සුදු කවුපි වඩේ
සුදු කවුපි වඩේ
පරිප්පු වඩේ වලට වඩා කවුපි වඩේ හරිම රසයි ඔන්න.
කවුපි අඹරද්දි කොටස් දෙකකට අඹරන්න.එක කොටසක් හොදටම අඹරා ගන්න.අනිත් කොටස ටිකක් ඇට සහ කෑලි ඉතිරිවෙන විදිහට අඹරා ගන්න.
අවශ්‍ය දේ
🧆 රැයක් පොගවාගත් රතු කව්පි 100g
🧆 රතුළූනු ගෙඩි 4 ක් හෝ රටළූනු ගෙඩි බාගයක් පොඩියට කපාගෙන
🧆 අමු මිරිස් කරල් 2 පොඩියට කපාගෙන
🧆 කරපිංචා ටිකක් පොඩියට කපාගෙන
🧆 රස අනුව ලුණුකුඩු
🧆 කෑලි මිරිස් තේ හැන්දක්
🧆 කැමති නම් සූදුරු සහ ගම්මිරිස් ටිකකුත් දාගන්න
🧆 පොල්තෙල්
සාදන අයුරු
🌿මුලින්ම කව්පි ටික ඉහත කි ලෙස අඹරා ගන්න.
🌿දැන් අනෙක් කලමනා ටිකත් අඹරාගත් කව්පි මිශ්‍රණයට එකතු කරන්න
🌿 පොඩි කොටසක් අරන් බෝලයක් හදලා අතෙන් තද කරලා පැතිලි කරලා බලන්න
🌿 සාමාන්‍ය වඩේ හදන විදිහට බෝල හදලා අතෙන් තද කරලා පැතිලි කරන්න.නැත්නම් බැදිමේදි මැද හරියට බැදෙන් නැති වෙන්න පුළුවන්
🌿දැන් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බදින්න.ගින්දර මධ්‍යම ප්‍රමානයට තියා ගන්න
🖐️කට්ටියම එන්න කව්පි ව්ඩේ කලා ☕☕☕☕ බොන්න .





Comments
Post a Comment