function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 කොෆී කේක් රෙසිපිය Skip to main content

කොෆී කේක් රෙසිපිය

 කොෆී කේක් රෙසිපිය



....


කේක් එක හදන්න ඕන කරනවා,,

පිටි 200g

සීනි 200g

බටර් 170g

බිත්තර 3

බේකින් සෝඩා තේ හැඳි 1/2

කොකෝ පව්ඩර් තේ හැඳි 1

කෝපි කුඩු තේ හැඳි 4

වතුර මේස හැඳි 3


හදන්නෙ මෙහෙමයි.

අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න දාන්න. කේක් තැටිය ලෑස්ති කරගන්න.

පිටි එකට කොකෝ පව්ඩර් සහ බේකින් සෝඩා දාලා හලාගෙන තියාගන්න. ටිකක් රස්නෙ වතුරෙන් කෝපි ටික දිය කරගන්න.


බටර් සහ සීනි බීට් කරගන්න විනාඩි තුනක් වගේ. බිත්තර එකතු කරගන්න බීට් කරන්න තත්පර තිහක් විතර. කෝපි ටික එකතු කරන්න. කවලම් වෙනකල් විතරක් බීට් කරගන්න.පිටි එකතු කරගන්න. විස්ක් එකකින් හෝ හැන්දකින් කවලම් කරගන්න. 


ට්‍රේ එකට දාගන්න. අවන් දාන්න විනාඩි 30-35 අතර කාලයක්. අවන් වල වෙනස්කම් නිසා එළියට ගන්න කලින් චෙක් කරලා බලන්න.


-බටර් වල කූල් ගිහින් තියෙන්න ඕන.

-මං ගත්තෙ nescafe කෝපි එක.

-කේක් එක ගොඩක් පාට වෙලා තියෙන්නෙ මං ගන්නෙ තද දුඹුරු සීනි නිසා.

-කේක් එක උඩට මං දාලා තියෙන්නෙ මෙල්ට් කරපු චොක්ලට්. චොක්ලට් චිප්ස් ටිකක් බටර් එක්ක මෙල්ට් කරලා ඒකටම කෝපි කුඩු ටිකකුත් දාලා කවලම් කරලා කේක් එක උඩට දාලා තුනී කරගන්න. නිවුණම ඒක ලස්සනට තියෙනවා.  


රෙසිපිය යූටියුබ් එකෙන්.

හදලා බලන්නකො...❤️

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු