පිටි 250g ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් කෝන්ෆ්ලා ටිකක් බටර් සාදන ක්‍රමය :- මද රස්නේ වතුරට යීස්ට් හා සීනි දාලා තියන්න. විනාඩි 5 කට විතර පස්සෙ මේක චොප් කර ගත් සුදුළූණු මේස හැන්දක්, ඔරිගානෝ, ඔලිව් ඔයිල්, ලුණු කුඩු හා පාන්පිටි දාපු භාජනයකට දාලා කලවම් කරන්න. අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. පැය 5 ක් විතර මේ ඩෝ එක වහලා තියන්න. ඩෝ එක පොඩ්ඩක් අතින් තද කරල යන්තම් පැතලි කරගන්න. ඊළඟට ට්‍රේ එකක් අරගෙන පාන්පිටි ටිකක් ඉහලා ඩෝ එක තියා ගන්න. "; ad.setAttribute("loading", "lazy"); document.getElementById("lazy-ad").appendChild(ad); });
දැන් දිය කර ගත් බටර්, ඉතිරි සුදුළූණු, සුදුළූණු පව්ඩර් හා ගම්මිරිස් කුඩු දාලා කලවම් කරන්න. මේ බැටර් එක පින්සලක් ආධාරයෙන් ඩෝ එකේ ගා ගන්න. දැන් ඩෝ එක දෙකට නමලා බන් එකක් හැඩයට හදාගන්න. මතුපිට පිහියෙන් ඉරි ඇඳගන්න. ඩෝ එකේ උඩටත් බටර් ටිකක් ගා ගන්න. දැන් මෙය සෙල්සියස් 180° ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් විතර බේක් කරගන්න. 3. ගාර්ලික් ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය සුදුළූණු ගෙඩි 1 බිත්තර සුදුමද 1 ලුණු කුඩු තේ හැඳි 1/2 තෙල් කෝප්ප 1 දෙහි යුෂ සාදන ක්‍රමය :- සුදුළූණු පොඩියට හීනියට කපා ගන්න. කපා ගත් සුදුළූණු හා ලුණු කුඩු ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඒක බ්ලෙන්ඩ් වෙන අතරතුර ටිකෙන් ටික තෙල් ටික දා ගන්න. හොඳට බ්ලෙන්ඩ් වුණාම ඒකට බිත්තර සුදුමදය එක් කරන්න. නැවත බ්ලෙන්ඩ් කරගන්න. දැන් ස්මුත් ගතියට ගාර්ලික් ක්‍රීම් එක හැදෙනව. අන්තිමට ඒකට දෙහි යුෂ ටිකක් එක් කරන්න. 4. චීසි ගාලික් පරාටා අවශ්‍ය ද්‍රව්‍ය පිටි කෝප්ප 3 ලුණු කුඩු තේ හැඳි 1 බේකින් පවුඩර් තේ හැඳි 3/4 තෙල් මේස හැඳි 4 වතුර කෝප්ප 1 චීස් කෑලි 4 බටර් මේස හැඳි 4 චොප් කර ගත් සුදුළූණු හා රතුළූණු කෑලි මිරිස් හීනියට කපා ගත් කොත්තමල්ලි කොළ සාදන ක්‍රමය :- පිටි, ලුණු කුඩු, බේකින් පවුඩර්, තෙල්, වතුර දාලා ඩෝ එක අනාගන්න. භාජනයක් අරගෙන තෙල් ටිකක් ගාලා ඩෝ එක දාලා ඩෝ එකටත් තෙල් ටිකක් ගාලා පැය 2 ක් විතර වහලා තියන්න. පැය 2 කට පස්සේ ඩෝ එකෙන් සමානව බෝල සාදා ඒවා හොඳින් තුනී කර ගන්න. ඊළඟට චීස්, බටර්, චොප් කර ගත් සුදුළූණු හා රතුළූණු, කෑලි මිරිස්, කොත්තමල්ලි කොළ මිශ්‍ර කරන්න. කලින් තුනී කර ගත් පරාටා වල මේ මිශ්‍රණය ගා ගන්න. දැන් පරාටා එක තීරු කපන්න. කපාගත්ත තීරු ටික එක කෙලවරකින් එකතු කරල දඟරයක් වගේ රවුම් කරගන්න. මේ රවුම හොඳට තුනී කරගෙන රත් වෙච්ච තැටියක දාල දෙපැත්තම පුච්චගන්න. 5. ගාර්ලික් සුප් අවශ්‍ය ද්‍රව්‍ය චොප් කර ගත් රතුළූණු ගෙඩි 1 චොප් කර ගත් සුදුළූණු ගෙඩි 1 පොඩියට කපාගත් ලීක්ස් ඔලිව් තෙල් මේස හැඳි 2 වියළි Thyme ටිකක් අල ගෙඩි 2 චිකන් ස්ටොක් ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1 පාන් පෙති කිහිපයක් සාදන ක්‍රමය :- පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් දාන්න. දැන් ඒකට චොප් කර ගත් රතුළූණු හා පොඩියට කපාගත් ලීක්ස් ටික දා ගන්න. හොඳින් කලවම් කරන්න. දැන් චොප් කර ගත් සුදුළූණු ටික දාගන්න. ඒකටම thyme දාලා විනාඩි 15 ක් විතර පිසගන්න. ඊළඟට අල ගෙඩි පොඩියට කපාගෙන ඒකටම එක් කරන්න. චිකන් ස්ටොක් ටික හා ෆ්‍රෙශ් ක්‍රීම් දාලා කලවම් කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. හොඳට කලවම් කරන්න. විනාඩි 25 ක් විතර පිසගන්න. මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න. දැන් පාන් පෙති ටික පොඩියට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා පාන් ටික දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. ඒ අතරතුර පාස්ලි කොළ හීනියට කපා ගෙන සුප් එකට දාලා කලවම් කරගන්න. අන්තිමට සදා ගත් සුප් එක මතට කලින් බැදගත් පාන් එක් කරන්න. Garlic and Ginger උපුටා ගැනීම life. lk වෙතින් #garlic_and_ginger Deepa Nandasena

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු