function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 වැලි තලප Skip to main content

වැලි තලප

අවුරුදු කෑවිලි (03 ) පැණි පාටට රසට වැලිතලප වැලි තලප එහෙමත් නැත්නම් සවු දොදොල් කියන්නේ අපි හරිම අසාවෙන් කන්න කැමති කෑමක්. මේ විදිහට වැලි තලප ලග එන අවුරුදු මේසයට ඔයාටත් හදලා තියන්න පුලුවන්.. අවශ්‍ය ද්‍රව්‍ය; කැකුළු හාල් පිටි - 500g ( කඩේ තියන හාල්පිට් වලින් හදන්න පුලුවන් ) සීනි - 450g පොල් හිනියට ගාගත් - 180g උකු පොල් කිරි - කෝප්ප 01 කොටා ගත්ත කරදමුංගු, එනසාල් ටිකක් ලුණු - තේ හැඳි 02 Click Here to Continue සාදන ක්‍රමය; * පොල් හිනියට ගාගත් ටිකයි පිටි ටිකයි එකට දාලා පොඩි කැටි වගේ වෙනකන් කලවම් කර ගන්න. * මේ මිශ්‍රනය වේලිලා වගේ තියනවානම් වතුර ටික ටික ඉහ ඉහ කැටි හදා ගන්න. * පොඩියට කැටි හදාගත්තට පස්සේ මේ ටික ස්ටීමර් එකකට දාගන්න. පිටි ටික ස්ටීමර් එකට දාද්දි තද වෙන්න දාන්න එපා. එතකොට මැද ටික තම්බෙනවා අඩු වෙනවා. * මේ පිටි ටික විනාඩි 35ක් 45ක් විතර ලිපේ තියලා හොඳට තම්බා ගන්න. * තම්බා ගෙන ඉවර උනාට පස්සේ අයෙත් මේ පිටි ටික හොඳට පොඩි කර ගන්න. * ඊළගට පැණි ටික හදා ගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම සීනි ටිකක් තාච්චියකට දාලා හොඳට තද පාට වෙනකන් උණු කර ගන්න. * සීනි ටික හොඳට තද පාට වෙලා බුබුළු දානකොට ඒකට උණු වතුර ටිකක් දාගන්න. * දැන් ඉතුරු සීනි ටිකයි තව උණු වතුර ටිකකුයි දාගන්න. * සීනි ටික හොඳට දිය උනාට පස්සේ ලුණු ටිකයි පොල් කිරි ටිකයි දාන්න. * පොල් කිරි ටික හොඳට රත් වෙනකන් දිගටම හැඳි ගාන්න. මේ අතරතුරේදී කොටාගත්ත කරදමුංගු ටිකත් දාගන්න. * පැණි ටික හොඳට බුබුළු දාන්න පටන් ගත්තාට පස්සේ පැණි එකෙන් කොටසක් අයින්කර තබාගෙන. (පෑනි ටිකක් අයින් කරන්නේ වැලිතලප මිශ්‍රනයට පෑණි වැඩිවෙන්න පුලුවන් කියලා හිතලා සහ මදි පාඩුවක් උනොත් ගන්නයි... නැත්නම් වෙන හදන කැවිලි වර්ගයකට ගන්නත් පුලුවන්) දැන් ඉතිරි පැණි ටික පිට්ටු ටිකත් එක්ක මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරන්න. * වැලි තලප මිශ්‍රනේ වතුර ගතිය අඩු වෙලා ටිකක් ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බාගන්න. * දැන් අපි මේ ටික තැටියකට හෝ කෙසෙල් කොළයක් උඩට හරි දාලා හොඳට පැතලි කර ගන්න ඕනේ. * පැතලි කර ගත්තට පස්සේ මේ වැලි තලප ටික ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.. 📌 හැමදාමත් වගේ කියන්නේ. කෙනාගෙන් කෙනාට සහ ඔයා ඉන්න ගම් පලාත අනුව පොඩි පොඩි වෙනස් කම් වෙන්න පුලුවන්.. එක නිසා ඔයා හදන විදියත් පහලින් කමෙන්ට් කරන් යමු තව කෙනෙක්ට දැන ගන්න...

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු