function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 ආහාර අතිරේක සහ විටමින් වර්ග වලට අධික ලෙස මුදල් වියදම් කරන ඔයාලට.. Skip to main content

ආහාර අතිරේක සහ විටමින් වර්ග වලට අධික ලෙස මුදල් වියදම් කරන ඔයාලට..

 ආහාර අතිරේක සහ විටමින් වර්ග වලට අධික ලෙස මුදල් වියදම් කරන ඔයාලට..



 ....මෙන්න වට්ටොරුව....


රටඉඳි 500 g,

කබල් ගා ගත් රටකජු 50 g,

කොට්ටං හෝ ආමන්ඩ් 50 g, කළුතල 25 g, 

කජු 50 g,

සපයා ගත හැකි නම් වට්ටක්කා ඇට, සූර්යකාන්ත ඇට 25 g බැගින්,

කොමඩු ඇට වේලලා මදක් කබල් ගාලා කුඩු කරගෙන 50 g,

කරවිල ඇට වේලා මදක් කබල් ගා කුඩු කර 25 g,

මුද්‍රප්පලම් 50 g,

ගුලි සාදා ගැනීමට ඔලිව් තෙල් හෝ  රත් කර නිවා ගත් තල තෙල් අවුන්සයක් පමණ, 

මුරුංගා කුඩු 25 g,

කබල්ගාන ලද කොල්ලු කුඩු  5 g,

කබල් ගා ගත් කව්පි, සෝයා සහ මුංඇට කුඩු කරගෙන 15 g බැගින්,

වියලි කහ කුඩු 5 g,

ඉඟුරු කුඩු සුදුළුෑණු කුඩු 5 g,

සූදුරු, කළුදුරු සහ කුරුඳු කුඩු 10 g බැගින්,

මහදුරු පමණක් මදක් කබල් ගා 5 g,

කොත්තමල්ලි තනීයට කුඩු කර 5 g,

රස අනුව මීපැණි ස්වල්පයක්..


ඉහත ප්‍රමාණයන් මම සකස් කරේ මගෙ පවුලටම සතියකට අවශ්‍ය පරිදි..

ඔයාලට මේ ප්‍රමාණයන් 1/2 වුනත් සකස් කර ගන්න පුළුවන්..


දැන් ඉතින් හදමුද..?

රටඉඳි හොඳින් පොඩි කර ගෙන අනිත් ඒවත් සමඟ එකට 

දමා හොඳින් අනා ගන්න..

අන්තිමට තෙල් ටික  දමා, මීපැණි අවශ්‍ය පමණට දමා නැවතත් හොඳින් අනා, තරමක ගුලි සාදා ගන්න..


මේ ගුලි දවසට එකක් හෝ දෙකක් පමණක් ගැනීම හොඳිටම ප්‍රමාණවත්..


මෙහි ඇති පෝෂණ ගුණයට හානි නොවීමට නම්, මේ ගුලිය ආහාරයට ගැනීමෙන් පැය දෙකක් යන තුරු සහ පැය දෙකකට පෙර කාලය අතරතුර කැෆේන් අඩංගු ආහාර පාන ගැනීමෙන් වලකින්න..


ඒවගේම තම ශරීර ස්වාභාවය අනුව  මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඔබට නොගැලපේ නම්, එවිට ඔබ විසින්ම ඒවා වෙනස් කරගැනීම හෝ අඩු වැඩි කරගැනීම කර ගැනීමට ඔබට හැකියි.. 


මෙය සාදා ගැනීම සඳහා අත් වැසුමක් භාවිතා කිරීමෙන් සතියක් පමණ කල් තබා ගන්න පුළුවන්..

කිසිසේත්ම වතුර බින්දුවක් වත් නොගෑවෙන්නට වග බලාගන්න..

වීදුරු බෝතලයක දමා හොඳින් මුඩිය වසා තබන්න.. 


සතියකට වඩා කල් තබා ගන්න අවශ්‍ය නම් ශීතකරණයේ තබන්න..


හදලා බලලා රස ගුණ කියන්න..


ස්තූතියි...!

Nadee Christa

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු