𝐑𝐞𝐜𝐢𝐩𝐞 📖️Sandwiches / සැන්ඩිවිචස් 🥪
𝐑𝐞𝐜𝐢𝐩𝐞 📖️Sandwiches / සැන්ඩිවිචස් 🥪
🧇🥙🌯🥪🌮🍔🍞
සැන්ඩිවිචස් කියන්නෙ අපි නිතරම හදන කෑමක්නෙ.. සැන්ඩිවිචස් එකක් කාලා තේ එකක් බොන්න ලොකු කුඩා හැමෝම කැමතියිනෙ. සැමන් සැන්ඩිවිචස් , චිකන් සැන්ඩිවිචස් , එග් සැන්ඩිවිචස් ක්ලබ් සැන්ඩිවිචස් වගේ සැන්ඩිවිචස් තමයිනෙ නිතරම වගෙ අපි හදා ගන්නෙ අද කෑමලෝකෙ අපි ගෙනාවා ටිකක් වෙනස් රස වලින් සැන්ඩිවිචස් රෙසපි ටිකක්...😋
බලන්නකො මේ රෙසපි ටිකත් ට්‍රයි කරලා රසද කියලා
ලාංකියයන්ට ඉතිං පොල් සම්බෝල කිවුවත් කටට කෙල උනනවනේ 😋🤤 පොල් සම්බල් එක්ක චීස් එකතු වුනාම කොහොම ඇතිද රස නේ 😋 එහෙනම් හදන විදිය බලමුකො
චීස් බේරෙන පොල් සම්බල් සැන්ඩිවිචස් එකක් හදමු
1. Cheese with spicy Coconut Sambol Sandwich 🥪 🔥🌶️🧀🥪🥥
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති පාන් හෝ රෝස් පාන්
තෙම්පරාදු කර සකසාගත් පොල් සම්බෝල
චීස් ස්ලයිසස්
බටර්
චොප් කරගත් අමු මිරිස් කරල් 2- 3 ක්
පොල් සම්බෝලය හදාගන්න ඔයා දන්නවනෙ කැමති විදියට සැර අඩු වැඩි කරලා හදාගන්න.
පාන් පෙති වල බටර් තවරාගෙන ඒ මත පොල්සම්බෝල අතුරාගන්න. එයට උඩින් චීස් පෙත්ත තබා චීස් පෙත්ත උඩින් චොප් කරගත් අමු මිරිස් ටිකක් ඉසින්න සැරයි හොඳේ 🔥 🌶️ වැඩිය සැර කන්න අකමැති නම් අමු මිරිස් නොදා ඉන්නත් පුළුවන් හැබැයි ඔයා දන්නවද චීස් වලට අමු මිරිස් එකතු කරලා කනකොට අමුතුම රසක් තියෙන්නෙ 😋 ඊලඟට අනිත් පාන් පෙත්තටත් බටර් තවරන්න . දැන් බටර් තැවරු පාන් පෙත්තෙන් වසා සැන්ඩ්විච් කරගන්න.
මේක ටෝස්ට් කරගන්නවා නම් වඩාත් රසවත්. එහෙම නැත්නම් වාටි කපා ඉවත් කර නන්ස්ටික් පෑන් එකක සැන්ඩ්විච් එක ග්‍රිල් කරගන්න. එතකොට චීස් පෙත්ත මෙල්ට් වෙලා චීස් බේරෙන රසම රස පොල් සම්බල් සැන්ඩිවිචස් එකක් රස බලන්න පුළුවන්. 😋
🥑🥜🥑🥜🥑🥜🥑
කඩල එක්ක අලිගැටපේර එකතු කරලා හදමු රසට ගුණට සැන්ඩිවිචස් එකක් .
2.Chickpea Avocado Sandwich 🥪
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති පාන්
තම්බාගත් කඩල
ඉදුණු අලිගැටපේර
ලුණු රස අනුව
ගම්මිරිස් රස අනුව
බටර්
චොප් කරගත් ළූණු
මෙහෙම හදමු
කඩල සහ අලිගැටපේර වෙන වෙනම පොඩි (මෑෂ් ) කරගන්න.
ඉන්පසු ඒ දෙකම එක බෝල් එකකට දමා එයට ලුණු සහ ගම්මිරිස් සමඟ චොප් කරගත් ළූණු සහ බටර් එකතු කර හොඳින් Mix කරගන්න.
සාදාගත් පේස්ට් එක පාන් පෙත්තක තවරා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගෙන වාටි කපා ඉවත් කර කැමති ආකාරයකට කපා පිළිගන්වන්න. ඔයාට පුළුවන් කැමති නම් තක්කාලි පෙත්තකුත් පේස්ට් එක උඩින් තියාගන්න.
🥒🧀🥒🧀🥒🧀🥒
ඊළඟට හදමු කියුකම්බ සහා චීස් එකතු කරලා රස වගේම ගුණවත් සැන්ඩිවිචස් එකක්
3. Cucumber with Cheese Sandwich 🥪
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති පාන්
සිහින් පෙති කපාගත් සැලඩ් කියුකම්බර්
චීස් වෙජස් 4
බටර් පුරවාගත් මේස හැඳි 1
ගම්මිරිස් කුඩු රස අනුව
රස අනුව අවශ්‍ය නම් ලුණු
මෙහෙම හදමු
චීස් වලට බටර් ටිකක් සහ ගම්මිරිස් කුඩු එක් කර ක්‍රීම් ගතියට එන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. එය පාන් පෙති වල තවරාගන්න.
චීස් තවරාගත් පාන් පෙත්තක් මත කියුකම්බ පෙති අතුරා ඒ මත තවත් චීස් තවරාගත් පාන් පෙත්තක් තබා සැන්ඩ්විච් කර වාටි කපා ඉවත් කර පාන් පෙති දෙක කැමති ආකාරයට කපාගන්න.
🍍🥓🍍🥓🍍🥓🍍
ඊලඟට හවායි දූපතට යමුද 😊 රසම රසට හවායි සැන්ඩිවිචස් එකක් හදමු එහෙනම් 😋
5. Hawaiian Sandwich 🥪
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති පාන්
හැම් පෙති ටිකක්
සිහින්ව කපාගත් අන්නාසි පෙති ටිකක්
බටර්
ලුණු රස අනුව
ගම්මිරිස් රස අනුව
මෙහෙම හදමු
පාන් මත බටර් තවරාගන්න. අන්නසි පෙති වලට ලුණු ගම්මිරිස් ඉසගන්න.
හැම් පෙති ටික පාන් පෙතිමත තබා ඒ මත අන්නසි පෙති අතුරා බටර් තවරාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්ව්ච් කරගන්න.
වාටි කපා ඉවත් කරගෙන ත්‍රිකෝණාකාර කොටස් හතරකට සැන්ඩ්විච් එක කපාගන්න.
𝐑𝐞𝐜𝐢𝐩𝐞 𝗯𝐲 - කෑමලෝකෙ ✍️ 💢💢💢💢💢💢💢💢
2025/03/20
#රෙසපි #කෑමලෝකෙ #kamaloke #foodrecipes
#foodphotography
කෑම ලෝකෙ
📷 from internet




Comments
Post a Comment