මං කන්න ආසම රසම පැස්ටා එක මං හදන පැස්ටා එක
මං කන්න ආසම රසම පැස්ටා එක මං හදන පැස්ටා එක 😍😍😍 ප්‍රෙග්නට් කාලෙත් හරි ආස හිතුනා කවුරුහරි හදන රස සැර පැස්ටා එකක් කන්න. හොදයි කියන ප්‍රසිද්ධ තැන්වලිනුත් අරං කෑවා එකක්වත් සෙට්වුනේ නෑ.. දැනටත් අරං කාලා බලනවා හදන්න කම්මැලිනිසා ඒත් මට රස මදි හොදටම..😌 මේක හරියන් නැ කියලා හිතලා 🫤කම්මැලිකම විසිකරලා දාලා ආයෙත් හැදුවා මං ආසම මං හදන පැස්ටා එක 😋😋😋 හම්මේ ආයෙ නැ සුපිරි 👌බඩටයි හිතටයි දෙකටම දැන් තමයි ෂනීප 🥴😁😁 දොලදුක නිමායී 🙈❤❤🤣
රෙසිපිය -
පැස්ටා තම්බමු - වතුර එකක් හොදට උතුරවලා එයට තෙල් මේසහැදි 1යි, ලුණුකුඩු මේසහැදි 1යි දාලා කලවම්කරන්න. එයට පැස්ටා ග්‍රෑම් 400 දාලා කලවම්කර සාමාන්‍ය ගින්දරෙ පැකට් එකේ සදහන් කාලය හෝ අවශ්‍ය ගානට තැම්බෙනකම් තියන්න. තැම්බුනාට පස්සෙ වතුර ටික පෙරාගෙන එයට ඇල්වතුර එකක් පුරවලා පැස්ටා ටික තුන්පාරක් අතින් කලවම්කරලා නැවත හොදට පෙරාගෙන පැත්තකින් තියන්න ..
මං අද සොසේජස් දැම්මෙ - කරල් අටක් වගේ පෙතිකපා බැදගන්න.
චිකන් දානවා නම් -
මිරිස්කුඩු , ගම්මිරිස්කුඩු , ලුනුකුඩු දාලා සීසන් කරලා ගැඹුරුතෙලේ බැදගත් චිකන්. නිවුනු පසු කුඩා කෑලි වලට කඩාගෙන පැත්තකින් තියාගන්න.
බිත්තර ස්ක්‍රැම්බල් - භාජනයක් ලිප තබා තෙල් ටිකක් දාලා රත්වෙනකොට එයට බිත්තර දෙකක් කඩලා දාලා ලුණුකුඩු ගම්බිරිස්කුඩු දාලා ස්ක්‍රැම්බල් කරගන්න.
පැස්ටා සදහා මිශ්‍රණය - පෑන් එක ලිප තබා එයට බටර් මේසහැඳි 4 යි තෙල් මේසහැදි 1යි දාලා රත් වෙද්දි එයට පොත්ත පිටින් ලොකුපොඩි කෑලිහිටින්න තලාගත් සුදුළූණු බික් 8 ක් , ලියාගත් ලොකු බොම්බයි ලූණු ගෙඩියක් , පොඩියට කපපු අමු මිරිස් කරල් 5 , 6 ක්, තියෙනවා නම් පමනක් තලාගත් ඉඟුරු කෑල්ලක් කරපිංචා , රම්පේ දාලා පාට ටිකක්විතර වෙනස්වෙනකම් තෙම්පරාදුකරගන්න. එයට මිරිස් කෑලි තේහැඳි 1 1/2 ක් දාලා කලවම්කර පොඩියට ලියාගත් කැරට්ගෙඩියක් දාලා තෙම්පරාදුකරගන්න. කැරට් බාගෙට තැම්බීගෙන එනකොට , සෝයාසෝස් මේසහැදි 2 ක් දාලා කලවංකර (සෝයාසෝස් අවශ්‍යම නෑ ) එයට පොඩිවට කපාගත් ඉදුනු තක්කාලි ගෙඩි 2ක් දාලා ලුණුකුඩු තේහැදි 1 ක් දා කලවම්කර තක්කාලි සොෆ්ට් වෙනකම් තියන්න. දැන් බැදගත් සොසේජස් හෝ චිකන් දා කලවම්කර මිරිස් කුඩු තේහැඳි 1 1/2 යි , ගම්බිරිස් කුඩු තේහැඳි 1/2 යි දාලා හොඳට කලවම් කරලා විනාඩි දෙකක් වගේ තියන්න.
දැන් ලිප නිවා එයට තම්බාගත් පැස්ටා ටිකයි, scramble කරගත් බිත්තරයි දාලා හොදට කලවං කරලා , රස අනුව ලුනු දමා , තක්කාලි සෝස් මේසහැදි 2 ක් පමණ එකතු කරලා කලවම් කරගන්න.❤️❤️
දැන් පැත්තකටවෙලා රසවිඳින්න 😌😋😋

Comments
Post a Comment