function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 පරිප්පු වඩෙි Skip to main content

පරිප්පු වඩෙි

 හෝව්.. හෝව්.. කොහෙද මේ කලබලේන් යන්නේ. ඔහොම චුට්ටක් නැවතිලා මෙන්න මේ රෙසිපි එකත් බලලම යන්න ළමයෝ. 😎


පරිප්පු වඩේ 🧡🍂🪸🇱🇰


රසම රසට ලේසියෙන් ඉක්මනට පරිප්පු වඩ හදන විදිහ බලමුද ? එන්නකෝ එහෙනම්. 


අවශ්‍ය ද්‍රව්‍ය : 


✅  මයිසූර් පරිප්පු 300g  

✅  කපා ගත් ලොකු ලූනු ගෙඩියක් 

✅  පොඩියට කපා ගත් අමුමිරිස් කරල් 3 ක් 

✅  පොඩියට කපා ගත්ත කරපිංචා ටිකක් 

✅  කෑලි මිරිස් කුඩු මේස හැඳි 2 1/2 ක් 

✅  කහ කුඩු තේ හැඳි බාගයක් 

✅  ලුණු කුඩු තේ හැඳි එකක් 


සාදන ක්‍රමය : 


✅  මුලින්ම පරිප්පු ටික හොඳට හෝදගෙන වතුර එකක දාලා  විනාඩි 10 ක් පෙගෙන්න තියන්න. 


✅  විනාඩි 10 කට පස්සේ වතුර ටික පෙරා ගෙන තවත් විනාඩි 5 ක් විතර පරිප්පු ටික  පෙනේරයක දාලා වතුර සීරෙන්න තියන්න. 


✅  ඊට පස්සේ වතුර සීරුන පරිප්පු ටිකෙන් පරිප්පු මේස හැඳි 6 ක් විතර වෙනම අරන් පැත්තකින් තියා ගන්න. 


✅  ඊට පස්සේ අනිත් පරිප්පු ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා ටිකක් කෑලි හිටින විදිහට බ්ලෙන්ඩ්  කර ගන්න. ( වතුර ගතිය වෙනකන් බ්ලෙන්ඩ් කර ගන්න එපා ) 


✅  ඊට පස්සේ බ්ලෙන්ඩ් කරපු පරිප්පු ටිකට අර අරන් තියා ගත්ත පරිප්පු ටික එකතු කරලා  පොඩියට කපා ගත් ලූනු, අමුමිරිස්, කරපිංචා, ලුණු කුඩු, කෑලි මිරිස්, කහ කුඩු දාලා හොඳට අතින් කලවම් කර ගන්න.


✅  ඊට පස්සේ අත් දෙකට තෙල් ටිකක් ගාලා හදා ගත්ත පරිප්පු මිශ්‍රණයෙන් ටික ටික ඔයාලට කැමති හැඩයකට හදා ගෙන ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා ගැඹුරු තෙලේ බැද  ගන්න. ( මේක අනිවාර්යෙන්ම අඩුම ගින්දරේ බැද ගන්න. නැත්නම් මැද අමු වෙනවා ) 


✅  මම හරිම ලේසියෙන්, ඉක්මනට, රසට වඩේ හදන්නේ ඔහොමයි.


ඔයාලටත් මේ විදිහට හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ...🥰


මේ වගේම තව රසම රස රෙසිපි ගැන දැන ගන්න මගේ පේජ් එක ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න..😘


✍️ ෂහිනි සිල්වා 

SHAHI'S_kitchen  

2025.03.25  


📌 මෙම පෝස්ට් එකෙහි සියලුම හිමිකම් මා සතුය.මෙය share කිරීමට පමණක් කාරුණික වන්න. මෙහි ඇති ඡායා රූප , ආහාර වට්ටෝරු හා තොරතුරු  අනවසරයකින් උපුටාගැනීම , විකෘති කර පල කිරීම , දිය සලකුණු ඉවත් කිරීම හා වෙනස් කිරීම ,  වෙනත් පුද්ලයන්ගේ නම් හා දිය සලකුණු සමග පල කිරීම සපුරා තහනම්.


Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු