රස රහස්
𝑻 𝑖 𝒑 𝑠 ✅
🔥 රස රහස් 🔥
🔺 අද මම ඔයාලට කියන්න යන්නෙ අමුමිරිස් ,කොච්චි වගේ දේවල් කල් තියාගන්න හැටි .
🔺 වෙළෙඳපොළේ මිල අඩු කාලෙට වගේම අපේ වගාවේ අතිරික්තයත් මේ විදියට අපට කල් තියාගන්න පුළුවන් ..
🔺 මුලින්ම අමුමිරිස් වල නැටි ඉවත් කරල හොඳින් සෝදා ගන්න .දැන් පිරිසිදු කපු රෙද්දක් උඩ තුනී කරල හොඳින් තෙත මාත්තු කරගන්න .
🔺 හොඳින් වතුර ගතිය ඉවත් උනාට පස්සෙ ...
🔺 ප්ලාස්ටික් පෙට්ටියක් ගන්න .අඩියට තුනී කපු රෙද්දක් හෝ paper serviette එකක් එලන්න.ඒ මත අමුමිරිස් අතුරන්න.ආයෙ paper serviette එකක්.ඒ මත අමුමිරිස් ..මේ විදියට තට්ටු ..තට්ටු අතුරල උඩින්ම paper serviette එකක් එලල පියනෙන් වහන්න.
🔺 ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තියන්න .හොඳින් තෙත ඉවත් කරල අසුරගත්තොත් මාස තුනක් විතර තියාගන්න පුළුවන් ...
🔻 දැන් බලමු තව ක්‍රමයක් ..
🔺 කලින් වගේම තෙත ඉවත් කරගත් අමුමිරිස් 200 g කට දෙහි බෑයක ඉස්ම සහ ලුණු කුඩු තේ හැන්දක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න .
🔻 දැන් හැන්දකින් අයිස් කියුබ් ට්‍රේ එකකට ටික ටික දාල හොඳට වහල අධි ශීතකරණ කොටසේ තියන්න .හොඳින් හයි උනාට පස්සෙ කැට ටික වෙන් කරගෙන zip lock බෑගයක හෝ ප්ලාස්ටික් පෙට්ටියක දමා අධි ශීතකරණයේ තියන්න .මේ ක්‍රමයට නම් මාස හයකට වඩා තියාගන්න පුළුවන් ..
❤️ ඉතින් .. ඔයාලටත් එහෙනම් අමුමිරිස් මිළ ඉහළ ගියා කියල මීට පස්සෙ නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද ..
✍️ අනූජා ජයවර්ධන
උපුටා ගැනීමකි ස්තුතියි 💗💗


Comments
Post a Comment