function redirect() { window.location.href = "https://holmanlokaya12.blogspot.com"; } setTimeout(redirect, 3000); // 3 seconds after clicking Ad https://ironpebbleantecedent.com/j37sf03bk?key=9a9f2a43ce396ed97dad508e2737a175 සිංහල අවුරැදු මාසේට Skip to main content

සිංහල අවුරැදු මාසේට

 මාර්තු මාසෙන් හරි අඩක් ගෙවී ගොස් අවසන් වෙද්දි මේ දින කිහිපයත් ගත වුණු තැන උදා වෙන සිංහල අවුරුදු මාසෙ පිළිගන්න තමයි දැන් නම් සිත මග බලාගෙන ඉන්නෙ...


ඉතින් අවුරුදු නිවාඩුව එනකල් පාසල් යාම් ඒම් එක්කත් වැඩට යන ගමන් එක්කත් කාර්‍යබහුලව තමයි ගත කරන්න වෙන්නෙ. අවුරුදු දවස් ටික නම් මං දැන්මම නිවාඩු දාලා තියෙන්නෙ.. 

එංගලන්තෙ සිංහල අවුරුද්ද වෙනුවෙන් නිවාඩුවක් ලැබෙනවද කියලා ප්‍රශ්ණයක් පැන නගිනවා ඇති සමහර විට,, හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙදි මෙහේ නිවාඩුව ලැබෙන්නෙ පාස්කුව වෙනුවෙනුයි.. මේ වතාවෙත් අප්‍රේල් එකොළොස්වෙනිදා පොඩි අයට සති දෙකක නිවාඩුවක් ලැබෙනවා.. 

ඉතින් ඇත්තටම ඒක දැනෙන්නෙ අවුරුදු නිවාඩුව විදියටම තමයි.. 


මුතු සහ ස්වේත වර්ණයෙන් ඇඳුම් සොයාගෙන සවාරියක් යන්න මට  තාම වෙලාවක් හොයාගන්න බැරි වුණා.. මේ වර්ණයන්ට නම් මගේ ඒ හැටි කැමැත්තක් නැහැ.. පොඩි අයට ඇන්දුවත් කාල බීලා ඉවර වෙද්දි අඳුම් විවිධ වර්ණයෙන් හැඩ ගැන්විලා තියේවි.. 


අවුරුදු කෑම මේසෙට මේ වතාවෙ හදන කෑමබීම ගැන නම් තවම මම හිතුවෙ නැහැ.. කවදත් වගේ ඉඩ ලැබෙන විදියට ගෙදර අනෙක් වැඩ කටයුතුත් එක්ක තමයි කැවිලි පෙවිලි හදාගන්න වෙලාව හොයාගන්න වෙන්නෙ. 

කොහොම උනත් කැවිලි හදන්න, ලස්සනට කෑම මේසෙ පිළියල කරන්න,, අවුරුදු චාරිත්‍ර ඉටු කරන්න හැමදාමත් වගේ හරිම ආසාවක් තමයි මට තියෙන්නෙ.. කැවිලි හදන්න වගේම ගෙදර ඉතුරු වැඩ ටිකත් කරගන්න ගියාම අතිශය කාර්‍යබහුල දවස් කිහිපයක් තමයි පසු කරන්න වෙන්නෙ.. නමුත් ඒ හැම රාජකාරියකටම පස්සෙ ටිකක් වාඩි වෙලා කැවිලි මේසෙ ලස්සනට ගත්ත පින්තූර ටික බලද්දි හිතට දැනෙන සතුට තමයි මට නම් වැදගත්ම දේ වෙන්නෙ.. ඉතින් ඒ වෙනුවෙන් කොහොම හරි කටයුතු කරන්න මං මග බලාගෙන ඉන්නෙ.. 

පොඩි දෙන්නා නම් කීයක් හරි ලැබෙන නිසා සතුටින් ඉන්නෙ.. ඒත් එක්කම ගිය වතාවෙ හඳුන්වා දුන්න කැට ගහන සෙල්ලමටත් ඒ දෙන්නා ආසාවෙන් ඉන්නෙ.

අවුරුද්දට තව මාසෙකට ආසන්න කාලයක් තියෙන නිසා ඉස්සරහට බලමු කොහොමද ඒ වෙනුවෙන් සූදානම් වෙන්නෙ කියලා.


මාර්තු මාසෙ මුල් සතියෙදි හරි ලස්සනට අව්ව පායලා සීතලත් අඩුවෙලා ගෙවුණු දින කිහිපය හමාර වෙද්දි ආපහු සීතලත් එක්ක පසුගිය සතියම ගත උනේ.. දැන් නම් ආපහු ඉර අව්ව වැටෙන්න ගන්නවා,, ඒත් උදේම සෙල්සියස් දෙකක් තුනක් වගේ නිසා සීතල වටපිටාවක් තමයි අපිට දකින්න තියෙන්නෙ. දවල් වෙද්දි අව්ව වැටිලා උශ්ණත්වය සෙල්සියස් හතක් අටක් වගේ වෙනවා..


තැන තැන පිපෙන ඩැෆඩිල් මල් වගේම ගේ පිටුපස මගේ පෙයාස් ගහේ නම් පුන්චි දළු දැන් පේන්න තියෙනවා.. ඇපල් ගස් නම් තාමත් වසන්තයට සූදානම් බවක් දකින්න නැහැ.. 


ගෙවුණු දවස් වල කෑමබීම ගැනත් ඉතුරු විස්තරත් පින්තූර බලන ගමන්ම කියවන්නකො...


උද වූ අලුත් සතිය සුභ වෙන්න ඕන හැමෝටම♥️






Comments

Popular posts from this blog

දිව්‍යමය හෙළ ඔසුවක් වන නෙල්ලි ගැන ඔයා මේ දේවල් දැනන් හිටියද?

බිත්තර බනිස් එකක් සමග වදමල් බිම එකක් බොමුද

කොමඩු