බටර් කේක් එක්ක කෝපි
සති අන්තයේ හවසක,,
බටර් කේක් එක්ක කෝපි
බටර් කේක් රෙසිපිය❤️
කේක් එක හදන්න ඕන වෙනවා,,,
පාන්පිටි 300g
බටර් 300g
බිත්තර 5 (300g)
සීනි 250g
බේකින් පව්ඩර් තේ හැදි 2
කිරි මේස හැදි 2
වැනිලා තේ හැඳි 1 1/2
මං හදන්නෙ මෙහෙමයි,,
බටර් සීනි බීට් කරගන්න විනාඩි තුනක් වගේ. ( බටර් වල කූල් ගිහින් තියෙන්න ඕන. සීනි ලොකු කැට නම් ග්‍රයින්ඩ් කරලා ගන්න. සාමාන්‍යයෙන් මං සීනි දාන්නෙ අඩුවෙන් නිසා 150g දාන්නෙ.)
බිත්තර එකින් එක එකතු කරගන්න. ( බිත්තර කිරලා ගන්න. බිත්තර දාලා විනාඩියක් වගේ බීට් කරන්න.)
වැනිලා එකතු කරගන්න. ( මං වැනිලා දාන්නෙ නැති තරම්. ඔයාගෙ වැනිලා එක හොද තත්වයේ එකක්නම් හොද සුවදක් එනවා කේක් එකෙන්.නැත්නම් ඇත්තටම වැනිලා දාන එකෙන් වැඩක් නෑ. වැනිලා දාලා වට දෙකක් කරකැව්වම ඇති)
පිටි ටික ටික එකතු කරගන්න.( පිටි බේකින් පව්ඩර් තුන් පාරක් හලා ගන්න කේක් එක සොෆ්ට් වෙන්න.විස්ක් එකෙන් කවලම් කරගන්න බීට් කරන්න එපා.)
අන්තිමට කිරි මේස හැදි දෙක දාලා කවලම් කරගන්නවා.( මං දාන්නෙ fresh milk. කිරි දාන්න අත්‍යවශ්‍ය නැහැ.)
කේක් එක හැදුව ගමන් අවන් දාන්න. එලියෙ තියාගෙන ඉන්න එපා.
180 සෙල්සියස් වලට විනාඩි දහයක් රත් උන අවන් එකට විනාඩි 35-40 බේක් කරගන්න.
අවන් එකේ මැද රැක් එකේ දාන්න. අවන් වල වෙනස්කම් නිසා යන කාලය පොඩි වෙනස්කම් වෙනවා ඒනිසා විනාඩි 30 ක් වගේ ගියාම පරිස්සමට රැක් එකෙන් පොඩ්ඩක් ඇදල චෙක් කරලා බලන්න.
(මේ රෙසිපියටම සමහර වෙලවට මං ගෙදර තියෙන මුද්දරස්පලන්, කජු වගේ වියලි පලතුරු, නට්ස් එකතු කරනවා. මේ දේවල් ඔක්කොම ගොඩාක් පොඩියට කපා ගන්න. නැත්නම් කේක් එක කපද්දි කැඩේවි. පාන්පිටි වලින් මේස හැන්දක් දාලා හොදට කවලම් කරලා වැඩිපුර තියෙන පිටි ටික ඉවත් කරලා තියාගන්න. කේක් එකට පිටි එකතු කරලා කවලම් කළාට පස්සෙ අන්තිමටම මේ දේවල් එකතු කරලා හෙමිහිට කවලම් කරන්න.)
හදලා බලන්නකො❤️

Comments
Post a Comment