මියන දළු
මේ සැරේ රත්නපුර යද්දි මියන දළු නම් අරන් එනවමයි කියල හිතන් ගියේ.ඉංගිරිය පැන්නට පස්සෙ දිගටම විකුණන්න තිබ්බ.එද්දි මහ වැස්සෙම ගිහින් අරන් ආව.මම පළවෙනි පාරට කෑවේ.මේක හරි රසයි නෙ..ටිකක් කන්කුනුත් වගේ.
අහල තියෙනව ලේ වඩවන්න,දණහිස් රෝග වලට ගොඩක් ගුණයි කියල.හදන විදිත් ගොඩක් තිබ්බ.සමහරු කොස් ඇට දාල,එක්කො පරිප්පු දාල,එක්කො තිබ්බටු දාල උයනවලු.හාල්මැස්සො එක්කත් තෙම්පරාදුවක් පුලුවන්.මම කිරට හැදුවා.තෙල් මුකුත්ම දැම්මෙ නෑ.
මේවයෙ පණුවො ඉන්න නිසා හොඳට බලල පිරිසිදු කරගන්න ඕන.ලුනු වතුරෙනුත් හේදුව මමනම්.
අතින් තමයි කඩන්නෙ.දණ්ඩ අතින් කඩන්න පුලුවන් ගානට වෙනකම් කඩාගන්න ඕන.දණ්ඩෙ මෝරපු හරිය එපා.එහෙම කඩාගෙන ළූනු,සුදුළූනු,උලුහාල්,කුරුඳු පොත්තක්,ගොරක කෑල්ලක්,හීන් කොච්චි හරි නයි මිරිස් හරි,රම්ප කරපිංචා,ලුනු සහ පොල් කිරි චුට්‍ටක් දාල ලිපෙ තියාගන්න.කහ,බැදපු තුනපහ,මිරිස් යන්තම් දැම්මෙ.කලින්පාර කිරි ටික හිඳීගෙන,කොළටික මැළවෙනකොට,ගොරක කෑල්ල අයින්කරා, මිටිකිරි ටික දැම්ම.හිඳෙව්වා..
රසයි..
ඊලගපාර කොස් ඇට හරි තිබ්බටු දාල හරි උයන්න ඕනා🥰🥰



Comments
Post a Comment