මාලු ඩෙවල්
මෙන්න මේ රෙසිපි එකට මාලු ඩෙවල් එකම එක සැරයක් මම කියනවට හදලා බලන්න. ගෙදර අය ඉල්ල ඉල්ල කයි. 🤤
මාලු ඩෙවල් 🌱🌿🌷🇱🇰
සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
✅ පිරිසිදු කර ගත් මාලු 500g ක්
✅ තලා ගත් සුදු ලූනු බික් 4 ක්
✅ කපා ගත් තක්කාලි ගෙඩියකින් බාගයක්
✅ රවුමට කපා ගත් ලොකු මාලු මිරිස් කරල් දෙකක්
✅ කපා ගත් ලොකු ලූනු ගෙඩි 2 ක්
✅ රම්පෙ
✅ කරපිංචා
✅ තලා ගත් එනසාල් 4 ක්
✅ පොඩි කුරුඳු කෑල්ලක්
✅ කපා ගත්ත අමු මිරිස් කරලක්
සෝස් එක සාද ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :
✅ සීනි තේ හැඳි 2 ක්
✅ ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
✅ ලුණු කුඩු තේ හැඳි 1 ක්
✅ කෑලි මිරිස් තේ හැඳි 3 ක්
✅ තක්කාලි සෝස් මේස හැඳි 5 ක්
මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය :
✅ කහ තේ හැඳි 1 ක්
✅ ලුණු කුඩු තේ හැඳි බාගයක්
✅ දෙහි ගෙඩියක යුෂ
සාදන ආකාරය :
✅ මුලින්ම පොඩි කප් එකක් අරන් උඩ කියලා තියෙන සෝස් එක හදා ගන්න ඕනි කරන දේවල් ටික දාලා සෝස් එක හදා ගන්න.
✅ ඊට පස්සේ ලොකු බෝල් එකක් අරන් ඒකට මාළු ටික දාලා මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා කෑලි කැඩෙන්නෙ නැති වෙන්න හොඳට කලවම් කරගෙන විනාඩි 20 ක් විතර ෆ්‍රිජ් එකේ යට කොටසේ තියලා තියන්න.
✅ ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා මාලු ටික හොඳට රන්වන් පාට වෙනකං අඩු ගින්දරේ බැද ගන්න.
✅ මාලු ටික බැදුනට පස්සේ පෑන් එකේ තියෙන තෙල් වලින් තෙල් හැඳි 2 ක් ඉතුරු වෙන්න ඉතුරු තෙල් ටික අයින් කර ගන්න.
✅ ඊට පස්සේ පෑන් එකේ ඉතුරු උන තෙල් ටිකට මුලින්ම රම්පෙ, කරපිංචා, සුදු ලූනු, තක්කාලි, ලොකු ලූනු, මාලු මිරිස්, තලා ගත් එනසාල්, පොඩි කුරුඳු කෑල්ලක් එකතු කරලා තෙම්පරාදු කරන්න. ( ගොඩාක් වෙලා තෙම්පරාදු කරන්න එපා. ලූනු, මාලු මිරිස් එකතු කරලා තප්පර 30 ක් විතර තෙම්පරාදු කරාම ඇති.)
✅ ඊට පස්සේ මේකට අමු මිරිස් එක්ක අර හදා ගත්ත සෝස් එක එකතු කරලා හොඳට කලවම් කරන්න.
✅ ඊට පස්සේ මේකට බැද ගත්ත මාලු ටික එකතු කරලා හොඳට කලවම් කරලා විනාඩියක් විතර ලිපේ තියලා මාලු ඩෙවල් එක හදලා ගන්න.
✅ ඔන්න ඉතින් ලේසියෙන්ම රසට මාලු ඩෙවල් එක හදලා ඉවරයි.
ඔයාලටත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰
මේ වගේම තව රසම රස රෙසිපි ගැන දැන ගන්න මගේ පේජ් එක ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න..😘
✍️ ෂහිනි සිල්වා
SHAHI'S_kitchen
2025.03.29
📌 මෙම පෝස්ට් එකෙහි සියලුම හිමිකම් මා සතුය.මෙය share කිරීමට පමණක් කාරුණික වන්න. මෙහි ඇති ඡායා රූප , ආහාර වට්ටෝරු හා තොරතුරු අනවසරයකින් උපුටාගැනීම , විකෘති කර පල කිරීම , දිය සලකුණු ඉවත් කිරීම හා වෙනස් කිරීම , වෙනත් පුද්ලයන්ගේ නම් හා දිය සලකුණු සමග පල කිරීම සපුරා තහනම්.

Comments
Post a Comment