ආහාර සංස්කෘතිය ගැන හැදින්විමක්
ආහාර සංස්කෘතිය ගැන කතා කරනකොට, ලංකාව ඇතුලු ගොඩාක් ආසියාතික රටවල්වල ආහාර පිලියෙල කරගන්න සෑහෙන වෙලාවක් ගතවෙනවා. ප්‍රධාන ආහාර වේල් විතරක් නෙමේ, රසකැවිලි වගේ දේවල් වුනත් එහෙමයි. ඒකට හාත්පසින්ම වෙනස් ආහාර රටාවක් තමා යුරෝපයේ දකින්න තියෙන්නෙ. අද මේ එකතු කරන වීඩියෝ එක හරිම සරල කෑමක් ගැන. මම මේක දැක්කෙ ෆින්ලන්තයේ, තම්පරේ ( Tampere ) Christmas Market එකේදි. මේකෙ තියෙන්නෙ ඇපල් ගෙඩියක්, පොඩි කෝටුවක් වගේ එකක රදවලා, චොකලට්වල ගිල්වලා හදාගන්න සරල කෑමක්. මේක අපි ගෙදරදි හදාගන්නවනම් චොකලට් ඩබල් බොයිල් කරලා ගන්න පුලුවන්. වැදගත්ම දේ, අපි මේකට පාවිච්චි කරන ඇපල්, කඩේකින් ගන්නවනම් ඒකෙ wax coating එක අයින් කරගන්න ඕන. ඒකට සරල ක්‍රම කීපයක්ම තියෙනවා. හොදින් නටන උණු වතුරෙ තත්පර කීපයක් තියලා ගන්න පුලුවන්. එහෙම නැත්තම්, විනාකිරි මිශ්‍ර වතුරේ හෝ දෙහි යුෂ යොදාගෙන වුනත් අපිට wax coating එක අයින් කරගන්න පුලුවන්.
Basically, this dish is made by soaking apples in chocolate sauce. We can double boil chocolate if we prepare this at home. Removing the wax layer from apples is crucial and can be accomplished in a few different ways. To remove the wax simply, place your apples in boiling water for a little while. To dissolve the wax and get rid of bacteria and pesticides, soak apples in a solution of water and vinegar or lemon juice. To remove wax by hand, peel the apples or scrape off the skin.
විඩියෝව නැරබිමට
https://t.me/+TKXBwh9XXldjMzg9
Comments
Post a Comment