අවුරුද්දට අඩි ගහන උන්දැලා විශේෂයෙන් කෑ යුතු, හැමෝටම ගුණ සුපිරි පලතුරක්. ❤
අවුරුද්දට අඩි ගහන උන්දැලා විශේෂයෙන් කෑ යුතු, හැමෝටම ගුණ සුපිරි පලතුරක්. ❤
මේ තියෙන්නේ, තද රතු, මැජෙන්ටා පැහැති, ග්රෑම් 100 - 150 අතර බරක් තියෙන, ලොකු ගෙඩි හැදෙන, ඇපල් සහ කොමඩු අතර සුවඳක් තියෙන , රසවත් ජම්බු වර්ගයක්. ඉංග්රීසියෙන් වැක්ස් ඇපල්, (Wax apple) , ජාවා ඇපල් කියල කියන, විද්‍යාත්මකව Syzygium samarangense නමිනුත් මේ වර්ගය හඳුන්වනවා.
අරක්කු, බියර්, වයින්, වොඩ්කා, විස්කි ඔය මොක බිවුවත් එවුවයේ තියෙන ඇල්කොහොල් වලින් 10%ක් විතර ප්රමාණයක් තමයි කුඩා බඩවැලේ තියෙන alcohol dehydrogenase කියන එන්සයිමයෙන් බිඳ දමන්නේ. ඉතිරි 90%ම මෙටබලයිස් කරන්නේ අක්මාව. පමණ ඉක්මවා ඇල්කොහොල් ගත්තාම අක්මාවට වැඩ වැඩි වෙනවා. අක්මාවට නෝමලි ගේමක් නැතිව බිඳ දමන්න පුලුවන් ඩෝස් එක පැන්නම, ඇල්කොහ ලිවර් එක ඩැමේජ් කරනවා. මේ සීන් එකට alcohol-induced liver injury කියල කියනවා. මෙහෙම ඩෝස් එක පන්නලා ඇල්කොහොල් ගන්නකොට ටික කාලයක් ගියාම සිරෝසිස්, අක්මා පිළිකා (hepatocarcinoma) විතරක් නෙවෙයි, ආමාශයේ බඩවැල්වල තුවාල, අග්න්‍යාශ ආබාධ, (අග්න්‍යාශ පිලිකා ඇතුළු) ශරීරයේ වෙනත් තැන්වල හට ගන්නා පිළිකා, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය වැනි බරපතල රෝගාබාධ ගොඩකට හේතු වෙනවා. ලොව සිදුවන මරණවලට හේතු අතරින් ඇල්කොහොල්වලට ඇබ්බැහිවීම කියන්නේ ඉතාම ප්රමුඛ හේතුවක්.
සමහර ආහාර වර්ග විශේෂයෙන් එළවළු සහ පලතරු වර්ග ඇල්කොහොල් සමග භාවිත කළාම ඇල්කොහොල්වලින් අක්මාවට සිද්ද වෙන ඩැමේජ් එක කන්ට්රෝල් කරගන්න පුලුවන් ය කියන විශ්වාසය සහ මතය කාලයක් තිස්සේ සමාජයේ පවතින අදහසක්. ඇතැම් විද්‍යාත්මක අධ්‍යයනවලිනුත් මේ කරුණු සනාථ වෙලා තියෙනවා.
එහෙම, පර්යේෂකයින්ගේ අවධානය යොමු වෙච්චි පලතුරු වර්ග දෙකක් තමයි මේ පිංතූරවල තියෙන රතු ජම්බු සහ පැෂන්පෘට් කියන පලතුරු වර්ග දෙක.
විශේෂයෙන් රතු ජම්බු වල තියෙන සුවිශේෂි ප්රතිඔක්සිකාරක වර්ග වන, (phytochemicals) විටමින් සී, arjunolic acid, chalcones, flavones, jamboline, සහ vescalgin කියන ශාක රසායනික සංගටක නිසාවෙන් මේ අක්මා හානි වැළැක්වීමේ ගුණය ලැබී ඇතැයි විද්‍යාඥයින් පවසනවා.
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC5085649/
මෙයට අමතරව, මේ ජම්බු වර්ගය, විටමින්, කනිජ ලවන සහ ආහාරමය කෙඳි වර්ග බොහෝ ප්රමාණයක් අඩංගු ප්රති දියවැඩියා, ප්රතිපිළිකා, විශබීජනාශක සහ ස්නායූ පද්ධතියේ සහ මොළයේ පැවැත්මට හිතකර ගුණ තියෙන පලතුරක් විය හැකි බවට විශ්වාස කළ හැකි පර්යේෂණාත්මක තොරතුරුත් තිබෙනවා.
https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/syzygium-samarangense
කොයික කොහොම වුනත් අඩි පුඩි වැඩියෙන් ගසන මේ කාලෙටම හැදෙන මේ කිවුව පලතුරු වැඩි වැඩියෙන් අනුභව කරන්න පුලුවන්නම් කෝකටත් හොඳයි කියල මතක් කරන්න ඕන.
අපේ රටේ බොහොම ඌණභාවිත මේ ජම්බුවලින්, ජෑම්, රසකැවිලි, වයින්, පාන වර්ග, විනාකිරි, චට්නි, අච්චාරු වගේ අගය එකතු කරපු කෑම බීම ජාතිත් මහ ගොඩක් හදන්න පුලුවන් කියලත් විශේෂයෙන් කියන්ටෝන.
❤❤❤
- ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක .



Comments
Post a Comment