function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 සිරිකත කැන්දන බෙලි 🫒 ================= Skip to main content

සිරිකත කැන්දන බෙලි 🫒 =================

 සිරිකත කැන්දන බෙලි 🫒

=====================


" බඩ යනකොට බෙලි කනවා - බෙලි කනකොට බඩ යනවා " යන පැරණි කියමන ඔබ අසා ඇති.


අමු සහ ඉදුණු බෙලිගෙඩි වල ඇති ප්‍රතිවිරුද්ධ ගුණ නිසා මෙසේ කියා තිබේ.


බෙලි ගසේ සෑම කොටසකම ඖෂධීය ගුණ පවතී.

ආම දෝෂයක් හෝ වෙනත් හේතුවක් නිසා බඩ බුරුල්ව මළ පිටවන විට අමු බෙලි ආහාරයට ගැනීම සුදුසු වන අතර,

මළබද්ධය ඇති අයට සුදුසු වන්නේ ඉදුණු බෙලි මදයි.


දිනකට කිහිප වරක් මල පිටවන ග්‍රහණි රෝගයේදී ( Irritable bowel syndrome ) බෙලි ගැට මද තම්බා බීම ගුණයි.


එසේම බෙලි ගැට කුඩා කැබලි වලට කපා අව්වේ වේලා හෝ කබලේ බැද කුඩු කර තබා ගෙන, තේ හෝ කෝපි වෙනුවට පානයක් ලෙස පාවිච්චි කිරීම මගින් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව කර ගැනීමට  එය උපකාර වෙයි.


එසේම නිතර මළබද්ධය පවතින අයට එයට නිසි ප්‍රතිකාර නොකල හොත් ක්‍රමයෙන් "අර්ශස්" වැනි රෝග ඇති විය හැකියි.

ඉදුණු බෙලි ආහාරයට ගැනීමෙන් මළ පිටවීම පහසු කරයි. මළබද්ධය දුරු කරයි.

ශරීරයට බලය ලබා දෙයි.

අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති අයටද මෙය ඉතා ගුණදායකයි.


මෙවැනි වටිනා ගුණ නිසා බෙලි ගෙඩිය "ශ්‍රීඵල" නමින්ද හදුන්වයි.


නිතර ශරීරයේ දහඩිය දුගද පවතින අයට  නෑමට පැය බාගයකට පමණ පෙර බෙලිකොල ඇගේ අතුල්ලා නෑමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.

බෙලි කොල තම්බා බීමෙන් රුධිර ගත සීනි මට්ටම අඩු කර ගත හැකිය.


එසේම ලේ කෝප වීමෙන් හට ගන්නා ශරීර දාහය, මුත්‍ර දාහය, මලබද්ධය, ඇගේ කැසීම ඇති අයට බෙලි මල් තම්බා බීමද ඉතා යහපත්ය.


හැකි සෑම නිවසකම බෙලි ගසක් වැවීමට හැකි නම් බොහෝ රෝග සුව කර ගැනීමට මෙන්ම නිරෝගී බව පවත්වා ගැනීමටත් එය ඉවහල් වනු ඇත. 


හසනි ලේල්වල 

ආයුර්වේද වෛද්‍ය නිලධාරි 

BAMS ( University of Colombo )

Pg diploma in Ayurveda surgery (University of Kelaniya )

Certificate in Yoga & relaxation techniques (University of Kelaniya )

Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු