function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ශීු ලංකිය ⁣අහාරපාන වල රසය විදගන්න Skip to main content
𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ ටිකිරි බනිස්/අඩ/සීනී මුරුක්කු/නාරං බික්/පතුරු/ පොඩි කාලෙ අපි රස කරකර කාපු මේ කෑම ගෙදරදීම හදගනිමුද? 80-90 දශකයේ ඉපදුණු කොයි කාටත් බාලකාලෙ මතක් වෙන්න ඔන්න අපි ඒ කාලේ කාපු කෑම ටිකක් ගෙනාවා. මේවා මතක් වෙනකොට ඒ කාලෙට යනව නම් අනිවා ඔයාට සුන්දර ළමා කාලයක් තිබිලා තියනවා. නිවාඩු පාඩු වෙලාවක හදන්න ට්‍රයි කරලා බැලුවට පාඩු නෑ. 1. අඩ අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 ලුණු ටිකක් බිත්තර 1 යීස්ට් තේ හැඳි 1 බටර් මේස හැඳි 4 බේකින් සෝඩා තේ හැඳි 1/2 පොල්කිරි කෝප්ප 1 මේ සියල්ලම එකතු කරලා තරමක උකු බැටර් එකක් හදාගන්න. පොල්කිරි මදි නම් තව ටිකක් එකතු කරන්න. දැන් මේක පැය 8ක් වහලා තියන්න. පැය 8කින් බලනකොට මිශ්‍රණය ඝන වෙලා තියෙයි. ඒකට පොල්කිරි ටිකක් දාලා කලවම් කරගන්න. දැන් ආප්ප හදන තාච්චියට ටිකක් දාලා ලිපේ තියලා උඩින් පියනකින් වහලා පියන උඩට ගිණි අඟුරු දාගන්න. අඩු ගින්දරේ විනාඩි 6-8ක් වගේ පුළුස්සගන්න. 2. සීනි මුරුක්කු අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 100 බේකින් සෝඩා පින්ච් එකක් ලුණු පින්ච් එකක් කැමති පාට කලරින් ටිකක් වතුර ෂුගර් සිරප් එකට සීනි ග්‍රෑම් 100 වතුර කෝප්ප 1/2 පමණ පාන්පිටි වලට ලුණු හා බේකින් සෝඩා දාලා කලවම් කරගන්න. දැන් වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. කොටස්වලට වෙන් කරලා කලරින් දාගන්න. ගොඩක් දාන්න එපා. මිශ්‍රණය දියාරු වෙන්න බලයි. දැන් මේ පාට පාට කොටස් තුනී කරලා තීරු කපලා රෝල් කරලා පොඩි කෑලි වලට කපලා ගැඹුරු තෙලේ බැදගන්න. සීනි හා වතුර පෑන් එකකට දාලා ලිපේ තියලා නූල් ඇදෙන පදමට ආවම මුරුක්කු ටික දාලා කලවම් කරන් නිවෙන්න තියන්න. 3. ටිකිරි බනිස් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 500 ඊස්ට් තේ හැඳි 4 බටර් මේස හැඳි 3 කිරිකෝප්ප 1 ලුණු සීනි මේස හැඳි 4 කහපාට කලරින් ටිකක් පාන්පිටි වලට ඊස්ට්, ලුණු හා සීනි දාලා කලවම් කරගන්න. කිරි වලට කහපාට කලරින් ටිකක් දාලා කලවම් කරගන්න. දැන් මේකට බටර් දාලා අනලා කිරි ටික ටික දාලා අනලා අතේ ඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේක බෝල් එකකට දාලා පැයක් වගේ තියන්න. පිපුණට පස්සෙ අතින් තද කරලා හුළං යන්න ආයෙ ටිකක් නීඩ් කරගන්න. දැන් ගැඹුරු ට්‍රේ එකකට පොඩි පොඩි බෝල හදලා පිපෙන්න තියන්න. එකිනෙක ගෑවෙන්න වගේ තිබ්බට කමක් නෑ. මේ බෝල වලට උඩින් කිරි ගාලා සෙල්සියස් 180° ට විනාඩි 20-25ක් බේක් කරගන්න. 4. නාරං බික් අවශ්‍ය ද්‍රව්‍ය ලික්විඩ් ග්ලූකෝස් මේස හැඳි 3 සීනි කෝප්ප 1/2 කැමති පාට වලින් කලරින් නාරං යුෂ මේස හැඳි 2 මේකට අයිසින් ෂුගර් අතුරපු ට්‍රේ එකක් ලෑස්ති කරගන්න. ඇඟිල්ලෙන් ඇතුළට තද කළාම අඩිය නොපෙනෙන තරම් ඝණට අයිසින් ෂුගර් දාලා ට්‍රේ එක ලෑස්ති කරගන්න. ඇඟිල්ලෙන් හෝ බෝතල් මූඩි භාගෙකින් නාරං බිකක් වගේ හැඩේට ට්‍රේ එකේ අඩිය මතු නොවෙන පරිදි ට්‍රේ එක පුරාම පොඩි පොඩි මෝල්ඩ් හදාගන්න. ලික්විඩ් ග්ලූකෝස්, සීනි හා නාරං යුෂ දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න. වතුර දාපු පීරිසියක් ලෑස්ති කරගන්න. දැන් අඩිය අල්ලන්න නොදී දිගින් දිගටම හැඳිගාන්න. මිශ්‍රණයෙන් ටිකක් වතුර පීරිසියට දාලා බලන කැටි ගැහෙනවද කියලා. ඒක වතුරෙන් එළියට ගත්තමත් හයියට තියෙනව නම් ඒක තමා පදම. දැන් ලිපෙන් බාලා පාට දාගන්න. දැන් ලෑස්ති කරගත්ත ට්‍රේ එකේ නාරං බික් වගේ හදපු මෝල්ඩ් වලට මිශ්‍රණය ටික ටික දාලා සවි වෙනකල් තියන්න. 5. පතුරු අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 150 වතුර කෝප්ප 1/2 පමණ ලුණු පින්ච් එකක් බැදීමට තෙල් පොල්තෙල් මේස හැඳි 2 ෂුගර් සිරප් එකට සීනි ග්‍රෑම් 50 වතුර කෝප්ප 1/4ක් පමණ පාන්පිටි ග්‍රෑම් 100ක් අරගෙන ලුණු හා වතුර දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. මේක පොඩි බෝල වලට කඩාගන්න. වෙනම පාන්පිටි මේස හැඳි 2කට පොල්තෙල් මේස හැඳි 2ක් වගේ දාලා දියාරු මිශ්‍රණයක් හදාගන්න. දැන් හදපු බෝල තුනී කරලා දියාරුවට හදාගත්තු මිශ්‍රණය ගාලා දෙකට නවලා ආයෙ තුනී කරන්න. මේ වගේ ඔක්කොම කරලා එකින් එක ගැඹුරු තෙලේ බැදගන්න. සීනි හා වතුර ලිපේ තියලා නූල් ඇදෙන පදමට ආව​ම ලිපෙන් බාලා බැදගත් පතුරු ඒකට දාලා දවටගන්න. නිවෙන්න තියන්න. 6. ඇඟිලි විස්කෝතු අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 100 බිත්තර 4 අයිසින් ෂුගර් ග්‍රෑම් 75 සීනි ග්‍රෑම් 60 වැනිලා ටිකක් ලුණු බිත්තර සුදුමද වෙන්කරගෙන එයට අයිසින් ෂුගර් දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න. කහමද ටික සීනි දාලා ලා පැහැයක් වෙනකල් වෙනම බීට් කරගන්න. මේකට සුදුමද ටික ටික දාලා පත්තකින් කලවම් කරගන්න. පාන්පිටි ටික ටික දාලා කලවම් කරගන්න. අන්තිමට වැනිලා දාලා කලවම් කරගන්න. බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකකට පයිපින් බෑග් එකකින් තරමක් මහතට අඟල් 5-6ක් වගේ දිගට පයිප් කරලා උඩින් අයිසින් ෂුගර් ටිකක් ඉහගන්න. දැන් මේක සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න. 7. විස්කිරිඤ්ඤා අවශ්‍ය ද්‍රව්‍ය කපාගත් තැටිපාන් ගෙඩි 1 සීනි මේස හැඳි 4 වතුර කෝප්ප 1/4 පාන් ටික කපලා තැටියට දාලා සෙල්සියස් 150°ට විනාඩි 15ක් බේක් කරගන්න. සීනි හා වතුර ලිපේ තියලා නූල් ඇදෙන පදම වෙනකල් හැඳිගාන්න. මිශ්‍රණයෙන් බිංදුවක් වතුර එකකට දාලා කැටි ගැහෙන පදමට ආවම ලිපෙන් බාලා බේක් කරගත් පාන් දාලා හොඳට තවරගන්න. Life lk වෙබ් අඩවියෙන් උපුටා ගත් තොරතුරු ඇසුරින් සැකසුම කෑමලෝකෙ ✍️ 💢💢💢💢💢💢💢 කෑම ලෝකෙ

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු